නියැදි ප්‍රත්‍යාගමන මෙහෙවර

විකිපීඩියා වෙතින්
1971 වසරෙහි දියත්කෙරුනු ඇපලෝ 15 චන්ද්‍ර ගවේෂණ මෙහෙවර තුලින් ප්‍රත්‍යාගමනය කෙරුනු ජෙනසිස් පාෂාණය.
ඇපලෝ අභ්‍යාවකාශගාමීන් විසින් චන්ද්‍රයා මතුපිටදී නියැදි එකතුකරමින් ගවේෂණයෙහි යෙදෙන අයුරු. ෂෝටි ආවාටය අසබඩදී ඔවුන් විසින් තැඹිලි පැහැති චන්ද්‍ර ප්‍රාවරණ පාෂාණ කිහිපයක් සොයාගත්හ.

නියැදි ප්‍රත්‍යාගමන මෙහෙවරක් යනු, පාරභෞම ස්ථානයකදී නියැදි රැස්කොට ඉක්බිතිව ඒවා ප්‍රත්‍යාගමනය කොට විශ්ලේෂණය සඳහා පෘථිවිය වෙත ගෙනඒමෙහි අභිලැෂය සහිතව දියත්කෙරෙන අභ්‍යාවකාශ යානා මෙහෙවරකි.