නියපොතු
Jump to navigation
Jump to search
මානව ව්‍යුහ විද්‍යාවෙහි, නියපොතු යනු, අතැඟිලි සහ පයැඟිලි වල අග්‍රස්ථ ඇඟිලි ඇට වල පාර්ශවික අංශය සඳහා වැස්මක් ලෙසින් ක්‍රියා කරන කොරොස් -ආකාර වහන්තරාවකි. තවත් බොහෝ අග්‍රේෂයන්ගේද නියපොතු ඇත. අග්‍රේෂයන් පමණත් සීමා වී නොපැවතියද, නියපොතු වල විකසනය, අනෙකුත් ක්ෂීරපායියන් අතර අතිශයින් දුර්ලභ වෙයි.
වෙනත් බොහෝ සතුන් වෙත දක්නට ලැබෙන නඛර හා නියපොතු අතර සමසම බවක් දක්නට ලැබේ. පොදු භාවිතයෙහිදී , නිය පොත්ත යන වචනයෙන් හැඳින්වෙන්නේ නිය පට්ටකය පමණි.
අතැඟිලි-නියපොතු සහ පයැඟිලි-නියපොතු සැදී ඇත්තේ, සතුන්ගේ කුර සහ අං සැදීමටද දායක වී ඇති කෙරටීන් යනුවෙන් හැඳින්වෙන දැඩි ප්‍රෝටීන් වර්ගයකිනි. හිසකෙස් හා දත් මෙන්ම මේවා ද සමෙහි උපාංග ලෙසින් සැලකෙති.