පග්

විකිපීඩියා වෙතින්
(පග් සුනඛ විශේෂය වෙතින් යළි-යොමු කරන ලදි)
පග්
උපත් ලද රට ජර්මනිය
විශේෂ ලක්ෂණ
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)

පග් යනු රැලි වැටුන කෙටි හොම්බකින් යුත් මූණක් සහ වටකුරු වූ වලිගයක් සහිත කුඩා ශරීරයක් ඇති සුනඛයෙකි. විවිධ වර්ණ වලින් එන කදිමට ඔප වැටුන ලොම් පග්ලට හිමිව තිබේ. නමුත් බොහෝවිට එය පඩුවන් හෝ කලුපාට දරයි. තවද හොදින් වැඩුණු මාංශ සහිත හතරස් දේහයක් මොවුන් දරයි. පග්ස්ලා ගෙනවිත් ඇත්තේ චීනයෙන් යුරොපයට 16 වෙනි සියවසෙහිය.එහිදි අපරදිග යුරෝපයේ උන් වඩා ප්‍රසිද්ධ විනි. විශේෂයෙන්ම ‘ඔරේන්ජ් නිවසෙන්’ සහ ‘ස්ටුචර්ටිගේ නිවස[1] මගින් මොවුන් වඩා ප්‍රචලිත විනි. පග්ස්ල 21 වෙනි සියවස දක්වා සමහර කීර්තිමත් අයිතිකරුවන් හේතුවෙන් ප්‍රසිද්ධව පවති. 2004 ලෝක සුනඛ ප්‍රදර්ශනයේදී හොදම සුනඛයා ලෙස පග් සුනඛයෙකු තේරී පත් වුණි.

විස්තර කිරීම[සංස්කරණය]

A black pug puppy.
කළු පැහැති කුඩා පග් සුනඛයා
A fawn pug puppy.
දුඹුරු පැහැති කුඩා පග් සුනඛයා

කායික ලක්ෂණ[සංස්කරණය]

18වන සියවසහි මුද්‍රණයන්හි විස්තර කිරීම් වලට අනුව පග්ස්ලා දිගැති හා කෙට්ටු වුවත්;[1] නව උපදින ප්‍රජාව මහත හතරස් හැඩයක් ගන්නා අතර හොදින් ඇසිරුණු ශරීරයක්, ගැඹුරු පපු පෙදෙස සහ හොදින් වැඩුණු මාංශ පේශි [2] සහිත වේ. මොවුන්ගේ සුමුදු සහ මට සිලුටු ආවරණය පඩුවන් පැහැයක් ගන්නා අතර අප්‍රිකොට් පඩුවන් පැහැය, රිදි පඩුවන් පැහැය හෝ කලු පැහැය[2] විය හෑකිය. කලු පැහැති ඉරක සලකුණක් හිසෙහි පිටුපස සිට වලිගය [2]දක්වා දිව යනවා හොදින්ම දැකිය හැකිය. වලිගය සාමාන්‍යයෙන් ඉනට උඩින් වකුටු වී තිබෙන අකාරය දැකිය හැකිය.

පග් සුනඛයන්ට එකිනෙකට වෙනස් වූ හැඩයෙන් යුත් කන් වර්ග 2ක් පවතී. එනම් "රෝස්" සහ "බට්න්ස්" ය. "රෝස්" කන් "බට්න්ස්" කන් වලට වඩා කුඩා වන අතර ඒවායෙහි ඉහල කොන හිසට එරෙහිව පිහිටන පරිදි නැමී පවතී. අභිජනනය සඳහා "බට්න්ස්" කන් ඇති සුනඛයන් යොදා ගැනීම බහුලව සිදුවේ.[3]

පග් සුනඛයන්ට ඉතා ශක්තිමත් ඍජුව පිහිටන, මධ්‍යම ප්‍රමාණයේ දිගක් සහිත සහ හොඳින් ස්ථාන ගත වූ පාද හිමිවී ඇත. මොවුන්ගේ උරහිස් මඳක් පිටුපසට නැඹුරු වී ඇත. මොවුන්ගේ වළලුකර ශක්තිමත්ය, පා අඩි කුඩාය, පා ඇඟිලි හොඳින් වෙන්වී ඇති අතර නිය කළු පැහැ වේ.[2] මොවුන්ගේ යටි ඇන්දේ පිහිටි දත් උඩු ඇන්දේ දත් වලට වඩා ඉදිරියට නෙරා පවතී.[4]

හැසිරීම් ස්වභාවය[සංස්කරණය]

මෙම වර්ගය 'මල්ටම් ඉන් ප්රාඉවො' එනම් ‘කුඩා දෙයක් තුල විශාල යමක්’ ලෙස විස්තර කෙරේ. පග්ස්ලාට ඇඟට සාපේක්ශව [4] විශාල පෞරුශයක් තිබෙන බව එමගින් කියවේ. මොවුන් ශක්තිමත් කලාතුරකින් ආක්‍රමණශීලි එමෙන්ම කුඩා ළමුන් සහිත පවුල් වලට වඩාත් සුදුසු වර්ගයකි. බහුතරයක් මොවුන් කුඩා ළමුන් සමග ඉතා හිතවත් වන අතර ඔවුන් සමග ක්‍රීඩා කිරීමට තරම් ශක්තිමත්ය. අයිතිකරුගේ ස්වභාවය අනුව මොවුන් නිශ්ශබ්දව සන්සුන්ව සිටීම හෝ ක්‍රියාශීලීව[5] සිටීම සිදුවේ.

ඉතිහාසය[සංස්කරණය]

විලියම් හොගර්ත් පග් සුනඛයෙකු සමඟ 1745.
එකටරිනා මිට්‍රෙව්නා ගොලිසිනා කුමරියගේ පිළිරුවක් (1759)
පග් බල්ලකගේ සිතුවමක් 1802,

චීන සම්භවය[සංස්කරණය]

විස්තරාත්මකව ඔප්පු කිරීමට නොහැකි වුවත් මෙම සුනඛ විශේෂය 16 වන සතවර්ෂයේදී චීනයෙන් යුරෝපයට ආනයනය කරන ලද සුනඛ විශේෂයෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. මෙම වර්ගයට බොහෝ සමාන සුනඛ විශේෂයක් සෝන්ග් දිනස්ටි වකවානුවේදී ප්‍රසිද්ධව සිටි බවට සාක්ෂි පවතී.[6]

16 සහ 17 වන ශතවර්ෂ[සංස්කරණය]

මෙම සුනඛ විශේෂය යුරෝපීය අධිකරණ වලද ප්‍රසිද්ධියක් උසුලන ලද අතර, වාර්තාගතව පවතින පොම්පෙය් නැමති සුනඛයා ඔරේන්ජ් හි කුමාරයාගේ ඝාතකයා පිලිබඳ දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමත් සමඟ මෙම සුනඛ විශේෂය ඔරේන්ජ් වාසලෙහි නිළ සුනඛ විශේෂය ලෙස පත්කරන ලදී.[4]1688 දී 3වන විලියම් කුමරා සහ 2වෙනි මේරි කුමරිය නෙදර්ලන්තය අතහැර එංගලන්තයේ සිහසුන භාර ගැනීම සඳහා යන විට මෙම විශේෂයට අයත් සුනඛයෙකු ඔවුන් සමඟ ගිය බව වාර්තා වේ.[1] මෙම කාලවකවානුව තුලදී පැරණි චාල්ස් ස්පනියල් රජු සමඟ මෙම සුනඛ විශේෂය අභිජනනය කරවා ඇති බවට විශ්වාසයක් ඇති අතර වත්මන් චාල්ස් ස්පනියල් රජු මෙම සුනඛ ලක්ෂණ පෙන්නුම් කරන බවට මතයක් පවතී..[7]

මෙම අභිජනනය කාලයත් සමඟ අනෙකුත් යුරෝපීය රටවලද ප්‍රසිද්ධියක් උසුලන ලදී. ස්පාඤ්ඤයේ ගෝයා නැමති කලාකරුවා විසින් මෙම සුනඛ විශේෂය චිත්‍රයට නගන ලද අතර,ඉතාලියෙහි මෙම සුනඛයන් පැන්ටලූන්ස් නමැති කලිසම් වර්ගයෙන් සහ ජැකට්ටුවකින් තම පුහුණුකරුට ගැලපෙන අයුරින් හැඩ ගන්වා පුද්ගලික වාහන වල ගෙනයන ලදී.තවද මෙම සුනඛ විශේෂය සතුන් සහ මිනිසුන් හඳුනාගැනීම සඳහා හමුදා කටයුතු වලදී යොදාගෙන ඇති අතර ආරක්ෂාව සඳහාද මොවුන් යොදා ගන්නා ලදී.[1]

18 වන ශතවර්ෂයේ සිට වත්මන් කාලය දක්වා[සංස්කරණය]

ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියකු වූ විලියම් හොර්ගන්, පග් සුනඛ පරම්පරාවට ඉතා ලෙන්ගතුව සිටි අයිතිකරුවා විය.1945 දී නෙලන ලද දැනට ලන්ඩනයේ "ටේට්" ගැලරියේ පවතින ඔහුගේ ස්වයන් ප්‍රතිමාවේද "ට්‍රම්ප්" නමැති පග් සුනඛයා ඇතුලත් වී ඇත.[8] පග් සුනඛයා ඉතාලියේද ඉතා ප්‍රසිද්ධව සිටි සුනඛයෙකි. පියෝසි මහත්මිය ඇයගේ ජර්නලයේ, "කුඩා පග් සුනඛයන් ලන්ඩනයේ සිට පැඩෝව නගරය දක්වා පැමිණ ඇතැයි මට සිතේ. මෙහි මට හමුවන සෑම කුලිරථයක් තුලම පග් සුනඛයෙකු දැකීමට පුළුවන." "[9]යැයි සඳහන් කර තිබුණි. 18 සියවස තුලදී පග් සුනඛයාගේ ප්‍රසිද්ධිය ප්‍රංශය දක්වා පැතිරී ගියේය. ජොසපින් මහත්මිය නැපෝලියන් බොනපාට් විවාහ කර ගැනීමට පෙර "ලෙස් කාර්ම්ස් " සිරකුටියෙහි රඳවා සිටින සමයේ තම පවුල වෙත "ෆොර්චුන් " නම් පග් සුනඛයා මාර්ගයෙන් රහස් පණිවිඩයක් යවා ඇති බව සඳහන් වේ..[10]

වික්ටොරියා රැජිනගෙ අනුග්‍රහය යටතේ 19 වන සියවසේදී එන්ගලන්තය තුල මෙම වර්ගය වැජඹුනේය. ඇය විසින්ම ඇති කරන ලද පග්ස්ලා ඇයට සිටි අතර ඔලිගා, පෙඩ්රෝ්, මින්ක්, ෆෑටිමා, සහ වෙනුස් ද ඒ අතර වේ. [1]1873 දී "ඇමරිකන් කෙනල් සංගමය" ඇති වීමට ඇයගේ සම්බන්ධය උපකාර විය[1]. වික්ටෝරියා රැජිනගේ ප්‍රසාදය වැඩිපුරම හිමි වුයේ "අප්‍රිකෝට්" සහ "පඩු" පැහැති සුනඛයන්ටය. වික්ටෝරියා රැජිනගේ පග්ස් කෙරෙහි තිබුන ඇල්ම පසුව රජ පවුලේ අනෙක් සාමජිකයන් වෙතටද යොමු විය. ඇයගේ මුනුබුරු පස්වෙනි ජෝජ් රජු[11] සහ ඔහුගේ පුතු අටවෙනි එඩ්වඩ් රජුද ඒ අතර විය.18 සහ 19 වෙනි සියවස් වල චිත්‍ර හා කැටයම් වල පග්ස්ලාගේ පාද සහ නාසය දැනට වඩා දිගු පෙනුමක් දරයි.නවීන පග්ස්ලගේ පෙනුම වෙනස් වන්නට ඇත්තේ 1860දි චීනෙන් ගෙනා පග්ස්ල හේතුවෙන්ය.[4][1] ඔවුන්ට තිබුනේ කෙටි පාද සහ නව-පන්නයේ පග්ස්ලට ඇති නාසයන්ය. 1886 දි ඇය විසින් චීනෙන් කලු පැහති පග්ස්ලා ගෙනවිත් උන්ව විලාසිතාවක් බවට පත්කල නිසාවෙන් ඉංග්‍රීසි කුල කාන්තාවක් වූ බ්රේ සි ආර්යාව ඉංග්‍රීසි සම්මානයට පත්‍ර වේ. ඇය පග්ස්ලගෙ කන් විදීම නිති විරෝධී බව 1895 දි ප්‍රකාශයට පත් කළාය.[12]

A fawn pug and a black pug looking up.
වත්මන් කාලයේ පග් සුනඛයන්

19වන සියවසේදී පග් සුනඛයන් එක්සත් රාජධානියට ආගමනය වූ අතර ගෘහාශ්‍රිත හා ප්‍රදර්ශන සත්වයෙකු ලෙස ප්‍රචලිත විය.[1] 1885 දී "ඇමරිකන් කෙනල්" සංගමය මඟින් මෙම විශේෂය හඳුනාගන්නා ලදී. ඇමරිකාවේ පවතින පග් සුනඛ සමාජ ශාලාව 1931දී පිහිටුවන ලද අතර එම වර්ෂයේදීම "ඇමරිකන් කෙනල්" සංගමය මඟින් එය හඳුන්වා දෙන ලදී.[13] 2004 දී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවති ලෝක සුනඛ ප්‍රදර්ශනයේදී හොඳම සුනඛයා ලෙස තේරී පත් වුයේ "ඩබල් ඩී සිනෝබ්ලුස් මස්ටර්ජිස්" නමැති පග් සුනඛයාය.[14]

සෞඛ්‍ය ගැටළු[සංස්කරණය]

මෙම බල්ලන්ට දිග හොම්බක් නැති වීම නිසා සහ අස්ථිමය නළල කෙළවරක් නැති වීම නිසා ඇසි පිය ඉදිරියට නෙරා ඒම , සුදු ඉංගිරියාව සීරීම සහ ඇසි පිය ඇතුලට නැමීම යන තත්ව වලට නැඹුරු වීමේ අවදානම වැඩිය[1]. එමෙන්ම ඔවුන්ට කෙටි ශ්වසන මාර්ග පිහිටීම නිසා ශ්වසන අපහසුතා ඇති වීම හෝ දිවේ හති දැමීම මගින් දහඩිය වශ්පීකරණයෙන් කෙරෙන උෂ්ණත්ව යාමනය අකාර්යක්ෂම වීම සිදුවේ. ඔවුන්ගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය 101 °F (38 °C) සහ 102 °F (39 °C) අතර වේ. මෙම උෂ්ණත්වය 105 °F (41 °C) දක්වා වැඩි වුව හොත් ඔක්සිජන් අවශ්‍යතාව අධික ලෙස වැඩි වීම සහ ක්ෂණික සිසිලනය අවශ්‍යවේ. ශරීර උෂ්ණත්වය 108 °F (42 °C) ට වඩා අඩු වීමෙන් ඉන්ද්‍රියන් ක්‍රියාකාරිත්වය අඩපන වීම සිදු විය හැකිය.[15]

ඔවුන් ව්‍යායාම වලින් තොර ජීවිතයක් ගෙවීම නිසා ස්ථුල බවට පත් වීමට හැකිය. [16] එය නිරතුරු කෙරෙන ව්යායාම හා සෞඛ්ය ආරක්ෂිත අහාර පාන මගින් වලක්වා ගත හැකිය. සාමාන්ය ආයු කාලය වසර 11ක් පමණ වේ. [17]

සාමාන්‍ය තත්වයන්[සංස්කරණය]

රැලි වැටුන කෙටි හොම්බකින් යුත් මූනක් පග් සුනඛයන්ට පවතී.

පග් වර්ගයේ සුනඛයින් කෙටි හොම්බක් සහිත අනෙකුත් සුනඛයින් මෙන් දිග් වූ තල්ලක් සහිත සත්ව කොට්ඨාශයකි. උද්වේගකර අවස්ථා වලදී ඔවුන් ආපිට කිවිසුම් යැවීමට නැඹුරුතාවයක් දක්වන අතර එවිට අපහසුවෙන් හෝ වේගයෙන් ප්‍රශ්වාස ආශ්වාස කිරීම සිදුකරයි. පශු වෛද්‍ය විද්‍යාත්මකව මෙය ෆරන්ජියල් ගැග් රෙෆ්ලෙක්ස් ලෙස අතර එය සුනඛයින්ගේ උඩු තල්ල ප්‍රදේශයේ දියරමය දේ හෝ ඝනමය කැබලි සිරවීමෙන් ශ්වසනය සීමාවීම නිසා උද්ගත වන තත්වයකි. මෙය සාමාන්‍යයෙන් හානිකර තත්වයක් නොවන අතර උගුර ප්‍රදේශය සම්භාහනය කිරීම හෝ නාසය ආවරණය කිරීමෙන් මුඛයෙන් ස්වසනය සිදු කිරීමට සැලැස්වීම මඟින් මඟ හරවා ගත හැකි තත්වයකි.[18]

අක්ෂි ප්‍රපතනය පග් සුනඛයින් අතර සහ අනෙකුත් මෙම ඛණ්ඩයට අයත් සුනඛ වර්ග අතර දැකිය හැකි රෝග ලක්ෂණයකි. මෙය හිසෙහි නැතිනම් ගෙලෙහි ඇතිවන කම්පන තත්වයක් නිසා හෝ සුනඛයාගේ ගෙල වටා පළඳවන යදමක් හෝ රැහැනක් නිසා උද්ගත විය හැක.[19] සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී සුනඛයාගේ ඇස නැවත කෙවෙනි තුලට යැවීම පශු වෛද්‍ය වරයෙකුගේ අනුදැනුම යටතේ සිදුකල හැකිවන අතර මෙම තත්වය දරුණු වූ අවස්ථා වලදී සුනඛයා ශල්‍යකර්මයකට භාජනය කිරීමට හෝ ඇස සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවේ.[20]

පග් සුනඛයින්ගේ මුහුණ බෙහෙවින් රැලි සහිත වන අතර එම රැලි අතර සම නිතර පිරිසිදුව තබා ගැනීම සිදුකල යුතු වේ. මක්නිසාද යත් එතුල විෂබීජ,රෝගකාරක රැඳීමෙන් අසාධන ඇතිවිය හැකි වන බැවිනි.[21]

නමින් හැඳින්වෙන සුනඛයාගේ ජගණ කෙවෙනියේ ඇතිවන අසාමාන්‍යතාවය මෙම සුනඛයින්ගෙන් 67%ක පවතින බව "ඕතොපෙඩික් ෆවුන්ඩේශන් ෆොර් ඇනිමල්ස්" ආයතනය මඟින් කරන ලද සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. මෙහිදී සමීක්ෂණයට බඳුන් වූ 157ක් වූ සුනඛ වර්ග අතරින් පග් වර්ගය මෙම තත්වයට ගොදුරු වීමේ සුලභතාවය දෙවන තැන හිමිකර ගනී.[22]

පග් සුනඛයින් ඩිමොඩෙක්ටික් මැනේජ් තත්වයට වැඩිපුරම ගොදුරුවන සුනඛ වර්ග කිහිපය අතරින් එකක් වන අතර ඩිමොඩෙක්ස් නමින්ද මෙම තත්වය හැඳින්වේ. මෙම තත්වය ඇතිවන්නේ සම මතුපිට සිටින පරපෝෂිත මකුණන් සුනඛයාගේ ප්‍රතිශක්තිය දුර්වල වූ අවස්ථා වලදී හානිදායක වීම මඟිනි. මුලදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර බරපතල හානිදායක තත්වයක් ඇති නොකරයි. පහසුවෙන් සුවකළ හැකිවේ.නමුත් ඇතැම් අවස්ථාවලදී වැඩි නැඹුරු තාවයක් දක්වන සුනඛයින්ට අවයව,පද්ධති වලට සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් හට බලපාන හානිදායක තත්ත්ව පවා ඇතිවිය හැක.[23] මෙම අහිතකර තත්වයට ගොදුරු වීමට ඇති නැඹුරුතාව ප්‍රවේණිකව සම්ප්‍රේෂණය වන ලක්ෂණයක් බව විශ්වාස කෙරේ. එනිසා මෙම රෝග ලක්ෂණය සහිත සුහුඹුල් සුනඛයන් ප්‍රජනිතයින් ලෙස භාවිත කිරීමෙන් වැලකි සිටී.[24] බී.බී.සී. මඟින් පවත්වාගෙන යනු ලැබූ පරික්ෂණාත්මක වාර්තාමය අධ්‍යනයකට අනුව පෙළපත් සුනඛයින් අතර වෙසෙසි අන්තර් අභිජනනයෙන් ලැබූ 10000ක් පග් සුනඛයින්ගේ ජාන කීටුව එම සුනඛයින් අතර සිටින ඒකෛකික සුනඛයින් 50ස දෙනෙකුගේ ජාන කීටුවට සමාන වන ලෙස අභිජනනය සිදුකොට ඇති බව තහවුරු වී ඇත.[25]

බරපතල තත්වයන්[සංස්කරණය]

අධික බර සහිත පග් සුනඛයෙක්. ව්‍යායාම නොමැති වීමෙන් මොවුන් ස්ථුල වීමේ නැඹුරුතාවක් ඇත.

අස්ථි ක්ෂයවිමේ මෙනින්ජෝඑන්සෙපලයිටිස් රෝගය (එන්.එම්.ඊ.)පග් සුනඛයාට වැළදීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතී. එමෙන්ම පග් සුනඛ එන්සෙපලයිටිස් (පී.ඩී.ඊ. ) ලෙස හඳුන්වන එම රෝගය මඟින් මොලයේ සහ මෙනින්ජිය පටල වල ප්‍රදාහය ඇති කරයි.[26] යෝක්ෂිර් ටියර්, මැල්ටිස් සහ චිහොහෝ වැනි වෙනත් කුඩා සුනඛ වර්ග වලද එන්.එම්.ඊ. රෝගී තත්වය දැකිය හැකිය.[26] ප්‍රවේණිගත රෝගයක් ලෙස සැලකෙන මෙම රෝගය සඳහා තවමත් ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැත.[27] මෙම රෝගී තත්වය හේතුවෙන් බොහෝවිට සුනඛයා මිය යාම හෝ මාස කිහිපයක දිගු නින්දකට වැටීම සිදුවන අතර වයස මස 6 සිට අවුරුදු 7 දක්වා වන සුනඛයන් මේ සඳහා ගොදුරු වීමේ වැඩි නැඹුරුතාවයක් පෙන්වයි.[28]

මොවුන් බ්‍රකිසේෆලික් සුනඛයන් සමඟ අභිජනනය සිදුකරවීම මඟින්ද හෙමිවර්ටිබ්‍රය් (hemivertebrae) [29]සඳහා නැඹුරුතාවක් ඇති කරයි. බ්‍රිටිෂ් බුල් සුනඛයන්ගේ වකුටු වූ වලිගය හෙමිවර්ටිබ්‍රය් (hemivertebrae) සඳහා උදාහරණයක් වේ. නමුත් එය කෝකක (coccygeal) කශේරු ප්‍රදේශයේ හැර කශේරුවේ වෙනත් ප්‍රදේශයක ඇති වූ විට අංශබාගය තත්වය ඇතිවිය හැක. කුඩා පග් සුනඛයා වර්ධනය වන කාලය අතරතුර කශේරුවෙහි කශේරුකා නිසි පරිදි පෑස්සී නොමැති අවස්ථාවන්හිදී මෙම තත්වය හටගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස කශේරුව පවතින අවකාශය අවිධිමත් ස්වභාවයක් ගන්නා අතර, ඒ හේතුවෙන් සුෂුම්නාව මත පීඩනයක් ඇතිවිය හැක.[30]

හාස්‍යය[සංස්කරණය]

2007 මැයි 23 වන දින 'ද අනියන්' නැමති ඇමරිකානු මුද්රමණ සමාගම විසින් අන්තර්ජාලයට එක්කර තිබූ වැරදි ලිපියක් මගින් '07 පග්ස්' නැමති ශීර්ෂය යටතේ පහර ගසා තිබුණි.[31] මෙහිදි පග්ස්ලා හා ඔවුන්ගේ ගතිගුණ වැරදි නිශ්පාදනයක් ලෙස සුනඛ පාලකයන් උපහාසයට ලක් කර තිබුණි.සාක්ෂි වශයෙන් ඔවුන් ගෙනහැර පෑවේ අමැරිකානු පග් සත්ත්ව පලකයන්ගෙ සංගමයෙහි අධ්‍යක්ෂකගේ ප්‍රබන්ධ කවියකි. සුනඛයන් නිසි ක්‍රියාකාරීත්වයක් නොදැක් වීම සම්බන්දයෙන් පග්ස් පාලකයන්ට චෝදනා එල්ල වන අතරම අලුත් පග්ස් සතුන් සන්ධි ඇනහිටීම , අධික ශරිරය රත්වීම, පරිග්‍රහණය, නිධන්ගත ස්වසන මාර්ගික දුබලතා සහ උදවු උපකාර නොමැතිව ලිංගික සංසරණයේ නොහැකියාව යන තත්වයන්ට වඩා වැඩි ගැටලු වලට මුහුන පා සිටී. කෙටියෙන්ම සදහන් කළහොත් නවතම පග්ස් සුනඛයන් කෙසේවත් ජීවී අනුරුවක් ලෙස සැලකිය නොහැකිය."[31]

පග් සුනඛයාගේ ඓතිහාසික සන්වර්ණනයන්[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 Farr, Kendall (1999). Pugs in Public. New York: Stewart, Tabori & Chang, a division of U.S. Media Holdings. ISBN 1-55670-939-0. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. 2.0 2.1 2.2 2.3 "American Kennel Club - Pug". AKC.org. op. cit. සම්ප්‍රවේශය 14 October 2008. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "Ears". Pugs.org. Pug Dog Club of America. සම්ප්‍රවේශය 14 October 2008.
  4. 4.0 4.1 4.2 4.3 "American Kennel Club - Pug History". AKC.org. American Kennel Club. සම්ප්‍රවේශය 19 August 2006.
  5. "Pug Temperament and Personality". PugInformation.org. සම්ප්‍රවේශය 26 December 2009.
  6. Collier, V. W. F. (1921). Dogs of China & Japan, in nature and art. W. Heinemann, London. p. 147. The Lo-chiang dog was a " pai " dog and consequently small, "short-headed," and "short-legged" before A.D. 1000. It was very possibly the Chinese pug and appears to have been fashionable at the Chinese court from the beginning of the eighth century to the middle of the eleventh century possibly even to the removal of the capital from Hsianfu to Peking, about A.D. 1153.
  7. Moffat, Norma. Cavalier King Charles Spaniel: Your Happy Healthy Pet (2nd ed.). Howell Book House. p. 19. ISBN 0-471-74823-4. {{cite book}}: |access-date= requires |url= (help); Cite has empty unknown parameter: |coauthors= (help)
  8. William Hogarth. The Painter and his Pug, 1745. Tate Gallery, London, England. www.tate.org.uk. Retrieved 9 April 2013.
  9. Maggitti, Phil (2000). Pugs: Everything about Purchase, Care, Nutrition, Behavior, and Training. Barron's Educational Series. p. 10. ISBN 978-0-7641-1045-0. සම්ප්‍රවේශය 17 January 2010. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  10. Katharine Macdonogh (August). "Prison Pets in the French Revolution". History Today. 46. {{cite journal}}: Check date values in: |date= (help); Unknown parameter |month= ignored (help)
  11. Royal Collection - The Duke of York holding a pug
  12. "Pugs in Art". The Bulldog Information Library. සම්ප්‍රවේශය 17 January 2010.
  13. Cunliffe, Juliette. "History of the Pug". DogChannel.com. සම්ප්‍රවේශය 26 December 2009.
  14. "Pug Wins World Championship Show". PugNews.com. 20 April 2004. සම්ප්‍රවේශය 26 December 2009.
  15. "Keeping your pug cool during the dog days of summer". OwnedByPugs.com. 18 July 2005. සම්ප්‍රවේශය 26 December 2009.
  16. "Obesity in Pugs". PugInformation.org. සම්ප්‍රවේශය 26 December 2009.
  17. "2004 KC/BSAVA Purebred Dog Health Survey" (PDF). සම්ප්‍රවේශය 4 August 2010.
  18. Lundgrun, Becky (26 June 2006). "Reverse Sneezing (Pharyngeal Gag Reflex)". VeterinaryPartner.com. සම්ප්‍රවේශය 26 December 2009.
  19. Dogs 101 Pug Video
  20. Traumatic eye prolapse සංරක්ෂණය කළ පිටපත 2012-10-09 at the Wayback Machine by Jeff Grognet, D.V.M., B.Sc.(Agr.)
  21. "Pug Health Guide". Pugs.org. op. cit. සම්ප්‍රවේශය 14 October 2008. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  22. "Hip Dysplasia Statistics: Hip Dysplasia by Breed". OFFA.org. Ortheopedic Foundation for Animals. සම්ප්‍රවේශය 14 October 2010.
  23. "Demodex Mange in Pugs". PugVillage.com. සම්ප්‍රවේශය 26 December 2009.
  24. Demodectic Mange in Dogs PetMD Article by T. J. Dunn, Jr., DVM. Retrieved 9 April 2013.
  25. "Pedigree dogs plagued by disease". BBC News. 19 August 2008. සම්ප්‍රවේශය 26 December 2009.
  26. 26.0 26.1 Cynthia M. Kahn, BA, MA, ed. (2010). The Merck Veterinary Manual (10th ed ed.). Kendallville, Indiana: Courier Kendallville, Inc. pp. 1119, 1158. ISBN 0-911910-93-X. {{cite book}}: |access-date= requires |url= (help); |edition= has extra text (help)CS1 maint: multiple names: editors list (link)
  27. "Slide 1". Pugs.org. op. cit. සම්ප්‍රවේශය 14 October 2008. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  28. "Pug Dog Encephalitis". PugPlace.com. සම්ප්‍රවේශය 26 December 2009.
  29. "Hemivertebrae". barkbytes.com. සම්ප්‍රවේශය 14 October 2008.
  30. "Pug Health Management". MyDogBreed.com. සම්ප්‍රවේශය 26 December 2009.
  31. 31.0 31.1 "Dog Breeders Issue Massive Recall Of '07 Pugs". The Onion. 23 May 2007. සම්ප්‍රවේශය 14 October 2008. Issue 43•21.


බාහිර සබැඳුම්[සංස්කරණය]

සැකිල්ල:Chinese dogs සැකිල්ල:Toy dogs

"https://si.wikipedia.org/w/index.php?title=පග්&oldid=592475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි