නිල පැවරුම් අර්බුදය

විකිපීඩියා වෙතින්

නිල පැවරුම් අර්බුදය හෝ නිල පැවරුම් තරගය යනු රදගුරුවරුන් සහ පූජකාරාමයන්හී ආශ්‍රමාධිපතිවරුන් සහ පාප්වහන්සේ තෝරාගැනුමට සහ පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව මධ්‍යතන යුරෝපයෙහි සභාව සහ රාජ්‍යය අතර පැවති අර්බුදයකි [1]. 11වන සහ 12වන සියවස් තුලදී විවිධ පාප්වහන්සේලා මාලාවක් විසින් ශුද්ධවූ රෝමානු අධිරාජයාගේ සහ අනෙකුත් යුරෝපියානු රාජාණ්ඩුවන්හී බලය යටිකපන ලද අතර, වසර 50ක් පමණ කාලයක් තුලදී මතභේදය වර්ධනය වී අර්බුදයක් දක්වා පත්විය.

එය ඇරඹුනේ 1076 වසරෙහිදී සත්වන ග්‍රෙගරි පාප්වහන්සේ සහ සතරවන හෙන්රි අධිරාජයා (එවකට රජු, පසුව ශුද්ධවූ රෝමානු අධිරාජයා) අතර පැවති බල අරගලය වෙතිනි. [2]

  1. කැන්ටර් 1958, pp. 8–9.
  2. රුබෙයින්සිටයින් 2011, p. 18.
"https://si.wikipedia.org/w/index.php?title=නිල_පැවරුම්_අර්බුදය&oldid=590449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි