නූතන පොප් රැප් සංගීතය

විකිපීඩියා වෙතින්


පොප් රැප් සංගීතය මේ වන විට සරළ වශයෙන් පොප් සංගීතමය ආභාෂය සහිත රැප් සංගීතය ලෙස හදුනාගත හැක. මෙහිදි සාමාන්‍යයෙන් වඩාත් රළු ස්වභාවයක් ගන්නා හිපොප් සංගීත අංගයන් වඩාත් මට සිලුටු තත්වයට පත්කර ඇත. මෙමගින් වෙනත් සංගීත ආකාර වල සිට මෙම සංගීතය වෙත යොමු වන්නන්ට වඩාත් මිත්‍රශීලි ස්වභාවයක් නිර්මාණය කර ඇත. 2000 වසර ආරම්භයේ පටන් බොහෝ රැප් ශිල්පීන් (උදා - Cash Money Records සහ Hot Boys) රථ වාහන, ඇදුම් පැළදුම්, මුදල්, ආභරණ වැනි ද්‍රව්‍යමය දෑ සහ රාගික ජයග්‍රහණ පිළිබද සිය පදමාලා තුළට ඇතුළත් කිරීම ආරම්භ කළේය. මෙය වර්ථමානයේදී පොප් රැප් සංගීතයේ වඩාත් ප්‍රචලිත ආකාරයක් ලෙස සැල‍කෙන අතර මේ දක්වා ද භාවිතයේ පවතියි.(චින්ගිගේ Dem Jeans, හියුස්ගේ Pop Lock & Drop It, නෙලීගේ Hot in Here, නිටීගේ Nasty Girl)

රික් රොස්, ලිල් වේන් සහ යන්ග් ජීසි වැනි ශිල්පීන් Hardcore, Gangsta සහ Pop Rep සංගීතාකාර අතර ඇති සීමාවන් බිදහෙලීම ආරම්භ කොට ඇත. මොවුන්ගේ නිර්මාණ සදහා විකාශනයන් තුළ විශාල කාලයක් හිමි වන අතර ඔවුන්ට විශාල රසිකයන් සංඛ්‍යාවක් ද ඇත. නමුත් ඔවුන් නුසුදුසු ආකාර දිවුරීම් සහ මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩත්වය පිළිබද ‍රැප් කොටස් සිය නිර්මාණ තුළ භාවිතා කරති. මේ සම්බන්ධයෙන් ඔවුන් වඩාත් සාම්ප්‍රදායික Hardcore රැප් ශිල්පීන් වන N.W.A සහ Wu – Tang Clan වැනි ශිල්පීන් සමාන වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නූතන_පොප්_රැප්_සංගීතය&oldid=464198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි