නිව් කැලිඩෝනියා පයින්

විකිපීඩියා වෙතින්
නිව් කැලිඩෝනියා පයින් ගස් (කුක් පයින්), Araucaria columnaris

Araucariaceae කුළයට අයත් කෝනිෆර් (කේතුධර) ශාඛයක් වන නිව් කැලිඩෝනියා පයින් ගස කුක් පයින් ලෙසද හඳුන්වනවා.

ව්‍යාප්තිය[සංස්කරණය]

සාමාන්‍යයෙන් කේතුධර ශාඛ උතුරු අර්ධගෝලයේ ශීත ප්‍රදේශවල වැවුනත්, නිව් කැලිඩෝනියා පයින් ගසේ නිජබිම ඝර්මකළාපයට අයත් පැසිෆික් සාගරයේ කැලිඩෝනියා දූපත් සමූහයයි.

මේ ගස් වලට කුක් පයින් කියලත් හඳුන්වන්නේ මේවා පලමුවරට අධ්‍යනය කරලා තියෙන්නේ කැප්ටන් කුක් ගේ නායකත්වයෙන් ලොව වටා ගමන් කරපු ගවේශණ චාරිකාවකට සම්බන්ධ වෙලා හිටපු යෝහාන් රයින්හොල්ඩ් ෆොස්ටර් කියන උද්භිද විද්‍යාඥයා. ඔහු තමයි  මේවා කුක් පයින් කියලා හඳුන්වන්න පටන් ගත්තේ.

ලක්ෂණ[සංස්කරණය]

නිව් කැලිඩෝනියා පයින් ගසක, අතු, රිකිලි හා ගෙඩි

කුක් පයින් සිය නිජබිම් ප්‍රදේශවල මීටර් 60 (අඩි 200) ක් පමණ උසින් වැඩෙන සුවිශේෂී පටු කේතුකාකාර ගසකි. ගස් සිහින්, සර්පිලාකාර ලෙස ඉහලට විහිදෙන මුදුන් කොතක් ඇත. කුක් පයින් වල පොත්ත කඩදාසි තීරු මෙන් ගැලවී යන අතර ගෝරෝසු අළු පැහැයෙන් යුක්තවන අතර මැළියම් බහුලයි. [1]

ගසේ අතු සාපේක්ෂව කෙටිවන අතර තිරස්ව පිහිටා සර්පිලාකාරව කඳ දිගේ පැතිර පවතී. නිව් කැලිඩෝනියා පයින්අතු රැහැන් වැනි තිරස් කුඩා රිකිලි වලින් ආවරණය වී ඇත.

සිහින්, ත්‍රිකෝණාකාර කොළ මෙම රිකිලිවල බූවක් මෙන් පෙනෙන ආකාරයට පැතිර පවතින අතර රිකිලි කෙලවර ගෙඩි හටගනී.ගැහැණු බීජ කේතුවල (female seed corns) කොරපොතු ඇති අතර බිත්තර හැඩැතිවේ. විශාලත්වයෙන් සෙන්ටිමීටර 10–15 (අඟල් 4–6) දිග සෙන්ටිමීටර 7–11 (අඟල් 3–4) පළල වේ. සංඛ්‍යාවෙන් වැඩි පිරිමි පරාග කේතු (male pollen corns) රිකිලි අගිස් වල ඇති අතර ඒවා කොරපොතු සහිත නරිවල්ග හැඩැති (scaly and foxtail-shaped) අතර සෙන්ටිමීටර 5 (අඟල් 2) දිග වේ.

ප්‍රයෝජන[සංස්කරණය]

උණුසුම් සෞම්‍ය දේශගුණයක් සහිත ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත, උතුරු නවසීලන්තය, දකුණු කැලිෆෝනියා, පුවර්ටෝ රිකෝ, මෙක්සිකෝව, ඉන්දියාව, පිලිපීනය, හවායි හා ශ්‍රී ලංකාව  යන ප්‍රදේශවල උද්‍යානවල විසිතුරු ගසක් හා වීදි ගසක් ලෙස කුක් පයින් සිටුවන දකින්නට තිබේ.

නිව් කැලිඩෝනියා පයින් ඇලයට වැවෙන්නේ ඇයි?[සංස්කරණය]

අඩි 200ක් විතර උසට වැඩෙන නිව් කැලිඩෝනියා පයින් ගස හැම විටම ඇලවෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් හිතන්නේ සුළඟේ බලපෑමට මෙහෙම ඇලවෙනවා කියලයි. මෑතක් වෙනකම් විද්‍යාඥයින් වුනත් මේ කුක් පයින් ගස් මෙහෙම ඇලවෙන්නේ ඇයි කියලා සොයා බැලුවේ නෑ. මේ ගැන ඉස්සෙල්ලම උනන්දුවක් දැක්වූවේ කැලිෆෝනියා පොලිටෙක්නික් සරසවියේ මැට් රිටර් කියන මහාචාර්යවරයා. [2]

මහාචාර්ය රිටර් නිරීක්ෂණය කල විධියට කැලිෆෝනියාවේ වැවිලා තියෙන හැම කුක් පයින් ගසක්ම දකුණට, ඒකියන්නේ නිර්ක්ෂය (equator) දෙසට ඇලවෙලා තියෙනවා. ඔහු ලෝකේ පුරාම සිටින උද්භිද විද්‍යාඥයින් සමග සම්බන්ධ වෙලා, ඒ රවටල තියෙන කුක් පයින් ගස් ඇලවීමක් පෙන්වනවද? ඒ කොයි පැත්තටද කියන එක සොයා බලන්න කියලා ඉල්ලීමක් කලා. මහාදිවීප පහේම රටවල් ගණනාවක උද්භිද විද්‍යාඥයින් ගෙන් ඔහුට නිරීක්ෂණ වාර්තා ලැබුණා.

වේ හැම වාර්තාවකින්ම කියවුනේ, මේ කුක් පයිනස් ගස් එය පිහිටි රටේ ඉඳලා නිරක්ෂය පැත්තට හැරිලා ඒ පැත්තට ඇලවෙලා තියෙන බවයි. උතුරු අර්ධගෝලයේ ඉඳන් බලනකොට නිරක්ෂය තියෙන්නේ දකුණු පැත්තට. එහේ කුක් පයිනස් හැම ගහක්ම දකුණු පැත්තට ඇලවෙලා නිර්ක්ෂය දෙස බලාගෙන සිටියා. ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව වගේ දකුණු අර්ධගෝලයේ කුක් පයිනස් උතුරු දිසාවට හැරිලා තිබුණා. ඒ දකුණු අර්ධගෝලයට නිර්ක්ෂය  තියෙන්නේ උතුරින් නිසා. ඒ වගේම නිරක්ෂයෙන් ඈතට යන්න යන්න මේ ගස්වල ඇලවීමත් වැඩියි කියලත් නිරීක්ෂණය වුනා.

මෙහෙම වෙන්න හේතුවක් විධියට අනුමාන කරන්නේ ග්‍රැවිට්‍රෝපිස්ම් කියන සංසිද්ධිය. ගස් කෙලින් උඩට වැඩෙන්නේ ග්‍රැවිට්‍රෝපිස්ම් කියන සංසිද්ධිය නිසා. ග්‍රැවිට්‍රෝපිස්ම් මගින් ගස් ගුරුත්වාකර්ෂණයට සංවේදී කරන අතර ඒමගින් ගුරුත්වබලයට ප්‍රතිවිරුද්ධ ලෙස ගස උඩට වර්ධනය වනවා. එහෙත් කුක් පයිනස් වලට මේ ග්‍රැවිට්‍රෝපිස්ම් එනම් ගුරුත්ව බලයට ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව නැතැයි කියලා තමයි අනුමාන වෙන්නේ. [3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Araucaria columnaris, From Wikipedia, the free encyclopedia [1]
  2. These Pine Trees Always Point Toward the Equator, But Why? [2]
  3. නිරක්ෂය පැත්තට ඇලවී තිබෙන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පයිනස් ගස්, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි) [3]
"https://si.wikipedia.org/w/index.php?title=නිව්_කැලිඩෝනියා_පයින්&oldid=457565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි