පංච නීවරණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක.පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබාදෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුද්ධ ධර්මයේ පංච නිවාරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්,

  1. කාමච්ඡන්ද
  2. ව්‍යාපාද
  3. තීනමිද්ධ
  4. උද්ධච්ඡ කුක්කුච්ඡ
  5. විචිකිච්ඡා


පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම නිර්වාණය ළඟා කර ගැනීමද උපකාරී වන සප්ත භොජ්ජංග දේශනා කර ඇත. උදා: ලෙස සංයුක්ත නිකායේ මෙලෙස සඳහන් කර ඇත.

“භික්ෂුණී මනස දූෂණය කරන හා ප්‍රඥාව ළඟා කර ගැනීමට බාධා පමුණුවන නීවරණයන් හෙව් බාධකයන් 5ක් පවතී.ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ,උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා වේ.එසේම භික්ෂුණි නිර්වාණය ළඟා කර ගැනීමට හේතු වන සාධක 7 ක් පවතී. මේවා මනස දූෂණය නොකරයි. බාධාකාරී නොවේ. මේවා දියුණු කළ විට සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වනු ලබයි.එම හත නම්, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන්නයි.”

සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉහත පංච නීවරණ ප්‍රහීණය කරමින් ධ්‍යාන වැඩීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ‍

“මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමච්ඡන්දය ඇත්තේ යැයි තමා තුල ඇති කාමච්ඡන්දය දැනගනී. ඔහු තමා තුල කාමච්ඡන්දය නැත්තේ යැයි තමා තුල නැති කාමච්ඡන්දය දැනගනී. නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමද උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයද, ප්‍රහීන වූ කාමච්ඡන්දයන්හි නැවත නොඉපදීමද ඔහු දැන ගනී.”

ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ සම්බන්ධයෙන්ද ඒ ආකාරයටම පසු ඡේදයන්හි සඳහන් කර ඇත.

කාමච්ඡන්ද[සංස්කරණය]

පංච කාම ලෝකය කෙරෙහි කැමැත්ත හෙවත් ආශාවයි. අභිජ්ඣා , කාමරාග යනු සමාන පදවේ.

ව්‍යාපාද[සංස්කරණය]

අසතුටුදායක, ප්‍රතිවිරුද්ධ අරමුණු ගැන ඇතිකරගන්නා වූ ගැටීමයි. අනෙක් අය පිළිබඳව ඇති ද්වේශ සහගත හැඟීම ප්‍රධාව වේ.

තීන සහ මිද්ධ[සංස්කරණය]

නීවරණ යටතේ එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කර තිබුනද ථීන හා මිද්ධ සැබැවින්ම දෙකකි . ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව අදහස් වෙ.

උද්ධච්ඡ කුක්කුච්ඡ[සංස්කරණය]

මනස සංසුන් කර ගැනීමේ නොහැකියාව හෙවත් නොසංසුන් බව

විචිකිච්ඡා[සංස්කරණය]

දිගට පවතින පදනම් විරහිත සැකය විචිකිච්ඡා නම් නීවරණයයි. මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි.

පංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්[සංස්කරණය]

Table11.JPG

විමුක්ති මඟට අනුව පංච නීවරණයන්වලට බන්ධනයන් / අවහිරයන් 10 ක් ඇතුලත් වේ. කාමච්ඡන්ද යන්නට ඇතුලත් වන්නේ පංච කාමයන්ට ආකර්ෂණය වීමයි. ව්‍යාපාද යන්නට ඇතුලත් වන්නේ කෝපය, වෛරය,ක්‍රෝධය, ද්වේශය යනාදී සිතෙහි විරුද්ධ ස්වභාවයන්ය. තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ ද ඉහත විස්තර කරන ලදී. සැකය යන්නෙන් අදහස් වන්නේ මෝහයෙන් මුලා වූ තත්ත්වයයි. විමුක්ති මඟ මතින් තව දුරටත් තීන හා මිද්ධ වෙන් කොට හඳුනා ගනී. තීන යන්නෙන් මානසික තතත්වය අදහස් වන අතර මිද්ධ යන්නෙන් ආහාර කාලය හෝ මානසික තත්ත්වයන් හේතුකොට ගෙන පැන නඟින කායික තත්ත්වයන් අදහස් වේ. මිද්ධ හට ගන්නේ කෑම හෝ කාලය වීර්යය තුලින් එය හීන කරගත හැක. එසේ නොවේ නම්, කෙනෙකුට එය භාවනාව තුලින් මඟ හරවා ගත හැක. ඊට අමතරව විමුක්ති මඟෙහි සැකයේ ආකාර කිහිපයක් හඳුනාගත හැකිය. ‍

  • තමන් ගැනම පවතින සැකය උසස් ප්‍රඥාව හා සමාධිය ලබා ගැනීමට බාධාවක් වේ.
  • චතුරාර්ය සත්‍ය හා තුන්ලොව පිළිබඳ පවතින සැකය මාර්ගඵල ලැබීමට බාධාවකි.
  • තෙරුවන් කෙරෙහි පවතින සැකය ප්‍රඥාව හා මාර්ගඵල ලැබීමට බාධාවකි.
  • ස්ථාන හා පුද්ගලයින් කෙරෙහි පවතින සැකය ධර්මය කෙරෙහි නොවන දේවල් වලට බාධාවකි.
  • අනුශාසනා / ධර්මයේ ඉගැන්වීම පිළිබඳ මැකය නිවනට බාධාවකි.


ඉහත වගුවේ දැක්වෙන ආකාරයට (සංයුක්ත නිකායේ දැක්වෙන ආකාර‍යට) කෙනෙකුට ඥාන මඟින් හෝ විමුක්ති මාර්ගයට අවතීර්ණ වීම මඟින් එනම් සෝවාන් සකෘදාගාමී, අනාගාමී හෝ අරහත් යන සතරෙන් එක් තත්ත්වයකට පත්වීම මඟින් පංච නීවරණයන් ප්‍රහාණය කල හැකිය.


බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පංච_නීවරණ&oldid=351687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි