නෝ(ර්)ටන්ගේ නියමය

විකිපීඩියා වෙතින්

විද්‍යුත් ජාලයක් සදහා නෝ(ර්)ටන්ගේ නියමයෙන් ප්‍රකාශ කරනුයේ අග්‍ර දෙකක් සහිත ඕනෑම වෝල්ටීයතා ප්‍රභව , ධාරා ප්‍රභව හා ප්‍රතිරෝධ සමූහයක් , R ප්‍රතිරෝධයක් සමග සමාන්තරගත I පරිපූර්ණ ධාරා ප්‍රභවයකට විද්‍යුත් ලෙස සමතුල්‍ය බවයි. ඒක සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ථ ධාරා පද්ධති සදහා ද, ප්‍රතිරෝධ පමණක් නොව සාධාරණ සම්බාධනය ද සලකා නියමය යොදාගත හැකිය. නෝ(ර්)ටන් සමකය , දෙන ලද සංඛ්‍යාතයක දී රේඛීය ප්‍රභව හා සම්භාධන ජාලයක නිරූපණය කිරීමට යොදාගනියි. පරිපථය , පරිපූර්ණ ධාරා ප්‍රභවයකින් හා පරිපූර්ණ සම්බාධනයකින් (හෝ අප්‍රතික්‍රියා පරිපථ සදහා ප්‍රතිරෝධයකින් ) සමන්විත වේ.

නෝ(ර්)ටන්ගේ නියමය , කෙවෙනීන්ගේ නියමයේම විස්තීරණයක් වන අතර 1926 දී වෙන වෙනම පුද්ගලයින් දෙදෙනෙක් : Hause –Siemens හි පර්යේෂක හැන්ස් ෆර්ඩිනෑන්ඩ් මේයර් (1895 -1986) හා Bell Labs හි ඉංජිනේරු එඩ්වඩ් ලොව්රි නෝ(ර්)ටන් (1898 -1983) හදුන්වා දෙන ලදී. මාතෘකාව පිළිබදව ප්‍රකාශනයට පත් කළේ මේ දෙදෙනාගෙන් මේයර් පමණි, නමුත් නෝ(ර්)ටන් තම සොයා ගැනීම Bell Labs හි අභ්‍යන්තර තාක්ෂණික වාර්තා හරහා දක්වන ලදී.


වොල්ටීයතා ප්‍රභව, ධාරා ප්‍රභව හා ප්‍රතිරෝධ පමණක් අඩංගු කෘෂ්ණ පෙට්ටියක් නෝ(ර්)ටන් සමක පරිපථයකට පරිවර්තනය කළ හැක.

නෝ(ර්)ටන් සමක පරිපථයක ගණනය කිරීම්

සමක පරිපථය ගණනය කිරීමට :

1)ප්‍රතිදාන ධාරාව IAB භාරය ලුහුවත් පරිපථයක් අවස්ථාවේදී ගණනය කරන්න. (A හා B අතර ප්‍රතිරෝධය ශූන්‍ය බව අදහස් කරයි) මෙය INO ය.
2)ප්‍රතිදාන වෝල්ටීයතාවය VAB විවෘත පරිපථ අවස්ථාවේදී ගණනය කරන්න. (භාර ප්‍රතිරෝධයක් නැත - අනන්ත ප්‍රතිරෝධයක් හගවයි) මෙම VAB , INO න් බෙදූවිට අගය RNO ට සමාන වේ.

· RNO ප්‍රතිරෝධයකට සමාන්තරගතව INO ධාරා ප්‍රභවයක් යෙදීමෙන් සමක පරිපථය ලැබේ.

දෙවන පියවර ද මේ ආකාරයෙන්ම පහදා ගත හැක.

a දැන් නිදහස් වෝල්ටීයතා ප්‍රභවය ලුහුවත් වූ පරිපථ සමග හා නිදහස් ධාරා ප්‍රභව විවෘත පරිපථ සමග ආදේශ කරන්න.
b රදා පවත්නා ප්‍රභව නොමැති පරිපථ සදහා RNO යනු නිදහස් ප්‍රභව ඉවත් කළ පසු සමක ප්‍රතිරෝධයයි.

සටහන : නෝ(ර්)ටන් සම්භාධනය නිශ්චය කරගැනීමට වඩා සාධාරණ ක්‍රමයක් ලෙස පරිපථයේ ප්‍රතිදාන අග්‍ර ඇම්පියර් එකක ධාරා ප්‍රභවයක් සම්බන්ධ කර එහි අග්‍ර අතර වෝල්ටීයතාව ගණනය කිරීම සිදු කළ හැක. මෙම වෝල්ටීයතාව , පරිපථයේ සම්බාධනයට සමාන වේ. රඳා පවත්නා ප්‍රභව සහිත පරිපථ සදහා මෙම ක්‍රමය යොදා ගත යුතුමය. මෙම ක්‍රමය පහත සටහනේ දක්වා නොමැත.


තෙවෙනින් සමකය පරිවර්තනය කිරීම[සංස්කරණය]

තෙවෙනින් සමක පරිපථයට පරිවර්තනය කිරීම සදහා පහත සමීකරණ යොදා ගත හැක.

නෝ(ර්)ටන් සමක පරිපථය සදහා උදාහරණයක්


සැබෑ පරිපථය

සමක ප්‍රතිදාන ධාරාව ගණනය

සමක ප්‍රතිරෝධය ගණනය කිරීම

සමක පරිපථය

නිදසුනේ සමස්ත ධාරාව Itotal

ධාරාව බෙදීයාමේ නියමය මගින් භාරය හරහා ධාරාව

පරිපථය දෙස නැවත බැලීමෙන් සමක ප්‍රතිරෝධය


එම නිසා මෙහිදී සමක පරිපථය 2kW ප්‍රතිරෝධයකට සමාන්තරගත 3.75mA ධාරා ප්‍රභයවයකි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Norton%27s_theorem

"https://si.wikipedia.org/w/index.php?title=නෝ(ර්)ටන්ගේ_නියමය&oldid=464959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි