නිව්ස්පේපර් නැෂනල් නෙට්වර්ක් එල්පී

විකිපීඩියා වෙතින්

නිව්ස්පේපර් නැෂනල් නෙට්වර්ක් එල් පී යනු ඉතා ඉහළ ගණයේ ඇමරිකානු පුවත්පත් සමාගම් විසි හතරේ සහ නිව්ස්පේපර් ඇසෝසියේෂන් ඔෆ් ඇමරිකා යන ආයතනවල වෙළඳ කොටස්කාර ආයතනයකි. මෙම NNN නිව්ස්පේපර් නැෂනල් නෙට්වර්ක් එල් පී ආයතනය 9000 කට අධික පුවත්පත් හරහා ප්‍රධාන පෙළේ දැන්වීම්කරුවන් වෙත සැළසුම් සහ තනතුරු ආදිය සම්බන්ධ අනුග්‍රහයන් මුද්‍රිත මාර්ග සහ අන්තර්ජාලය හරහා සැපයුවේය.

1994 වර්ෂයේදී NNN ආරම්භ කරන ලද්දේ එවකට පරිහාණියට පත්වෙමින් තිබූ ජාතික දැන්වීම්කරණය නැවත යථා තත්වයට ගෙන ඒම සඳහාය.

ඉතා පරෙස්සමෙන් කරන ලද අධ්‍යයනවලින් පසු ඇමරිකාවේ පුවත්පත් සමාගම් සහ නිව්ස්පේපර් ඇසෝෂියේෂන් ඔෆ් ඇමරිකා යන ආයතන NNN හි නිර්මාණය සහ දියත් කිරීමට මූල්‍ය පහසුකම් සැලසුවේය. NNN ආයතනය ඉතා හොඳින් තෝරාගත් දැන්වීම් පලකරන කණ්ඩායම්වල හොඳම කොටසක ඉලක්කය විය. මොවුන් සාමාන්‍යයෙන් පුවත්පත්වල දැන්වීම් පල නොකරන්නේය. NNN හි විෂය පථය පුළුල් වූ අතර 1994 සිට ඩොලර් බිලියන දෙකකට වඩා පුවත්පත් දැන්වීම් ව්‍යාපාරයන්හි යොදවා තිබේ.

NNNහි කොටස්කාර සමාගම් නිව් යෝර්ක් ටයිම්ස්, ලොස් අන්ජලීස් ටයිම්ස්, සහ වොෂින්ටන් පෝස්ට් වැනි අලෙවිය අතින් ප්‍රධාන පෙළේ පුවත්පත් බොහොමයක් අයිතිකරගෙන තිබේ. මාධ්ය් වියදමෙන් 10% කට වඩා අඩුවෙන් පුවත්පත් ලබාගන්නා ප්‍රධාන දැනවීම් පලකරන්නන් 16 කගේ අවධානයට NNN දැන් ලක් වී තිබේ. 2003 දී NNN කොටස් හි හවුල්කරුවන් නව වැඩපිළිවෙළක් සහ ක්‍රියාත්මක කිරීමේ මූලධර්ම මගින් NNN සේවා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූහ.

කණ්ඩායමේ මූලස්ථානය නිව් යෝර්ක් NY හි පිහිටුවා ගන්නා ලදී.