නීතිය-පරිඝනකයේ නෛතික පැතිකඩ

විකිපීඩියා වෙතින්


පරිගණක ආශි‍්‍රත නෛතික පැතිකඩ ගණනාවක්ම පවතී. ඒවායින් සමහරක් පහත දක්වා ඇත. නීතියේ අංශයන්

  • ප‍්‍රකාශන හිමිකම්
  • සාධාරණ භාවිතය පිලිබඳ රීති‍
  • ඩිජිටල් මාධ්‍යයට පිටපත් කිරීම

වැලැක්වීම සඳහා වන විශේෂ රීති ආදිය ඇතුලත් නීති ක්ෂේත‍්‍රය බුද්ධිමය දේපළ නීතිය ලෙසින් හැඳින්වේ. මෘදුකාංග සම්බන්ධයෙන් වන පේටන්ට් නීතිය තවමත් යුරෝපයේ සහ වෙනත් කලාපයන්හි වර්ධනය වෙමින් පවතින්නකි.

  • මෘදුකාංග බලපත‍්‍ර
  • පරිශීලනය සඳහා වන බලපත‍්‍ර
  • නොමිළයේ ලබාදෙන මෘදුකාංග බලපත‍්‍ර

වැනි මාතෘකාවන් සම්බන්ධයෙන් වන සංවාදයන්ට

  • නිෂ්පාදන වගකීම
  • ස්වාධීන වර්ධකයින්ගේ වෘත්තීය වගකීම
  • වගකීම්පත්
  • ගිවිසුම් නීතිය
  • වෙළඳ රහස්
  • බුද්ධිමය දේපළ

ආදිය පිලිබඳ කාරණාවන් ඇතුලත් වෙයි. බොහොමයක් රටවල පරිඝනක සහ සන්නිවේදන කර්මාන්තයන් රජයේ ආයතනයන් විසින් දැඩිව නියාමනය කරනු ලබයි.

පරිගණක භාවිතා කරන්නන් සහ පරිගණක ජාල විසින් අනුගමනය කළයුතු අනවසර ප‍්‍රවේශය, දත්ත සුරක්‍ෂිතතාව ආදිය සම්බන්ධ රීතීන් පවතී. එමෙන්ම පිටපත් කිරීම වැලැක්වීම සඳහා පවත්නා උපකරණයන් සම්බන්ධයෙන්ද රීතීන් වෙයි. සමහර රාජ්‍යයන් අතර මෘදුකාංග සහ ද්‍රෘඩකාංග ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන්ද සීමාවන් පනවා ඇත.

  • අන්තර්ජාලය
  • බදුකරණය
  • පාරිභෝගික ආරක්‍ෂාව
  • ප‍්‍රචාරනය

යනාදිය පාලනය කිරීම සඳහාද නීති පවතී.

වාරණය සම්බන්ධ නීති මෙන්ම

  • ප‍්‍රකාශනයේ නිදහස
  • රජයේ තොරතුරු සඳහා වන ප‍්‍රවේශය
  • තමන් පිලිබඳව පුද්ගලික ආයතනයන් පවත්වාගෙන යනු ලබන තොරතුරු වෙත එම තැනැත්තන්ට ප‍්‍රවේශවීමේ අයිතිය

යනාදිය පිලිබඳවද නීති පවතී. නීතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍යවන්නාවූ දත්තයන් සහ සමහර දත්ත පුද්ගලික හේතූන් මත එක්රැස්කිරීම හෝ ළග තබාගැනීම තහනම් කරන නීතිද පවතී.

සමහර තත්වයන්හිදී සහ අධිකරණ බලයන් විසින් පරිගණක සන්නිවේදනයන් සාක්‍ෂි වශයෙන්ද, ගිවිසුම් ස්ථාපිත කිරීම සඳහාද යොදාගනු ලැබිය හැක. පරිගණකයන් මඟින් සන්නිවේදන පද්ධතීන්ට රහසින් ඇතුල්වීමේ සහ ප‍්‍රවීක්‍ෂණයේ හැකියාව ලබාදී ඇති අතර ඒවා අධිකරණයේ සාක්‍ෂි වශයෙන් නීතිය කි‍්‍රයාවේ යොදවනු ලබන්නේ කෙසේද යන්න පිලිබඳ විවිධ මතවාද පවතී.

පරිගණකගත ඡන්දය දීමේ තාක්‍ෂණය, ඡන්දය දීමේ යන්ත‍්‍රවල සිට ජංගම දුරකථන හරහා ඡන්දයදීම දක්වා වර්ධනය වී ඇති අතර නෛතික ගැටළු රාශියකට මග පාදා ඇත.

සමහර රාජ්‍යයන් නීතිය මඟින් මෙන්ම තාක්‍ෂණික උපක‍්‍රමයන් මඟින්ද අන්තර්ජාලය වෙත ප‍්‍රවේශය සීමා කොට ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computer_law