නීතිය-නෛතික ආයතන

විකිපීඩියා වෙතින්


කාර්මීකරණය වූ රටවල නීතියේ ප‍්‍රධාන නෛතික ආයතන වන්නේ ස්වාධීන අධිකරණ, නියෝජිතත්ව පාර්ලිම්න්තු, වගකියන විධායකය, හමුදාව, පොලීසිය, නිලධාරිවාදී ආයතන, නීති වෘත්තිය හා සිවිල් සමාජයයි. ජෝන් ලොක් සිය Two Treatises On Civil Government කෘතියේ සහ බාරොන් ඩි මොන්ටෙස්ක්‍යු සිය The Spirit of the Laws කෘතියේ දක්වා සිටියේ අධිකරණ, ව්‍යවස්ථාදායක හා විධායක ආයතනයන් අතර බලය විභේදනය මඟින් දේශපාලන බලය මැඩපැවැත්වීම කළයුතු වන බවයි. තෝමස් හොබ්ස් සිය Leviathan කෘතියේදී දක්වන ලද නිරපේක්‍ෂතාවාදී න්‍යායට ප‍්‍රතිපක්‍ෂව ඔවුන්ගේ මූලධර්මයවූයේ කිසිවකුට රාජ්‍යයේ සියළු බලතල භාවිතයේ යෙදීමට අවසර නොතිබිය යුතු බවයි. මෑතකාලීනව මැක්ස් වෙබර් සහ තවත් බොහෝ දෙනකු විසින් විධායකයේ යටතට පත්වන රාජ්‍යයේ දිගුවන් පිලිබඳ සිතීමට නව ප‍්‍රවේශයක් ලබාදුන්හ. පුරවැසියන්ගේ දෛනික ජීවිතයට ඉහලින් ඇති නූතන හමුදාව, පොලීසිය සහ නිලධාරිවාදී බලය විසින් මුල් කාලීන ලේඛකයින් වූ ලොක් සහ මොන්ටෙස්ක්‍යු විසින් පූර්වඋපකල්පනය නොකරන ලද සුවිශේෂී ගැටළු නිර්මාණය කරයි. නීති වෘත්තියේ සම්ප‍්‍රදායන් සහ පරිචයන් යුක්තිය වෙත වන ජනතාවගේ ප‍්‍රවේශයේ වැදගත් අංගයක් වන අතර නීතියේ දේශපාලනික පදනම වන සමාජ ආයතන, ප‍්‍රජාවන් සහ හවුල්කාරීත්වයන් හැඳින්වීම සඳහා සිවිල් සමාජය යන යෙදුම යොදාගනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=නීතිය-නෛතික_ආයතන&oldid=98355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි