නිපැයුම් කර්මාන්තය

විකිපීඩියා වෙතින්

සම්පුර්ණ තත්ත්ව කළමණාකරණයේ යෙදීම (TQM)[සංස්කරණය]

නිපැයුම් ආයතනයක තත්ත්ව පාලනය සඳහා ගණිතමය මුලධර්මයක් වන සංඛ්‍යාන ක්‍රම භාවිතය මුලිකවම සිදුවේ. මෙහිදී අහඹු නියැදියක් මත අවශ්‍ය පරීක්ෂණ සිදුකර එම දත්ත විශ්ලේෂණය සිදු කරයි. එයින් පාරිභෝගිකයාට එම භාණ්ඩ වැදගත්වන අයුරු සිත්හි තබාගෙන තත්ත්ව සුරැකුම් පරීක්ෂණ නිර්මාණය කරයි. එම තත්ත්ව සුරැකුම් පරීක්ෂණ වලින් ලබාගන්නා ප්‍රතිඵල දෝෂ සහිත නිපැයුම් හෝ දෝෂ සිදුවිය හැකි නිපැයුම් ලෙස වර්ගීකරණය කොට එම දත්ත සංඛ්‍යාන මුලධර්ම යටතේ 'විසිරීම' (Statistical distribution ) යන ක්‍රමය මඟින් විශ්ලේෂණය කරයි.


ඒ අනුව "error band" වැරදි හෝ දෝෂ සහිත භාණ්ඩ වලට ලැබිය හැකි තත්ත්ව පරීක්ෂණ ප්‍රතිඵල අර්ථ දක්වයි. එබඳු ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදනය නැවත එසේ නොවීමට කටයුතු කිරීමද සිදු කරයි. තවදුරටත් දෝෂ අවම කිරීමට "failure band" ලෙස ගුණාත්මක බව නොමැති නිසා ප්‍රතික්ෂේප කීරිමට සිදුවන භාණ්ඩවලට ලබා දිය හැකි පරීක්ෂණ ප්‍රතිඵල වර්ගීකරණය කෙරේ.


මෙලෙස දත්ත මත පදනම් වී ක්‍රියාවලිවල සිදුවන නිසා දෝෂ හෝ වැරදි හෝ අඩුපාඩු මඟ හරවා ගැනීමට කටයුතු කළ හැක. මෙහිදී එලෙස ප්‍රතික්ෂේප වීමට හෝ තත්ත්ව පරීක්ෂණ අසමත් වීමට හේතු කවරේදැයි සොයා බලා, ඒවා ලේඛනගත කොට තවදුරටත් එසේ නොවීමට ක්‍රියාවලි නැවත නිර්මාණය කිරීම, වැඩිදියුණු කිරීම සිදු කරයි.


මේ පිළිබඳ කටයුතු කරන පිරිස් වලට නිෂ්පාදනවල නිමැවුම් දෝෂ හෝ ගැටළු සොයාගැනීමට, පරීක්ෂණ සැලසුම් කිරීමට කලක් ගත විය. වඩාත් ප්‍රසිද්ධම බහුලවම භාවිතා වන පරීක්ෂණ ලෙස "Life Test" හැඳින්විය හැක. මෙහිදී අහඹු ලෙස තෝරාගත් භාණ්ඩක් සාමාන්‍ය පරිදි භාවිතා කරන ආකාරයට ක්‍රියාකරවා එම භාණ්ඩ ක්‍රියා විරහිත වන අවස්ථාව හඳුනා ගනී. "Shake and bake" තවත් එබඳු ජනප්‍රිය පරීක්ෂණයකි. මෙහිදි භාණ්ඩ උදුනක් (oven) තුළ කෘත්‍රිම කම්පනයට (vibrator එකක් මඟින්) ලක් කිරීම සිදු කරයි. මෙහිදි සිදුවන දෝෂ හෝ බිඳවැටිම් ඉංජිනේරු අධ්‍යනයකට යොමු කොට වැඩි දියුණු කිරීම සිදු වේ.


සටහන්[සංස්කරණය]

Total Quality Management TQM in manufacturing
"https://si.wikipedia.org/w/index.php?title=නිපැයුම්_කර්මාන්තය&oldid=180263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි