පරමාණු ක්‍රමාංකය
රසායන විද්‍යාවේ දී හා භෞතික විද්‍යාවේ දී පරමාණුක ක්‍රමාංකය ලෙසින් හදුන්වනුයේ පරමාණුක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවයි. මෙය ප්‍රෝටෝන අංකය ලෙසද හදුන්වනු ලැබේ. එය සාම්ප්‍රදායිකව නිරූපණය කරනුයේ Z නම් සංකේතයෙනි. රසායනික මුලද්‍රව්‍යයකට මෙම පරමාණුක ක්‍රමාංකය එහි පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානය.
පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය අතර ආසන්න සම්බන්ධතාවයක් ඇත. ස්කන්ධක්‍රමාංකය ලෙසින් හදුන්වනුයේ පරමාණුක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවයි.
ආරම්භයේ දී පරමාණුක ක්‍රමාංකය භාවිතා කරන ලද්දේ ආවර්තිතා වගුවේ යම් මුලද්‍රව්‍යයක් පිහිටිය යුතු ස්ථානය ඇගවීම සදහාය. දිමිත්‍රි මෙන්ඩලීෆ් විසින් දන්නා මුලද්‍රව්‍ය ඒවායේ පරමාණුක භාරය වැඩිවන අනුපිළිවෙලට සකසා සමාන රසායනික ගුණ සහිත මුලද්‍රව්‍ය කණ්ඩායම් වලට බෙදන ලදී. කෙසේ වුවත් මුලද්‍රව්‍ය ඒවායේ පරමාණුක භාරයන් පදනම් කර ගෙන පමණක් පෙළ ගැස්වීමෙන් නොගැලපීම් කිහිපයක්ම පැන නැගිනි. අයඩීන් හා තෙලුරියම් ඒවායේ පරමාණුක භාරයන් අනුව පෙළ ගැස් වූ විට යම් නොගැලපීමක් පෙන්නුම් කළ අතර ඒවායේ ස්ථානයන් හුවමාරු කළ විට රසායනික ගුණ අතින් වඩා සුදුසු පිළිවෙලකට පවතින බව පෙන්නුම් කෙරිණි. එබැවින් මුලද්‍රව්‍ය ඒවායේ රසායනික ගුණ අතින් ඉතා හොදින් ගැළපෙන අනුපිළිවෙලට සකස් කොට ඒවා ස්ථාන ගත කළ විට වගුව තුළ ඒවා දරන අංකය ඒවායේ පරමාණුක ක්‍රමාංකය විය. මෙම අංකය පරමාණුවේ ස්කන්ධය සමග බන්ධුතාවයක් පෙන්නුම් කළද,
1913 දී හෙන්රි ග්වයින් ජෙෆ්රි මොස්ලි විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් පසුව මෙම මුලද්‍රව්‍යයන්ගේ අනුපිළිවෙල පිළිබදව පැන නැගී තිබු විෂමතාවයන්ට අවසානයේ දී පැහැදිලි කිරීමක් සිදුකෙරීය. මුලද්‍රව්‍යයන්ගේ X කිරණ විවර්තන වර්ණාවලි අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බව සොයා ගත් මොස්ලි ආවස්ථිතා වගුවේ නිවැරදි ස්ථානයන්හි මුලද්‍රව්‍ය ස්ථාන ගත කරන ලදී. මුලද්‍රව්‍යයක න්‍යෂ්ටියේ විද්‍යුත් ආරෝපණය හෙවත් ප්‍රෝටෝනවල ආරෝපණය එම මුලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකයන්ට අනුරූප වන බව මෙයින් නිර්ණය කරන ලදි. පරමාණුක ක්‍රමාංකය පරමාණුවේ අඩංගු ප්‍රෝටෝන හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වේ. තවද ප්‍රෝටෝන ධන ආරෝපිත වන අතර ඉලෙක්ට්‍රෝනය සෘණ ආරෝපිතය.
රසායනික ගුණ
එක් එක් මුලද්‍රව්‍ය වල න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන ගණන සැලකිල්ලට ගත් කල ඒවාට විශේෂිත වු රසායනික ගුණ රාශියක් ඇත. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියමයන් පදනම් කරගනිමින් පරමාණුවක න්‍යෂ්ටියේ ආරෝපණයෙන් එහි ඉලෙක්ටෝන වින්‍යාසය පැහැදිලි කළ හැක. එක් එක් මුලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන කාක්ෂික වල ආකෘතිය ඒවායේ රසායනික බන්ධන ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධක වේ.
නව මුලද්‍රව්‍ය
නව මුලද්‍රව්‍ය පිළිබද ගවේෂණය සෑමවිටම විස්තර කරනුයේ ඒවායේ පරමාණුක ක්‍රමාංකය භාවිතයෙනි. 2007 වසර මුල් කාලය වන විට මෙසේ පරමාණුක ක්‍රමාංකය 118 (117 බැහැරව) වන තෙක් මුලද්‍රව්‍ය සොයා ගෙන ඇත. බැර මුලද්‍රව්‍ය පරමාණුක ඉලක්ක කොට ගෙන අයන මගින් ඒවා විචර්ෂණය කිරීමෙන් නව මුලද්‍රව්‍ය සංස්ලේෂණය කර ගනී. ෙමහිදී ඉලක්ක මුලද්‍රව්‍යයෙත් අයන ලෙස භාවිතා කළ මුලද්‍රව්‍යයේත් පරමාණුක ක්‍රමාංකයවල ඓක්‍යය නව සංස්ලේෂිත මුලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකයට සමාන වේ. පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම පරමාණුවේ අර්ධ ආයු කාලය අඩුවේ.