පද්ධති මෘදුකාංග

විකිපීඩියා වෙතින්

පද්ධති මෘදුකාංග යනු පරිඝනක දෘඪාංග මෙහෙයවිමට නිර්මාණය කල මෘදුකාංගයි. මේවා අනෙකුත් යෙදවුම් මෘදුකාංග ක්‍රියාත්මක විමට අවශ්‍ය පසුබිම සකසා දේ.ප්‍රධාන වශයෙන් පද්ධති මෘදුකාංග වර්ග 3කට බෙදිය හැකි ය. 1.මෙහෙයුම් පද්ධති 2.උපයෝගීතා මෘදුකාංග 3.භාෂා පරිවර්තක

මුලික පද්ධති මෘදුකාංග වර්ග[සංස්කරණය]

  • ෆර්ම්වෙයා (Firmware) සහ බයෝස් (BIOS) වැනි ඩිවයිස් ඩ්‍රයිවර් (Device drivers) මෘදුකාංග පරිගණකය හා සම්බන්ධ දෘඪාංග වල මුලික ක්‍රියාකාරකම් පාලනය කරයි.
  • මෙහෙයුම් පද්ධති පරිඝනකයේ මතකය සහ දෘඪ තැටි අතර දත්ත හුවමාරුව සහ ප්‍රතිඵල ප්‍රතිදාන උපාංග හරහා භාවිතා කරන්නා වෙත ලබාදිම සිදුකරයි.

උදා:මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,මැක් OS X,ලිනක්ස්

  • ස'වර්ස් (servers) මෙම මෘදුකාංග අනෙකුත් මෘදුකාංග වලින් ඉල්ලුම් කරනා පරිඝනනයන් සහ දත්ත ලබාදීම මෙම මෘදුකාංගයෙන් සිදුකෙරේ.මෙම මෘදුකාංග අනෙකුත් මෘදුකාංග සමඟ එම පරිඝනකයේම හෝ ජාලය තුල වෙනත් පරිඝනකයක හෝ ස්ථාපනය කර තිබිය හැක.
  • යුටිලිටි මෘදුකාංග (utility software) මේවා පරිඝනකයේ ක්‍රියාකාරිත්වය විශ්ලේශණය කිරිමට,ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනිමට සහ නඩත්තු කටයුතු වලට උපකාරි වේ.
  • වින්ඩෝ පද්ධති (window systems), මේවා ග්‍රැෆික් උපාංග,මුසිකය සහ යතුරු පුවරුව. ක්‍රියාකිරිමට මුලික අඩිතාලම සලසයි. සාමාන්‍යයෙන් මවුස් කර්සරය පරිඝනක තිරය මත දර්ශනය කරන්නේ වින්ඩෝ පද්ධතියක් මඟිනි.

ඇතැම් ප්‍රකාශන, පද්ධති මෘදුකාංග යන පදය මෘදුකාංග ක්‍රමාලේඛණයෙදි භාවිතා කරන මෘදුකාංග හැඳින්විමටද යොදා ගනි.

"https://si.wikipedia.org/w/index.php?title=පද්ධති_මෘදුකාංග&oldid=492740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි