පන්කුලිය සමාධි බුදු පිළිමය

විකිපීඩියා වෙතින්

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට බෙහෙවින් සමානකම් ඇති පන්කුලිය සමාධි බුදු පිළිමය පන්කුලිය ප්‍රදේශයේ අශෝකාරාම පුද බිමෙහි වැඩ සිටී. මෙහි ආරක්ෂාවට ගල් කුළුණු මත පිහිටි වහලක් සහිත ගොඩනැගිල්ලක් තිබූ බවට නටඹුන් පමණක් ඉතිරිව ඇත. පිළිම‍ගෙට ඇතුල්වන පියගැට පෙළ ඉදිරියෙහි සඳකඩ පහනක් හා අලංකාර මුරගල් දෙකක් නටඹුන් අතර ඉතිරිව ඇත‍. මේ වන විට පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා කොන්කීට් කණු මත වහලයක් තනා පිළිම වහන්සේට ආවර්ණය සලසා තිබේ. පිළිමගෙයි වටපිටාවෙහි නටඹුන්ව ඇති ගල් කණු වලින් සෑදූ ඉතා අලංකාර ගොඩනැගිලි, පොකුණු හා අනෙකුත් නටඹුන් අනුව මෙය තාපසිකාරාමයක්ව පැවති බවටද සාධක ඇත.

පුරාවිද්‍යාඥයන්ගේ මතය අනුව මෙය කි. ව. 9-10 වන සියවසට පමණ අයත් විය යුතු බව පිළිගෙන ඇත. මෙම නිර්මානය ඩොලමයිට් පාෂාණයෙන් කර ඇති අතර කලාකරුවා විසින් ඉතා දක්ෂ ලෙස මෙහිද කරුණාව, මෛතිය, දයාව ආදී ගුණාංගයන් ඉස්මතු කරමින් සමාධිගත ශාවයද පෙන්වීමට උත්සාහ දරා ඇත‍. මෙහි උස අඩි 6 අඟල් 9 ක් වේ. පළල අඩි 6 ක් වේ.

මේවාද බලන්න[සංස්කරණය]