නිෂ්පාදන හැකියාව, ආවස්ථික පිරිවැය හා කාර්යක්ෂමතාව

විකිපීඩියා වෙතින්

විවිධ ආර්ථිකයන්ට මුහුණ දීමට සිදුවන පොදු ගැටළු (මූලික ආර්ථික ප්‍රශ්න)[සංස්කරණය]

  • කුමන භාන්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපද විය යුතුද යන්න (පාරිභෝගික භාණ්ඩ හෝ පෞද්ගලික භාණ්ඩ හෝ ආයෝජන භාණ්ඩ හෝ පොදු භාණ්ඩ හෝ නිපදවනවාද යන්න)
  • කෙසේ නිෂ්පාදනය කළ යුතුද? (ශ්‍රම සුක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමයක් හෝ ප්‍රාග්ධන සුක්ෂම නිස්පාදන ශිල්ප ක්‍රමය යොදා ගන්නේ ද යන්න)
  • කවුරුන් සදහා නිෂ්පාදනය කරන්නේ ද යන්න (ආදායම් බෙදීයාම පිලිබද ගැටළුවයි)

මෙම ගැටව විසදීමේ විශ්ලේශණ උපකරණයක් වශයෙන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය භාවිතා කළ හැක. ආර්ථිකයකට නිපදවිය හැක්කේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් යැයි සිතුවහොත් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වගුවක් හෝ ප්‍රස්ථාරයක් විය හැක. එමගින් භාණ්ඩ වර්ග දෙකක් නිපදවිය හැකි විවිධ ප්‍රමාණයන් නිරූපණය වේ. දියුණු තාක්ෂණය මගින් ඵලදායිතාවය අඩු කිරීමෙන් හෝ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය ආදී සම්පත් සම්භාරය වැඩිකිරීම හෝ නිස්පාදන හැකියාව වර්ධනය කර ගත හැකිය. උදාහරණයක් ලෙස ප්‍රස්ථාරයේ A ලක්ෂ්‍ය සලකා බලමු. මෙහි නිෂ්පාදනය කාර්යක්ෂමව සිදු වන්නේ නම් ආහාර FA ප්‍රමාණයක්ද පරිගණක CA ප්‍රමාණයක් ද නිපදවිය හැකියි. එලෙසම B ලක්ෂ්‍යයට අදාළ ආහාර FB ප්‍රමාණයක් ද පරිගණක CB ප්‍රමාණයක් ද නිපද විය හැකිය. මෙම සෑම ලක්ෂ්‍යයක්ම ආර්ථිකයේ උපරිම නිෂ්පාදන හැකියාව නිරූපණය කරයි. එක් භාණ්ඩයක උපරිම නිමවුමත් එම අවස්ථාවේදී අනෙක් භාණ්ඩයෙන් කළ හැකි උපරිම නිමවුමක් මෙමගින් නිරූපණය කරයි.


හිඟකම මගින් නිරූපණ්‍ය කරන්නේ මිනිසුන්ට ලබාගැනීමට අවශ්‍ය වුවත් සමස්ථ වශයෙන් නිෂ්පාදන හැකියා මායිම් වකුය මත එය ලබ‍ගැනීමට නොහැකි වීමය. එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ එලියෙන් පිහිටන ලක්ෂ්‍යයක් මගින් හිඟකම නිරූපණය වේ. එක් භාන්ඩයක නිස්පාදනය වැඩි කිරීමෙහ්දී අනෙක් භාණ්ඩයේ නිස්පාදනය කැප කිරීමට සිදු වේ. එනම් ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. එයට හේතුව එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අනෙක් භාණ්ඩය නිෂ්පාදනය අඩු කිරීමෙන් ලබාගත යුතුවීමයි. වක්‍රයේ කිසියම් ලක්ෂයයක බෑවුමක් භාණ්ඩ දෙක අතර එකිනෙකා හුවමාරු කර ගත යුතු ප්‍රමාණය පෙන්නුම් කරයි. මින් මැන දක්වන්නේ කිසියම් භාණ්ඩයකින් අමතර එක් ඒකකයකින් නිපදවීමේදි අනෙක් භාණ්ඩයෙන් කැප කිරීමට සිදුවන ප්‍රමාණයයි. වෙනත් විධියකින් ප්‍රකාශ කළහොත් මෙමගින් මැන දක්වන්නේ ආවස්ථික පිරිවැයයි. හිඟකම හා තේරීම අතර පවතින මූලික සම්බන්ධතාවය ලෙසද ආවස්ථික පිරිවැය හැදින්විය හැකිය. නිෂ්පාදන හැකියා මායිම මත හිඟකම යන්නෙන් අදහස් වන්නේ වක්‍රය මත කිසියම් භාණ්ඩයකින් එක් ඒකකයක් වැඩිපුර තෝරාගැනීමේදි අනෙක් භාණ්ඩයේ යම්කිසි ප්‍රමානයක් අහිමිවීමයි. මෙය අදාළ ආර්ථිකයක් තුළ තවමත් වක්‍රය මත ඉහළට හෝ පහලට ගමන් කිරීම තේරීමක් වශයෙන් හදුන්වයි.

විග්‍රයේදී, වක්‍රය මත පවතින සෑම ලක්ෂණයක්ම උපරිම කාර්යක්ෂමතාවයක් නිරූපණය කරයි. එනම් දෙන ලද යෙදවුම් වලින් උපරිම නිපැවුමක් ලබාගෙන ඇති බවයි. චක්‍රය ඇතුළත පවතින A ලක්ෂණය නිෂ්පාදනය කළ හැකි වුවුත් එමගින් අකාර්යක්ෂම නිෂ්පාදනයක් නිරූපණය කරයි. මෙහිදී එම ලක්ෂණය වක්‍රය මතට ගෙන ඒමෙන් හෝ ඉදිරියට තල්ලුකිරීමෙන් එක් භාන්ඩයක හෝ භාන්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි කළ හැක. උදාහරණයක් ලෙස මෙවැනි අකාර්යක්ෂමතා ඇති වන්නේ විරැකියා තත්ත්වයකදී, ආර්ථික පසුබැස්මකදී හෝ ව්‍යාපාර වක්‍ර අවස්ථාවකදීය. නිෂ්පාදන හැකියා මායිම මත ලක්ෂ්‍යණයක කටයුතු කළත් සම්පුර්ණයෙන්ම තෘප්තිමත් විය නොහැකි පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ සංයෝගයක් එමගින් නිරූපණය නොවන්නේ නම්ය. ඉහත සදහන් කරන ලද පොදු මූලික ආර්ථික ප්‍රශ්න වලට අදාළව එම ප්‍රතිපත්ති වලට අදාළ වඩා ප්‍රයෝගික ආර්ථික විද්‍යාව සලකා බලා ආර්ථික කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැක්කේ කෙසේ ද යන්න තීරණය කළ හැක.හිඟකමේ යථා ස්වරූපය අවබෝධ කර ගනිමින් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට සාමාජීය සංවිධානය කළ යුත්තේ කෙසේද යන්න විස්තර කර ඇත්තේ ආර්ථික විද්‍යාවේ සාරය ලෙසය. මෙමගින් අද්වීතිය දායකත්වයක් ලබාගත හැක.



Reference: http://en.wikipedia.org/wiki/Economics#Production_possibilities.2C_opportunity_cost.2C_and_efficiency