පණිභාරත

විකිපීඩියා වෙතින්


.=== එස්. පණිභාරත මහතා ===. 1920 පෙබරවාරි 24 වන දින හතර කෝරළයේ අල්ගම මැදගමදී මෙතුමා මෙලොව එළිය දුටුවේය. හෙතෙම “පාණිස්” නම් විය. තම බාප්පා වූ අල්ගම කිරිගණිත ගුරුතුමන්ගෙන් උඩරට නර්තන ශිල්පය ඉගෙන ගැනීම ආරම්භ කර එහි ප්‍රවීණත්වයට පත් විය. උඩරට නර්තනය පමණක් නොව පහතරට, සබරගමු යන නර්තන සම්ප්‍රදායන්හිද බෙර වාදනයෙහි ද අති දක්ෂයකු වූ මෙතුමා බලි යාගය මුර්ති හා චිත්‍ර කලාව, සංගීතය ප්‍රගුණ කර ඉතා කෙටි කලකින් දක්ෂතා පෙන්විය.

කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ බිරිඳ වූ චන්ද්‍රලේඛා මහත්මියගේ බෙර වාදකයා ලෙස 1931 දී භාරතයට ගිය ගමනින් මෙතුමාගේ සිත තුළ නර්තනය පිළිබඳ වූ අදහස් බලවත් විය. එහිදී භාරතයේ විද්වතුන්ගෙන් එතුමා ප්‍රශංසා ලැබීය.

1944 දී ශිෂ්‍යත්වයක් ලැබ ශාන්ති නිකේතනයට ගිය මෙතුමා එහිදී කථකලි, මණිපුරි ඇතුළු බොහෝ ඉන්දීය නර්තන සම්ප්‍රදායන් ප්‍රගුණ කළේය. ඊට අමතරව මෘදංගම්, පක්වාජ්,කෝල් වැනි භාණ්ඩ හදාරා ඇත. භාරතයේදී රවින්ද්‍රනාත් තාගෝර්තතුමාගේ ගීත නාටකවල රඟපෑමේ අවස්ථාව ලබාගත් මෙතුමා එහිදී විශේෂ ප්‍රසංශාවට පාත්‍ර වේ. ලංකාවට විශේෂ ගෞරවයක් ගෙන නැවත පැමිණි මෙතුමාට “ පණිභාරත” ගෞරව නාමය ලැබුණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ හා මීරිගම ජේෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරු තනතුරත් රජයේ ලලිතකලා ආයතනයේ විදුහල්පති ධූරයත් දැරීම සහ මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද මෙතුමා කටයුතු කර ඇත.

1952 වසරේ මෙතුමා රජයේ ලලිතකලා ආයතනයේ විදුහල්පති ධූරයටත් ඉන්පසු රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විශ්වවිද්‍යාලයේ විදුහල්පති ධූරයටත් පත්විය. පසුව කැලණිය විශ්ව විද්‍යාලය අනුබද්ධ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ නර්තන අධ්‍යයන අංශයේ ප්‍රධාන ධූරය එවකට හොබවන ලදී.

වසර 31 කට වැඩි කාලයක් සේවය කළ පණිභාරත මහතාට 1991 දී කැලණිය විශ්ව විද්‍යාල ආයතනයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

   

  • ගොයම් කැපීමේ නැටුම
  • නාරිලතා නැටුම
  • මොණර නැටුම
  • දඩයක්කාරයාගේ රංගනය
  • පොරපොල් පිටිය
  • ග්‍රහ අපලය
  • ගම්මානේ මල් පිපිලා
  • බතේ උපත                                  ආදී මුද්‍රා නාට්‍ය මෙතුමා බිහි කර ඇත.

සිකුරු තරුව, කුරුළු බැද්ද, අශෝකා වැනි චිත්‍රපටවල නර්තන නිර්මාණ තුළින් ද මෙතුමාගේ නිර්මාණශීලි හැකියාව විදහා දැක්වීය. තම දත් ශිල්පය තුළින් විශාල ගෝල පරම්පරාවක් ද මෙතුමා අතින් බිහිවිය. පණිභාරතයන් විවිධ සම්මාන ලබාගනිමින් ශ්‍රී ලංකාවට ලබා දුන් කිර්තිය අපමණ ය.

"https://si.wikipedia.org/w/index.php?title=පණිභාරත&oldid=510377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි