නීල ගරුඬ ඇල්ල

විකිපීඩියා වෙතින්

   රාවණ උපක්‍රමයේ අමිල ත්‍යාගය

      ෴ නීල ගරුඬ ඇල්ල ෴

   නවතම පරීක්ෂණ වලට අනුව ලංකාදීපය ලෝකයේ මිල කළ නොහැකි පාෂාණ වර්ග වැඩිම සංඛ්‍යාවක් තිබෙන දූපත බවට නම් දරා තිබෙනවා කියල හිතං ඉන්නව. ලක් වාසීන් මේ පිළිබඳ දැනුවත්භාවයෙන් තොර වුවහොත් පිටරැයන් නැවතත් අප සම්පත් රහසේම සන්තක කරගෙන හැමදාමත් අප තුන්වන ලෝකයේ රටක් ලෙස හංවඩු ගසනු ඇතියි කියල හිතං ඉන්නව. එබැවින් අද අප ඔබ දැනුවත් කරන්නේ මිල කළ නොහැකි "නීල ගරුඬ පාෂාණය" සම්බන්ධයෙනි(අපරාදේ මේක වික්ක නම් ලංකාවෙ ණය ටික ගෙවාගන්න තිබ්බ).

   මන්දාරම් නුවර, පදියපැලැල්ල, වලපනේ, රූපහ ආදී ගම්මාන අතීතයේ බොහෝ ශිල්පයන් හී දක්ෂයන් වූ සිංහලේ නියම උරුමක්කාරයන් වන යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාජධානියක් ය. රාවණා රජු සීතා ගෙනැවිත් මෙම ප්‍රදේශයේ සඟවා ගෙන සිට ඇත(කියල හිතං ඉන්නව). දිනක් සීතා දිය නෑමට එළිමහනේ සූදානම්ව සිටිය දී ඇය සොයමින් සැරිසරන හනුමා ඇය දැක එම ස්ථානයට පැමිණ ඇත.

එවිට රාවණා විසින් සීතා සුදු රෙද්දකින් ආවරණය කර ඇයට කුෂ්ඨ රෝගයක් වැළදී ඇති බව හනුමාට කීවාය. හනුමා සීතාට සුවය ලබාගැනීමට අවශ්‍ය නීල ගරුඬ පාෂාණ කොටසක් ඉන්දියාවෙන් ගෙන ඒමට ගිය අවස්ථාවේ රාවණා රජු සතා රැගෙන වෙනත් ස්ථානයකට පලාගොස් සැඟවී ඇත. ආපසු පැමිණි හනුමා ගෙනා පාෂාණ කොටස සීතා දිය නෑමට සැරසී උන් ස්ථානයේ ම දමා ඇය සොයා ගොස් ඇත(පවු වැඩේ).

   කාලයත් සමඟ එම පාෂාණය ලියලා(ලියලන එක මම කියන්නැ) විශාල නීල ගරුඬ කඳුවැටියක් රූපහ ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අතර ඉතා උසස් නිර්මාණ සඳහා නීල ගරුඬ යොදා ගැනීම ලක්දිව ඉතිහාසයේ දැකිය හැක. මහානාම රජ දවස නීල ගරුඬ බුද්ධ ප්‍රතිමාවක් චීනයට පවා වැඩමවා ඇත.

   නීල ගරුඬ පාෂාණය තුළ කැල්සයිට් ඛණිජයට අමතරව සර්පන්ටීන් ඛණිජය ද අඩංගු ය. ලොව ඉතාම දුර්ලභ මෙම පාෂාණය සතුව සත්‍ය වශයෙන් ම රෝග සුව කිරීමේ හැකියාවක් ඇත. හරිත මිණි ලෙසින් ද හඳුන්වන නීල ගරුඬ පාෂාණය හමුවන ලංකාවේ එකම ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක කලාපයක් කර ඇතත් එහි ආරක්ෂාව උදෙසා පියවර ගැනීමක් හෝ අනාගතය වෙනුවෙන් රැකගැනීම උදෙසා දැනුවත් කිරීම් වැඩසටහනක් මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව නම් කණගාටුවට කරුණකි.

"https://si.wikipedia.org/w/index.php?title=නීල_ගරුඬ_ඇල්ල&oldid=542650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි