නීම් නීම් ෂාහද් ෂාහද්

විකිපීඩියා වෙතින්
නීම් නීම් ෂාහද් ෂාහද්
නීම් නීම් ෂාහද් ෂාහද් තේමා පාඨය
ප්‍රභේදයනාට්‍ය
ප්‍රවර්ධනය කලේඅමිත් ඛාන් සහ සන්ධ්‍යා රියාස්
රචනය කලේදීපක් පචෝරි
අධ්‍යක්ෂණය කලේනරේෂ් මල්හෝත්‍රා
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)ප්‍රකාශ් පටෙල්
රඟපෑමපහළ බලන්න
තේමා සංගීත නිර්මාණකරුමනෝජ් සන්තෝෂි
ඇරඹුම් තේමාව"නීම් නීම් ෂාහද් ෂාහද්" - මධුශ්‍රී සහ චාරු සෙම්වාල් විසිනි
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන139
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)අමිත් කුමාර්
නිෂ්පාදක(යෝ)ධීරාජ් කුමාර් සහ සූබි කොඡාර්
සංස්කාරක(යන්)රෝචක් අරෝරා සහ සෙලිස්ටීන් ඩි’සූසා
ස්ථානය(න්)මුම්බායි, මහාරාෂ්ට්‍ර
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 24
නිෂ්පාදන සමාගමක්‍රියේටිව් අයි ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවසහරා වන්
රූප ආකෘතිය1080i (SDTV)
මුල් ධාවනයඅගෝස්තු 15, 2011 – පෙබරවාරි 24, 2012
කාලානුක්‍රමය
අනුගමනය වනුයේතුජ් සන්ග් ප්‍රීත් ලගායි සජ්නා

නීම් නීම් ෂාහද් ෂාහද් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි භාෂා මාලා නාට්‍යයකි. 2011 අගෝස්තු 15 දින විකාශය ආරම්භ වූ මෙය සහරා වන් නාළිකාව තුළින් විකාශය කෙරිණි.[1] මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ක්‍රියේටිව් අයි ලිමිටඩ්හි ධීරාජ් කුමාර් විසින් වන අතර, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අම්රපාලි ගුප්තා සහ ක්‍යාති මංගලා විසිනි.[2] මෙම කතාමා‍ලාවෙන් පසුව එහි දෙවන කථා වාරය තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජ්නා යන නව නාමය යටතේ, වෙනස්ම කථා ගණයක් ලෙස සහරා වන් නාළිකාවෙන් විකාශය විය‍.[3]

කථා පුවත[සංස්කරණය]

නීම් නීම් ෂාහද් ෂාහද් යනු සොනාලි සහ නිරාලි යන සොයුරියන් දෙපළගේ කථාවයි. ඥාති සොයුරන් දෙදෙනකු සමග විවාහ වන ඔවුන් දෙදෙනා එකම නිවසේ වාසය කරති. මේ දෙදෙනාට පවුල් ජීවිතය පිළිබඳ ලැබෙන්නේ එකිනෙකා අතිශයින් වෙනස් වූ අත්දැකීම් ය. සම්ප්‍රදායික සොනාලි විස්තෘත පවුල් ක්‍රමයට කැමති වුව ද, නූතන නිරාලි ප්‍රිය කරන්නේ න්‍යෂ්ටික පවුල් ක්‍රමයටයි. මේ නිසා අරගලයක් පැන නගින අතර එය සොයුරින් දෙදෙනාගේ ජීවිත වෙනස් කිරීමට හේතු වේ.[4][5]

චරිත නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Neem Neem Shahad Shahad on Sahara One". WBRI. August 16, 2011.
  2. "Dheeraj Kumar's new serial on Sahara One". GlamGold. August 13, 2011.
  3. http://entertainment.oneindia.in/television/news/2012/tujh-sang-preet-lagai-sajna-complete-200-episodes-096718.html[permanent dead link]
  4. "Chitrapama Banerjee & Dinesh Kaushik in Tujh Sang". Deccan Chronicle. September 3, 2012. සම්ප්‍රවේශය 3 September 2012.
  5. http://www.filmitown.com/2012/07/24/dipping-trp-of-tujh-sang-preet-lagai-sajna-gives-shooting-a-halt/
  6. http://www.metromasti.com/tv/news/Surendra-Pal,Amrapali-Gupta-to-enter-in-Neem-Neem-Shahad-shahad/9058

සැකිල්ල:Sahara One Programmes

"https://si.wikipedia.org/w/index.php?title=නීම්_නීම්_ෂාහද්_ෂාහද්&oldid=592447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි