නීතිය - සාධාරණතාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
19 වැනි සියවසේදී ලන්ඩන්හි චාන්සෙරි අධිකරණය

නීතිය - සාධාරණතාව සාධාරණතාව යනු ස්වාභාවික යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා නීතියේ දැඩි පාලනයට ඌණ පූරණයක් වශයෙන් තදින් ක්‍රියාත්මක වන ඉංග්‍රීසි පොදු නීති සම්ප්‍රදාය අනුගමනය කරන නෛතික මූලධර්මයන් ලෙස හැඳින් වේ. එය නිරතුරුවම ව්‍යවස්ථාපිත නීතිය (ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද නීතිය) සහ පොදු නීතිය (විනිසුරුවන් නඩු විසඳීමේ දී ස්ථාපනය කරම ලද මූලධර්ම) සමඟ යෙදීමෙන් ව්‍යාකූලත්වයෙන් යුතුව සංසන්දනය කරනු ලැබේ. වර්තමාන භාවිතයේ දී නීතිය සහ සාධාරණත්වය අතර පවතින ප්‍රධාන වෙනස්කම වන්්නේ එකිනෙක මඟින් ලබාදෙන පිළියම් මතය. අධිකරණ විසින් ප්‍රදානය කරනු ලබන සිචිල් පිළියම වන්නේ මූල්‍යයමය වන්දි ප්‍රධානයයි. කෙසේ වෙතත් සාධාරණත්වය මඟින් තහනම් නියෝගයන් හෙවත් යමෙකු ක්‍රියා කල යුතු හෝ වැලකී සිටිය යුතු බවට උපදේශණය කරනු ලබන නියෝගයන් ලබා දෙයි. ප්‍රායෝගික වශයෙන් මෙවැනි සහනයන් නඩු පවරන්නා හට ඉතා ප්‍රයෝජනවත් වේ. අසල්වැසියාගේ දෙපළට ඉබාගාතේ් ගිය තමාට සිටින එකම කිරි ගවයා නැවත ලබා නොදෙන්නේ යැයි කියන පැමිණිලිකරුවෙක් එම ගවයාගේ මූල්‍යයමය වටිනාකම පමණක් නොව ගවයා ද නැවත ලබා ගැනීම අවශ්‍යය වේ. සාමාන්‍යයෙන් නඩු පනරන්නෙකු හට නීතිය තුල ප්‍රමාණවත් පිළියම් නොමැති නම් සාධාරණාත්මක පිළියම් ලබා ගත නොහැක. එනම් අධිකරණය විසින් මූල්‍යයමය හානිය සිදු වූ හානියට පිළියම් වශයෙන් නොසෑහේ නම් තහනම් නියමයක් ලබානොදේ. අධිකරණ හට රීට් නමැති ආඥාවන් නිකුත් කල හැකි වුවත් එවා නම්‍යශීලීත්වයෙන් අඩු සහ තහනම් නියෝග ලබා ගැනීමට වඩා අපහසු වේ. මෙහි පවතින තවත් වෙනසක් වන්නේ සාධාරණත්වයේ දී ජූරියක් නොමැති වීමයි. ඇමෙරිකානු නීතියේ නම් ෆෙඩරල් අධිකරණ තුල සිවිල් නඩු වල දී ජූරි නඩුවකට යොමු වීමට අයිතිය ඇතත් එය නීති අධිකරණ වලට සීමා වී ඇති අතර බොහෝ විට ජූරි නඩුවකට යොමු වීමට තීරණය වන්නේ පැමිණිලිකරු ඉල්ලා ඇති සහනයන් මතය. පැමිණිලිකරු මූල්‍යයමය සහනයන් හෝ දේපළක් ආපසු බාර දීමක් වැනි වෙනත් සහනයන් ඉල්ලා ඇති විටක එවැනි සහන නීත්‍යානුකූල වන අතර ජූරිය කරුනු සොයනන් බවට පත්වේ. අවසාන වශයෙන් නීතිය සහ සාධාරණත්වය අතර ඇති තවත් වෙනස්කමක් වන්නේ නීතිය තීරන ගනු ලබන්නේ නෛතික මතවාදයන් සහ ව්‍යවස්ථාවන්ට අනුව වන අතර සාධාරණකමට සහ නම්‍යශීලීත්වයට හෙවත් සාධාරණත්වයේ සීමාවන් ට වැඩි අවධානයක් යොදමිනි.

ඉතිහාසය[සංස්කරණය]

නීතිය සහ සාධාරණත්වය අතර වෙනස ඉතිහාසයේ සිදු වූ අහම්බයකි. මධ්‍යය කාලීන යුගයේ දි එංගලන්තය පුරාවට රජුගේ නීති අධිකරණ බලාත්මක කරන ලදී. 13 වැනි සියවස අවසානයේ දී ක්‍රම ක්‍රමයෙන් අධිකරණ විසින් විභාගයට ලක්කරන හිමිකම් සහ විභාගකිරීම් හසුරුවන ක්‍රියා පටිපාටීන් අත්හිටවනු ලැබීය. ඒ එකල නීතිමය හිමිකම් පරාසය ඉතා පටු වූ අතර නීති රීති අතීශය පීඩාකාරී වූයෙන් පැමිණිලිකරුවන්ට ලෑබිය යුතු සහනයන් නොලැබුණු නිසාය.

කෙසේ නමුත් ශේෂ වූ අධිකරණ බල ලත් රජු හට පෙත්සමක් ඉදිරිපත් කර සහනයන් ලබා ගත හැකි වුවත් එවැනි පෙත්සම් රජුගේ කරුණාව සහ හෘද සාක්ෂිය සොයා යෑමක් ලෙස හඳුන්වනු ලැබීය. අවසානයේ දී මෙම පෙත්සම් විසඳීමේ කාර්යයන් රජු විසින් රාජ සභාවේ අධිකරණ ප්‍රධානියා (චාන්ස්ලර්) හට පවරන ලදී. එකල චාන්සලර්වරයා පූජකයකු වූ අතර ඔහු රජුගේ පාපොච්චාරණය කරන්නා ද විය. වැඩි කල් නොගොස්ම ශ්‍රේෂ්ඨාධිකරණය, කිරීටයේ ලේඛන කටයුතු දෙපාර්තමේන්තුව අධිකරණ ව්‍යුහය බවට පත් වි චාන්සරි උසාවිය නමින් හැඳින්වීය.

15 වැනි සියවස වන විට චාන්සරි අධිකරණයේ අධිකරණමය බලය පිලිගන්නා ලදී. 16 වැනි සියවස දක්වා සාධාරණත්වය චාන්සලර් ගෙන් චාන්සලර්ට වෙනස් විය. 17 වැනි සියවසින් පසුව චාන්සලර් තනතුරට පත් කරණු ලැබුයේ නීතිඥයන් පමණි.


එංගලන්තයේ සාධාරණත්වයේ වර්ධනය[සංස්කරණය]

පළමු චාන්සලර්වරුන් තම හෘද සාක්ෂියට අනුව සහ සාදාචාරාත්මක සහ සමානාත්මතාවයෙන් යුක්ත තීන්දු දිය යුතුය. මෙම තනතුරු සඳහා පැවිද්දන් තෝරා ගැනීමට යෝජනා වූයේ ඔවුන් ලිවීමට සහ කියවීමට හැකියා ව ඇති පන්තියකට අයත් වූ නිසාය.

චාන්සලර්වරුන් හට විධිමත් පුහුණුවක් නොමැති නිසා සහ පූර්වගාමී තීන්දු අනුගමනය නොකරන නිසාත් ඔවුන්ගේ තීන්දු විවිධාකාර විය. කෙසේ වෙතත් 1529 දී ශ්‍රීමත් තෝමස් මෝර් චාන්ස්ලර් තනතුරට පත්කරන ලද අතර එය නව යුගයක ඇරඹුමක් විය. මෙතැන් පටන් අනාගත සියලුම චාන්සලර්වරුන් නීතිඥයන් විය යුතු අතර 1557 සිට ඉදිරියට චාන්සරි අධිකරණයේ කටයුතු වාර්තා කිරීම ආරම්භ වී සාධාරණාත්මක මතවාද ගණනාවක අභිවෘද්ධිය සඳහා ඉවහල් විය. විවේචන ද දිගින් දිහටම එල්ල විය.

සාධාරණත්ව නීතිය වර්ධනයත් සමඟම එය පොදුනීතිය සමඟ ප්‍රතිවාදී මත සහ ඝට්ටනයන් හට ගැනීමට පටන් ගැනිණ. උසස් අධිකරණයේ (රාජ විනිශ්චය අංශයේ) ප්‍රධාන විනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් කෝක් චාන්සරි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට සිරගත වූවන් නිදහස් කිරීම සඳහා අවශ්‍යය වන හබෙයාස් කෝපුස් රීට් ආඥාව නිකුත් කිරීම ඇරඹිණ.

අධිකරණ සංවිධාන පණත සම්මත කිරීමෙන් පසුව වර්තමානය දක්වා එය එංගලන්තයේ අධිකරණ ව්‍යුහයේ පදනම බවට පත්වූ අතර සාධාරණාත්මක සහ පොදුනීති සහනයන් සඳහා වෙනස් ක්‍රියා පටිපාටි තව දුරටත් අනවශ්‍ය විය. අධිකරණ සංවිධාන පණත මඟින් පොදු නීතියේ සහ සාධාරණත්වයේ පරිපාලනය සංයුක්ත වීම පමණක් සිදුවූවත් පොදු නීතියෙන් වෙනස් වූ සාධාරණත්වයේ නීතියක් තවමත් ඇත. ඒවා එකම අධිකරණයක් මඟින් ක්‍රියාත්මක කළද නීතියේ ශාඛා ත්‍රිත්වය වෙන් වෙන්ව පවතී. ගැටුමක් ඇති වූ අවස්ථාවක දී තවමත් සාධාරණත්වය ප්‍රමුඛ වේ.

සටහන්[සංස්කරණය]

Equity (law)
"https://si.wikipedia.org/w/index.php?title=නීතිය_-_සාධාරණතාව&oldid=166168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි