නේපාල චිත්‍ර කලාව

විකිපීඩියා වෙතින්
නේපාල සිතුවමක්, ක්‍රි.ව. 1775 පමණ, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
නේපාල සිතුවමක්, කත්මණ්ඩු මිටියාවත, ක්‍රි.ව. 15වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය‍.

නේපාල සිතුවම් කලාව 1850 න් පසුව බටහිර ආභාෂය වැළඳගත් බවට බවට අදහස් කෙරේ. සම්ප්‍රදායික සිතුවම් ශිල්පියෙකුව සිට යුරෝපයේ සංචාරය කිරීමෙන් අනතුරුව සුපුරුදු බ‍ටහිර තාත්විකවාදී සිතුවම් ශිල්පියෙකු බවට පත් වූ භාජුමාන් [චිත්‍රාකර්] ඊට නිදසුනකි. භාජුමාන් හෙවත් භාජුමාචා චිත්‍රාකර් ජුන්ග් බහදූර් රාණාගේ රාජමාලිග චිත්‍ර ශිල්පියාකු විය. ජුන්ග් නේපාලයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමෙන් පසුව 1850 දී යුරෝපයේ සංචාරය කළේ ය. නව අග්‍රාමාත්‍යගේ පිරිවර අතර සාමාජිකයෙකු වූ භාජුමාන් පැරිස් සහ ලන්ඩනයේ ද සංචාරය කළේ ය. නැවත පැමිණීමෙන් පසුව, බටහිර තාත්විකත්ව ආභාෂය හිතූ පරිදිම භාජුමාන්ගේ සිතුවම් වල පැවති අතර එය නූතන නැඹුරුතාවයේ ආරම්භක ලකුණක් විය. භාජුමාන්ගේ යැයි සැළකෙන අත්සන් නොකළ සිතුවමක සම්පූර්ණ වස්ත්‍රාභරණවලින් සැරසුණු ථාපා සෙන්පතියකුගේ රුවක් නිරූපණය වේ.[1] මෙම සිතුවමේ අන්තර්ගතය සාම්ප්‍රදායික නේපාලි සිතුවම් ගුරුකුලයේ සිට බටහිර ආභාෂය ලද ගුරුකුලයට පැමිණීමේ දී සිදුවූ සැළකිය යුතු අපගමනයකට ප්‍රධාන නිදසුනක් ලෙස හැදින්විය හැකි ය. කෙසේනමුත් මෑතකාලීනව සොයාගන්නා ලද රාජ් මන් සිං චිත්‍රකාර් (1797-1865) විසින් සිය අනුග්‍රාහකයා බ්‍රිතාන්‍ය රෙසිඩන්ට් බ්‍රයන් හෆ්ටන් හොඩ්සන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සිතුවම් තුළින් භාජුමාන් චිත්‍රකාර්ගේ ආභාසය ලැබීමට ප්‍රථම නේපාලයේ චිත්‍ර කලාවට ලැබී තිබූ බටහිර ආභාසය පිළිබඳ වටහා ගත හැක.[2]

1900–1950 කාලසීමාව[සංස්කරණය]

භීම්සේන් ථාපාගේ සිතුවම, දීර්ඝා මාන් සිං චිත්‍රකාර් විසිනි. නේපාල ජාතික කෞතුකාගාරය.

1898-1971 කාලයේ තේජ් බහදූර් චිත්‍රකාර් සහ පසුකාලීන 1920 දශකයේ චන්ද්‍ර මාන් සිං මස්කි නම් වූ තරුණ චිත්‍ර ශිල්පීන් දෙදෙනාගේ පැමිණීම නේපාලි චිත්‍ර කලාවේ බටහිර චිත්‍ර කලා සම්ප්‍රදායේ වැදගත් ප්‍රවිෂ්ටයක් ලෙස සැලකේ. ඔවුන් දෙදෙනාම කල්කටාවේ රජයේ කලා පාසලට ඇතුළත්වූ අතර එහිදී ඔවුන් ජීවීන් නිරීක්ෂණය කොට සිතුවම් නිර්මාණය සහ ස්වභාවධර්ම සංකල්පය ඇතුළත් තානික ආටෝපයන්, වර්ණ සහ වඩා වැදගත් වන ආලේපනය සහ නූතන වර්ණ මාධ්‍යයන් වන තෙල් සායම්, දිය සායම්, අඟුරු, පැස්ටල් වැනි මාධ්‍යයන්හි භාවිතය වැනි දෑ ඉගෙන ගන්නා ලදී.[3] මහජනයාට වර්තමානයේ නැරඹීමට අවසර හිමිව ඇත්තේ චන්ද්‍ර මාන් සිං මස්කිගේ නිර්මාණ අතරින් කිහිපයක් සඳහා පමණි. කෙසේනමුත්, ඔහුගේ අනුප්‍රාප්තික මදන් චිත්‍රකාර් විසින් 2004දී රචිත Tej Bahadur Chitrakar - icon of transition නම් ග්‍රන්ථය සහ තේජ් බහදූර් චිත්‍රකාර්ගේ මරණාපර ප්‍රත්‍යාවේක්ෂණයක් වූ 2005දී සිද්ධාර්ථ කලාගාරය විසින් සංවිධානය කළ "Images of a Lifetime: A Historical Perspective"[4] තුළින් නේපාලි සිතුවම් කලාවේ ප්‍රගමනය උදෙසා ඔහුගේ දායකත්වය අවධාරණය කෙරේ. තේජ් බහදූර් චිත්‍රකාර් සම්ප්‍රදායික නේපාලි සිතුවම් කලාවේ ‍මෙන්ම බටහිර ආරේ සිතුවම් කලාව යන ද්විත්වයේම ප්‍රාගුන්‍යය ලැබූ චරිතයක් විය. තම ජීවිත කාලය තුළ තමා සතු දැනුම නැගී එන සිතුවම් ශිල්පීන් රැසකට බෙදා දුන් සමකාලීනව ගුරුවරයෙකු වශයෙන් මොහු හැදින්විය හැක. තේජ් බහදූර් යටතේ ලද අධයාපනය නිසා දිල් බහදූර් චිත්‍රකාර් පැස්ටල් තාක්ෂණ වැනි විවිධ මාධ්‍යයන් ඔස‍්සේ නව මානයන් සොයාගියේ ය. එසේම අමර් චිත්‍රකාර් දිය සායම් සහ තෙල් සායම් චිත්‍ර කලාවේ විශිෂ්ටයකු ලෙස සැලකේ‍.

1950-1990 කාලසීමාව[සංස්කරණය]

1961දී ලේන් සිං බන්ග්දේල් (1919–2002) විසින් නේපාලයට නූතන චිත්‍ර කලාව හඳුන්වා දෙන ලදී. මෙලෙසින් ඔහු පැරීසියේ සිට රැගෙන ආ නූතන චිත්‍ර කලා සම්ප්‍රදායයන් 1950 දශකයේ සිට මන්දගාමී අයුරින් ලෝකයට විවෘත වෙමින් සිටි රටක් වූ නේපාලයට අනාවරණය කළේ ය. මහේන්ද්‍ර රජුගේ අනුග්‍රහය ඇතිව ලේන් සිං බන්ග්දේල් නේපාලි ප්‍රජාවට වියුක්ත චිත්‍ර කලාව හඳුන්වා දුන්නේ ය. 1972දී බීරේන්ද්‍ර රජු විසින් ඔහුව රාජකීය නේපාල ඇකඩමියේ ශාස්ත්‍රඥයකු බවට පත් කළේ ය.

එකල නිල වශයෙන් කලාව ඉගැන්වීම සිදුවූ එකම ආයතනය වූයේ ජුද්ධ කලා පාඨශාලාවයි.[5] බොහෝ රසකාමී පුද්ගලයින් විවිධ ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ කලාව හැදෑරීමට ඉන්දියාව වෙත පැමිණ ඇත. උත්තම් නේපාලි, මනූජ් බාබු මිෂ්රා, ශෂී බික්‍රම් ෂා, බාස්තා ගෝපාල් බෛධ්‍යා, ක්‍රිෂ්ණා මනන්ධාර්, රාම නන්ද ජෝෂි, ඨාකූර් ප්‍රසාද් මෛනාලි, දීපක් ෂිම්ඛාදා, සුෂ්මා ෂිම්ඛාදා, ප්‍රමිලා ගිරි, ඉන්ද්‍ර ප්‍රධාන්, කර්ණා නර්සිං රාණා, ශෂී කලා තිවාරි වැනි වැනි තරුණ චිත්‍ර ශිල්පීන්ගේ පැමිණීමත් සමග, නේපාලි කලාව සාමූහිත නූතන අවධියක් කරා යොමු විය. කිරන් මනන්ධාර්, කර්ණා මස්කී, රාගිනී උපධ්‍යායි, උමා ෂංකර් ෂා, ප්‍රමේශ් අධිකාරි, යුවාක් තුලාධර්, කේ. කේ. කර්මාචාර්ය, බීරේන්ද්‍ර ප්‍රතාප් සිං, සුරේන්ද්‍ර භටාරායි, ෂාරද් රංජිත් වැනි තරුණ චිත්‍ර ශිල්පීන් 1980 දශකයේ ප්‍රචලිත චිත්‍ර ශිල්පී පරපුරක් ලෙස සැලකිණි. කේ. කේ. කර්මාචාර්ය විසින් නේපාලය තුළ කොලාජ් සහ යුරෝපයේ ජනප්‍රිය චිත්‍ර කලා සම්ප්‍රදායයන් මුසු කරමින් නව සම්ප්‍රදායයක් ගොඩනැගීමට උත්සාහ දැරී ය. සිය නිවහන වූ පොඛාරා නගරයේ සිට හුදකලාව දුර්ගා බරාල්[6] ස්වෝත්සාහයෙන් ගොඩනගා ගත් ශිල්ප ක්‍රම 1983 ඔහුගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය වූ "චෞක් රා තම්සුක්" තුළින් එළිදැක්විණි. සතතාභ්‍යාසයෙන් ගොඩනගා ගත් ඔහුගේ කුසලතා එකල සමකාලීනයන්ගේ සිතුවම් සම්ප්‍රදායයන් අබිබවා ගියේ ය. කර්ණා මස්කි 2016 සැප්තැම්බර් 14 දින අභාවප්‍රාප්ත විය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Tej Bahadur Chitrakar icon of transition by Madan Chitrakar 2004
  2. http://www.nhm.ac.uk/nature-online/art-nature-imaging/collections/art-themes/india/more/owl_more_info.htm
  3. Tej Bahadur Chitrakar icon of transition by Mkadan Chitrakar 2004
  4. Images of a Lifetime--: A Historical Perspective, 20th November-5th December 2005, Siddhartha Art Gallery, 2005
  5. සංරක්ෂිත පිටපත, http://artnepal.net/lalitkala, ප්‍රතිෂ්ඨාපනය 2017-11-28 
  6. http://nepalitimes.com/news.php?id=1891


"https://si.wikipedia.org/w/index.php?title=නේපාල_චිත්‍ර_කලාව&oldid=592464" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි