පරාශ්‍රොතදාහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පරාශ්‍රොතදාහය යනු, මානවයන්ගේ මුහුණේ දෙපස පිහිටි ප්‍රධාන ඛේට ග්‍රන්ථීන් වන, කර්ණමූල ග්‍රන්ථීන් එකක හෝ දෙකෙහිම හෝ, ඇතිවන්නාවූ ප්‍රදාහයකි. ප්‍රදාහය නිසා අතිශය බහුල ලෙසින් බලපෑමට ලක්වන ඛේට ග්‍රන්ථිය වන්නේ පැරොටිඩ් ග්‍රන්ථියයි.

හේතූන්[සංස්කරණය]

බෝවෙන පරාශ්‍රොතදාහය[සංස්කරණය]

උග්‍ර බැක්ටීරියාමය පරාශ්‍රොතදාහය: බොහෝ විට ඇති වන්නේ, ස්ටැෆිලොකොකස් ඕරියස් වෙතින් වන බැක්ටීරියාමය ආසාදනයෙන් වුවද, ඕනෑම සහයෝජී බැක්ටීරියාවක් මගින් එය ඇති විය හැක. [1]

බහිර්පුප්ඵුසීය ක්ෂයරෝගය ලෙසින් පරාශ්‍රොතදාහය: ක්ෂයරෝගය ඇති කරන මයිකොබැක්ටීරියාව විසින් පරාශ්‍රොතදාහය ආසාදනයද ඇති කළ හැක. විස්තාරණයවූ, මෘදුනොවන, හා මධ්‍යස්ථ ලෙසින් වේදනාදෙන ග්‍රන්ථීන්, ආසාදිතයන් සතුව තිබිය හැක. රෝග විනිශ්චය සිදුකරන්නේ, දර්ශීය ලය විකිරණ රේඛක, රෝපණ නිර්ණයන්, හෝ ග්‍රන්ථිය ඉවත් කළ පසු සිදු කෙරෙන පටක විද්‍යාත්මක රෝග විනිශ්චය තුලිනි. රෝගය විනිශ්චය කොට සහ ක්ෂයරෝගය වළක්වන බෙහෙත් ලබා දුන් කළ, මාස 1–3 දක්වා කාලයකදී ග්‍රන්ථිය සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි.[1]

උග්‍ර වයිරසීය පරාශ්‍රොතදාහය (කම්මුල්ගාය): පරාශ්‍රොතදාහය සඳහා වඩාත් බහුල වයිරසීය හේතුව කම්මුල්ගාය වෙයි. නිත්‍ය එන්නත්කිරීම් තුලින් කම්මුල්ගාය ඇතිවන වාර ගණන ඉතා පහළ මට්ටමක පවත්වාගෙන යයි. දින දහයක පමණ කාලයකදී, කම්මුල්ගාය, එය විසින්ම සුව කර දෙයි.

HIV පරාශ්‍රොතදාහය: සාමාන්‍යකෘත ලෙසින් වසා ගැටිති ඉදිමුම එච්අයිවී ආසාදනයකදී දක්නට ලැබුනද, විශේෂීත ස්ථානගත ලෙසින් පැරොටිඩ් (කර්ණමූල) ග්‍රන්ථීන් විස්තාරණය වීම (ඉදිමුම) ඇති වීම එතරම් ප්‍රකට නොවේ [උපහරණ ඇවැසිය].

ස්වයං ප්‍රතිශක්ති හේතූන්[සංස්කරණය]

මේවා සාමුහිකව හැඳින්වෙන්නේ, නිදන්ගත විරාමීය පරාශ්‍රොතදාහය හෝ නිදන්ගත ස්වයං ප්‍රතිශක්ති පරාශ්‍රොතදාහය ලෙසිනි.

ෂෝග්‍රන්ගේ සින්ඩ්‍රෝමය: ඛේට ග්‍රන්ථීන්ගේ උග්‍ර ඉදිමුම, ෂෝග්‍රන්ගේ සින්ඩ්‍රෝමය ලෙසින් හැඳින්වෙන ස්වයං ප්‍රතිශක්ති රෝගයක් හෝ විය හැක. අවුරුදු 40–60 වයස්ගත පුද්ගලයින් අතර මෙම රෝගය සාමාන්‍යයෙන් ඇතිවුවද, කුඩා දරුවන් විෂයයෙහිද මෙය ඇතිවිය හැක. ෂෝග්‍රන්ගේ සින්ඩ්‍රෝමයෙහිදී, පරාශ්‍රොතදාහය පැවතීම පිළිබඳ ගැහුණු හා පිරිමි අතර අනුපාතය, දළ වශයෙන් 9:1 වෙයි. සම්බන්ධිත කර්ණමූල ග්‍රන්ථිය, ඉදිමීම දක්නට ලැබෙන අතර විටෙක මෘදු බවක් දක්වයි. මෙයට හේතුව නොදනී. බොහෝවිට මෙම සින්ඩ්‍රොමයෙහි ලක්ෂණ ලෙසින්, ඇස්වල, මුඛයෙහි, නාසයේ, යෝනි මාර්ගයේ සහ සමෙහි අධික වියලි බවක් ඇතිවෙයි.[1]

මීකුලිච් රෝගය: ක්ෂයරෝගය, ලියුකේමියාව, හෝ වෙනයම් හඳුනාගතහැකි රෝගයක් නොවන, කර්ණමූල ග්‍රන්ථියේ ඕනෑම ඉදිමුමක් සඳහා යල්පැනගිය නම මෙය වෙයි.

ගොඩ්වින්ගේ වසාගැටිතිමය තුවාලය: ෂෝග්‍රන්ගේ සින්ඩ්‍රෝමයේ පටක විද්‍යාත්මක ලක්ෂණ සහිත පරිගත ගෙඩියක්, බොහෝවිට මෙය සමග ඇතිවෙයි. මෙම නාමකරණයද භාවිතයෙන් ගිලිහී ඇත.

අවහිරය[සංස්කරණය]

ප්‍රධාන කර්ණමූල ග්‍රන්ථි නාලය හෝ එහි ශාඛා හෝ අවහිරවීම, බොහෝවිට උග්‍ර පරාශ්‍රොතදාහයේ ප්‍රාථමික හේතුවක් වන අතර, මෙය නිසා ද්වීතියික බැක්ටීරියාමය අත්‍යාසාදනය නිසා තවදුරටත් ඉදිමුම ඇතිවෙයි. ඛේටාශ්මයක්, ශ්ලේෂ්මල ඇබයක්, හෝ, ඉතා විරල වශයෙන්, සාමාන්‍යයෙන් මෘදු ගෙඩියක් වෙතින්, මෙම අවහිරය ඇතිවිය හැක. ඛේට නාල අශ්මය ලෙසින් හැඳින්වෙන, ඛේටාශ්ම, ප්‍රධාන වශයෙන් කැල්සියම් වලින් තැනී තිබුණද, කිසියම් ආකාරයක කැල්සියම් ව්‍යාබාධයක් එමගින් නොහැඟේ.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 [1] ටෙම්ප්ලර් ජේඩබ් , එම්ඩී, කන, නාසය හා උගුර පිළිබඳ මහාචාර්ය, කොළොම්බියාවේ මිසූරි විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය. පැරටයිටිස්: ඕවර්විව්, සම්ප්‍රෙව්ශය 03/04/2009
"https://si.wikipedia.org/w/index.php?title=පරාශ්‍රොතදාහය&oldid=266438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි