නිදහස සහ නව ව්යeවස්ථාව

විකිපීඩියා වෙතින්


ලංකාවේ ප්රවධාන ජාතීන් දෙක වන සිංහල හා දෙමළ ජනවර්ග දෙක අතර මූලික වශයෙන් නොසන්සුන් තාවයක් හටගත්තේ ඵම ජාතීන් දෙකම නියෝජනයවන පරිද්දෙන් දෙමළ ජාතිකයකු වූ පොන්නම්බලම් අරුනාචලම් ජාතික ව්ය වස්ථාදායක කවුන්සිලයට පත් කිරිමෙනි. බ්රිනතාන්යම ආණ්ඩුකාරයා වූ විලියම් මැනිං "ජනවාර්ගික නියෝජනයක්" සඳහා ක්රිමයාකාරීව ධෛර්ය දුන්නේය. ඵ් අනුව සිංහල හා දෙමළ ජනයා අතර බලය දෝලනය වූ කොළඹ ආසනය නිර්මාණය විය. ඉන් අනතුරුව ඩොනමෝර් කොමිසම දැඩි ලෙස ජනවාර්ගික නියෝජනය ප්රමතික්ෂේප කළේය. ඵ් වෙනුවට පොදු ඡන්දය දීමේ ක්රනමයක් යෝජනා කළේය. මෙම ක්ර මයට දෙමළ ජනයා ඵකහෙලා විරුද්ධ වූහ. දෙමළ ජන සංයුතිය අනුව පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බලය අඩු වන බව ඔවුනට අවබෝධ විය.

කොළඹ පදිංචිව සිටිමින් යාපනයේ සහ නැගෙනහිර පාලනය කළ උසස් පැලැන්තියේ ඉඩම් හිමි දෙමළ ප්රසජාවද මෙම ක්රගමයෙන් ඔවුන්ගේ බලය ඵම ප්ර දේශවල අඩු වන බව වැටහින. හිට්ලර්,මුසෝලිනී සහ ෆ්රුන්කෝ ආදීන්ගේ නැගී සිටීමත් සමග ජාතිවාදී දේශපාලන කැරැල්ලක් 1930 ගණන් වලදී යුරෝපයේ ආරම්භ වෙමින් තිබුණු බව බ්රි තාන්යෙ ඉතිහාසඥයෙකු වූ ජේන් රසල් තහවුරු කළේය. 1935 දි ජී.ජී. පොන්නම්බලම් "ලාංකික" යන සංකල්පය ප්ර0තික්ෂේප කළේය. ඵ් වෙනුවට තමන් අභිමානවත් "ද්රබවිඩයෙකු" බව ප්රෙකාශ කළා පමණක් නොව මහාවංශයට පහර දෙමින් ප්රෂසිද්ධ රැස්වීම්වලදී ඵ් බව දිගටම කි‍වේය. නාවලපිටියේදී ඔහු විසින් පවත්වන ලද දේශනය ප්ර්ථම සිංහල දෙමළ කෝලහලයකට හේතුවුනු අතර යාපනය මැතිවරණ කොට්ඨාශයේ ඔහුට වැඩි දේශපාලන වාසියක්ද අත් විය.

දේශපාලනික වශයෙන් අති දක්ෂිණාංශිකයෙකු මෙන්ම දීප්තිමත් කතෝලික නිතිඥයකු වූ පොන්නම්බලම්ගේ අදහස වූයේ සිංහල හෝ දෙමළ වේවා ඡන්දය දිය යුත්තේ ඵක්තරා පන්තියකට පමණක් බවයි. ඵවකට දෙමළ ප්රේජාවගේ නායකයකු වූ පොන්නම්බලම් සෝල්බරි කොමිෂමට යෝජනා කළේ සිංහල දෙමළ දෙපාර්ශවයටම නිදහස් ලංකාව තුළ සමාන ආසන සංඛ්යාජවක් හිමි විය යුතු බවයි. රටේ ඵක් පුරවැසියෙකුට ඵක ඡන්දයක් පමණක් හිමි වන මැතිවරණ ක්ර මයක් ඇති කිරීමට බලාපොරොත්තුව සිටි කොමිෂමට ඔහුගේ මෙම අදහස ඉතා පුදුමයට කරුණක් විය. බ්රිබතාන්යටයන් විසින් සම්ප්රාදායික දෙමළ ප්රගදේශවල සිංහල ජනයා පදිංචි කරවන්නැයි කියූ පොන්නම්බලම්ගේ ප්රවකාශය ද කොමිසම ප්රගතික්ෂේප කළා පමණක් නොව දෙමළ ජනයා විශාල වශයෙන් දකුණට සංක්ර මණය වන බව ද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමෙන් පසු ජී.ජී.පොන්නම්බලම් සහ ඔහුගේ දෙමළ කොංග්රෙසයේ මධ්යකස්ථ මතධාරීන් බටහිරට නැඹුරු අදහස් ඇති ඵක්සත් ජාතික පක්ෂය සමග ඵක් විය. තමිල් අරසු කච්චි නොහොත් ද්රිවිඩ ඵක්සත් පෙරමුණ (ඉංග්රී සියෙන් ෆෙඩරල්) පිහිටුවා ගනිමින් S.J.V.චෙල්වනායගම් දෙමළ දේශපාලන කොටස් දිනා ගැනීම සඳහා කටයුතු කළේය.



http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war#Independence_and_the_new_constitution

"https://si.wikipedia.org/w/index.php?title=නිදහස_සහ_නව_ව්යeවස්ථාව&oldid=471890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි