පතරොම (මැසිම)

විකිපීඩියා වෙතින්

ඇදුම් මැසීමේ දී හා විලාසිතා නිර්මාණයේදී නිදර්ශණයක් යනු යම් ඇඳුමකට සමාන වෙනත් ඇදුම් නිපදවීමේදි පිටපත් කිරීම සදහා යොදා ගන්නා මුල් ඇදුම හෝ රෙදි කැපීමට හා එකලස් කිරීමට පෙර ඇදුමේ කොටස් අදාල රෙදි කැබැල්ල මතට පිටපත් කිරීම සදහා යොදා ගන්නා කඩදාසි හෝ කාඩ්බෝඩ් පතෝරම් වේ. (සමහරක් විටදී කඩදාසි නිදර්ශක ලෙස හැදින්වේ)

නිදර්ශන නිර්මාණය හෝ නිදර්ශණ කැපීම යන නිදර්ශන නිර්මාණය කිරීමේ කලාවයි. විවිධ මෝස්තර විශාල ප්‍රමාණයක් සදහා නිදර්ෂණ නිපද විය හැකි මූලික නිදර්ශක ස්ලෝප හෝ බ්ලෝක් ලෙස හදුන්වනු ලැබේ.

ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම්[සංස්කරණය]

ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම්.

ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් සාමාන්‍යයෙන් ටිෂූ කඩදාසි මත මුද්‍රණය කර මැසීම් උපදේශ හා රෙදි සඳහා වූ යෝජනා ඇතුළත් පැකට්ටු තුළ විකුණනු ලැබේ. නූතන රටා මිළ, ප්‍රමාණය, විලාසිතා හා මැසීමේ දක්ෂතා මට්ටම්වලින් විවිධ පරාසවලින් මිළ දී ගත හැකි අතර එමඟින් පාරිභෝජකයන්ගේ අවශ්‍යතා ඉතා හොඳින් ඉටු වේ.

ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් ශ්‍රේණිගත කර ඇත. එනම් ඒවා මුල් නිපැයුමට වඩා විශාල හා කුඩා ප්‍රමාණවලට ගැ‍ළපෙන පරිදි නැවත ඇඳ ඇත. එබිනෙසර් බටරික් ශ්‍රේණි කරන ලද ගෘහස්ථ මැසීම් සඳහා භාවිතාකරන පතරොම් වල වානිජමය නිෂ්පාදනය 1963 දී හඳුන්වා දෙන ලදී. (වික්ටෝරියන් මැහුම්කරුවන් විසින් භාවිතා කරන ලද ශ්‍රේණි කරන පද්ධතියක් මත පදනම්ව) එහිදී ඔවුන් විසින් පිරිමි හා ළමා ඇඳුම් සඳහා අතින් අඳින ලද රටා විකුණන ලදී. 1866 දී බටරික් කාන්තා ඇඟළුම් සඳහා ද රටා නිපදවන ලද අතර වර්තමානයේ ගෘහස්ථ මැසීම් රටා‍වෙළඳ පොළෙහි හදවත ලෙස පවතින්නේ එයයි.

වර්තමානයේ ගෘහස්ථ මසන්නෙකුට ඇයගේ ශරීර මිනුම් හා ශරී‍රයේ හැඩයට‍අනුව සකසා ගත හැකි පරිගණකගත රටා සපයන යෙදුම් ද ඇත. 3D තාක්ෂණය මඟින් ගෘහස්ථ මසන්නෙකුට අදාල ඇඳුම නිම කළ එය පැලදීමෙන් පසු දිස්වන ආකාරය ඇඳුම මැසීමට පෙරම දැක බලා ගැනීමට අවස්ථා ලබා දෙයි. මෙය කාලය මෙන්ම අවශ්‍ය පරීක්ෂක ඇඳුම් ගණන අඩු කරයි.

රටා නිර්මාණ ග්‍රන්ථ[සංස්කරණය]

රටා නිර්මාණ ග්‍රන්ථ යනු විවිධ ඇඳුම් නිපදවීම සඳහා උපදෙස් හා සටහන් ඇතුළත් උපදෙස් මැනුවලයකි. ඒවා මූලිකවම ඇත්තේ පුද්ගලික හා අධ්‍යාපනික කටයුතු උදෙසාය.

භාවිත (Custom) ඇඳුම් නිර්මාණකරණය සඳහා භාවිතාකරන පතරොම්[සංස්කරණය]

භාවිත ඇඳුම් නිර්මාණකරණය සඳහා භාවිතාකරන පතරොම් නිර්මාණ ක්‍රම 3න් එකක් බොහෝ විට සේවයේ යොදවයි. තල රටා ක්‍රමය ආරම්භ වන්නේ ප‍තොරමක නිර්මාණයත් සමඟය. එය පලඳින්නාගේ මිනුම්වලට අනුව තනන ලද ආභරණ - කර උඩුකය ඇඳුම් හා පටු සාය සඳහා වූ මූලික රටාවයි. මෙම පතොරම් සාමාන්‍යයෙන් බර අඩු කාඩ්බෝඩ් හෝ ටැග් බෝඩ් මඟින් නිපදවන අතර එහි විලාසිතා විස්තර ඇතුළත් නොවේ. ටොයිල්ස් (UK) හෝ මස්ලින්ස් (US) ලෙස හඳුන්වන ආදර්ශ ඇඳම් පැලදුම් මාලාවක් සකස් කිරීම තුළින් පතොරමේ හැඩය ස්ථිර කරගත් පසු එය බොහෝමයක් රෙදි පිළි විලාසිතා සඳහා කර, අත් හා එවැනි දේ වෙනස් කරමින් විවිධ රටා නිපදවීම සඳහා යොදා ගත හැක.

කටු සටහන් ක්‍රමය බහුලව භාවිතා වන්නේ පිරිමි රෙදි පිළිවලදීය. එයට විවිධ සරල රේඛා හා වක්‍ර යොදා ගෙන අදාල රටාව ඍජුවම රටා පත්‍රය මතට සටහන් කිරීම ඇතුළත් වේ. එය ඔබගේ දැන ගැනීම සදහා ප්‍රයෝජනවත් වේ.

රටා පැළඳවීමේ (Draping) ක්‍රමය වඩා සිත් ගන්නා හා ආවේණික සැලසුම් සඳහා යොදා ගන්නා අතර ඒවා තල රටා ක්‍රමය මඟින් සිදු කර ගැනීම අපහසු වේ. එයට ඇඳුම් ආකාරයක් මත ඍජුවම අදාල රෙද්ද සවි කර මස්ලින් ආදර්ශ රටාවක් නිපදවා ඉන් පසුව එය කඩදාසි රටාවක් මතට පිටපත් කිරීම හෝ අදාල නිර්මාණය කරන ලද මස්ලින් එකම රටාවක් සේ යොදා ගැනීම ඇතුළත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පතරොම_(මැසිම)&oldid=464992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි