නීති වෘත්තිය

විකිපීඩියා වෙතින්


නීතීඥවරු සිය සේවාදායකයින්ට ඔවුන්ගේ නෛතික අයිතිවාසිකම් හා වගකීම් පිලිබඳ උපදෙස්දීම සහ අධිකරණයන්හි ඔවුන් නියෝජනය කිරීම සිදු කරති. මානව හිමිකම් පිලිබඳ යුරෝපා අධිකරණය දක්වා ඇති අන්දමට නීතිය සෑම අයෙකුටම ප‍්‍රවේශවිය හැක්කක් විය යුතු වන අතර නීතිය තමන්ට කෙසේ බලපානු ඇතිදැයි පූර්වඋපකල්පනය කළහැකි වියයුතුය. වෘත්තීයමයභාවය පවත්වාගැනීම පිණිස නීති වෘත්තිය රජය හෝ නීතීඥ සංගමය, නීතීඥ මණ්ඩලය හෝ නීති සංගමය වැනි ස්වාධීන නියාමන දේහයක් විසින් පාලනය කරනු ලැබේ. නීති වෘත්තියෙහි නියැලීමට අපේක්‍ෂා කරන අයෙකු සිය වෘත්තිය ආරම්භ කිරීමට පෙර නියාමන දේහයක් විසින් සහතික කරනු ලැබිය යුතුය. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක නීති පීඨයක හෝ නීති විද්‍යාලයක අධ්‍යාපනය ලබා නීතිවේදී උපාධියක් ලබාගැනීම මේ සඳහා අවශ්‍ය වේ. එකී අධ්‍යාපනයෙන් අනතුරුව ඇතුලත්වීමේ විභාගයකින් සමත්විය යුතුය. සමහර රටවල් තැනැත්තකු නීති වෘත්තියට ඇතුලත්කරගැනීමට මීට අමතරව වෘත්තීය සුදුසුකම්ද ඉල්ලා සිටියි. බැරිස්ටර්වරයකු හෝ නීතීඥවරයකු වීමට අපේක්‍ෂා කරන අයකු පළපුරුදු බැරිස්ටර් වරයකු හෝ නීතීඥවරයකු යටතේ නියම කරන ලද කාලයක් කාළයක් කණ්ෂ්ඨයකු ලෙස සේවය කළයුතු වෙයි, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති වලට අනුව නම් මාස 6 ක කාලයක් වසර 7ක් හෝ ඊට වැඩි පලපුරුද්දක් ඇති නීතීඥවරයකු යටතේ සේවය කළ යුතුවීම අනිවාර්ය අංගයකි. නීති වෘත්තියට අදාල වන්නාවූ සුදුසුකම්වලට අමතරව ඉහල අධ්‍යාපනික සුදුසුකම්ද ලබාගැනීමේ හැකියාව පවතී. නීතිය පිලිබඳ ශාස්ත‍්‍රපති උපාධිය, නෛතික අධ්‍යනයන් පිලිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හෝ නීතිය පිලිබඳ දර්ශනසූරී උපාධිය මේ අතර වේ.

නිසි බලය ලැබීමෙන් අනතුරුව නීතීඥවරයකු බොහෝවිට නීතීඥ සමාගමක සේවය කිරීම, නීති වෘත්තිකයකු ලෙස ස්වාධීනව කටයුතු කිරීම, රජයේ තනතුරක් දැරීම හෝ පුද්ගලික ආයතනයක අභ්‍යන්තර නීතීඥවරයකු ලෙස සේවය කිරීම කළහැක. මීට අමතරව ඉල්ලීම මත වානිජ සේවාවන් මඟින් හෝ ස්වාධීන කි‍්‍රයාකාරිකයකු වශයෙන් පර්යේෂණ සිදුකිරිම මඟින් නෛතික පර්යේෂකයකු බවට පත්වීමේ හැකියාවද ඇත. නීතිය පිලිබඳ පුහුණුව ලද බොහෝ දෙනා නීති ක්ෂේත‍්‍රයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත‍්‍රයන් වෙත සිය දක්‍ෂතාවය යොදවනු ලැබේ. නීතියේ වර්තමාන තත්වය තේරුම්ගැනීම පිණිස පොදු නීති සම්ප‍්‍රදාය තුල නීති පිලිබඳ පර්යේෂණ සිදුකිරීමට විශාල වැදගත්කමක් ලබාදෙනු ලබයි. නඩු තීන්දු, නීතිය පිලිබඳ වාර සඟරා සහ ව්‍යවස්ථාවන් පිලිබඳ අධ්‍යනය මීට ඇතුලත් වේ. අධිකරණ කාර්ය සටහන්, අනුනයන වාර්තා, ගිවිසුම්, භාර ආදිය කෙටුම්පත් කිරීමද නීති වෘත්තියට අදාල වෙයි. සාකච්ඡා කිරීම හා ගැටුම් නිරාකරණය පිලිබඳ හැකියාවන්ද නිරතවන ක්ෂේත‍්‍රය අනුව නීති වෘත්තියට වැදගත් වියහැක.

"https://si.wikipedia.org/w/index.php?title=නීති_වෘත්තිය&oldid=425408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි