නැවත නැගී සිටිම

විකිපීඩියා වෙතින්

ප්‍රහාරය සිදුවු දිනයේදී ගිලයානි ප්‍රකාශ කරන ලද්දේ "අප නැවත නැගී සිටිමු : අප පෙරටත් වඩා ශක්තිමත්ව යෙින් සාර්ථකව නැගී සිටිමු, දේශපාලනිකව ශක්තිමත්ව, ආර්තිකව ශක්තිමත්ව, ගොඩනැගිලි අහස් රේඛාව නැවතත් යථා තත්වයට පත් කරයි." සුන්බුන් නිළ වශයෙන් ඉවත්කිරිම අයසන්වුයේ 2002 මැයි මාසයේ දීයි. පහළ මැන්හැටන් සංවර්ධන සංගමය ලෝක වෙළද මධ්‍යස්ථාන භුමිය නැවත ගොඩනැගීමේ වගකීම දැරැවත් ඊට එල්ල වු එක් චෝදනාවක් වුයේ අති විශාල ආධාර ප්‍රමාණයකින් කිසිම දැනෙන දෙයක් නොකල බවයි. සම්පුර්ණයේන ගොඩනැගිලි විනාශ වු ස්තානයේ 2006 දි නව කාර්්‍යාල කුළුණක් ඉදිකරන ලදී. නිදහසේ කුළුණ ද එම ස්තානයේ ඉදි වෙමින් පවතින අතර 2010වැඩ අවසන් වන විට එහි උස අඩි 1,776 හෙවත් මීටර් 541ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. වැඩ නිමවු විට එය උතුරැ ඇමරිකාවේ උසසම ගොඩනැගිල්ල වනවා ඇත. 2007 – 2012 අතර කාලය තුල තවත් කුළුණු 03ක් සෑදීමට අපේක්ෂිත වන අතර එක් කුළුණක් පෙර කුළුණු පැවැති නැගෙනහිර දිශාවට මුහුණ ලා ගොඩනැගීමට නියමිතයි.

අනුස්මරණ ප්‍රහාරයෙන් පසු දවස් කිහියප තුළ ලොව පුරා අනුස්මරණ උළෙලවල් සහ යාඥා මෙහෙයන් රාශියක් පවත්වන්නට යෙදුනි. මීට අමතරව "Ground Zero" පුරා ජායාරෑප තැම්පත් කරන ලදී. මාර්ක් සිග්මන්ඩ් මෙය විග්‍රහ කරන්නේ සිද්ධියට ආසන්න ප්‍රදේශ වලදී ප්‍රහාරයෙන් මරැමුවට පත් වුවන්ගේ අහිංසක මුහුණු ඔබට මගහැරයා නොහැක. දුරකතන කුටි තුල විදි විදුලි පහන් වල, උමං දුම්රිය පෙළවල් වල බිත්ති වල ආදි සියළුම තන්හි ඔවුන්ගේ ජායාරැප දකින්නට ලැබේවි මේ සියළු දෙයම මට සිහිපත්කරන්නේ දැවැන්ත අවමංගල්‍යයකි. මිනිසුන් නිහඩවත් දුකිනුත් සිටින නමුත් බොහෝ සුන්දරය. මීට ප්‍රථමයෙන් නිව්යෝර්ක් මට ගෙන දුන්නේ උදාසීන හැගීමකි. එහෙත් අද එකිනෙකාට උදවු කිරිමට මෙහි වැසියන් උත්සුක වේ. නිව්යෝර්ක් හි ප්‍රහාරයට පසු ස්තාපනය කළ ප්‍රථම අනුස්මරණ ස්මාරකය වන්නේ ලෝක වෙළධ මධ්‍යතාන කුළුණ පිහිටි පාදමේ සිට අහසට විහිදෙන සිරස් කුළුණු දෙකක් මෙන් පෙනෙන්නට සැලැස්වු පිරික්සුම් පහන් 88 කින් යුක්ත "ආලෝකයේ උත්තමාචාර"(Tribute in light) සිහිවටනයයි. මෙම ස්තානයට සුදුසු අණුස්මරණ සැලැස්මක් තෝරා ගැනීඹට ලෝක වෙළද මධ්‍යස්තාන භූමියේ අණුස්මරණ තරගාවලියක් සංවිධානය කරන ලදී. ජයග්‍රාහි සැලැස්ම වුයේ " පරාවර්තනය වන හිස්බව ( නොමැතිබව ) තෝරා ගනු ලැබුවේ 2006 අගොස්තු හිදීය. එහි සැලැස්ම වුයේ කුළුණු 02 පිහිටි පාදමේ ආලෝකය පරාවර්තනය කරන්නා වු තටාක දෙකක් කුළුණු තිබු ස්ථානයේ පාමුල ඉදිකිරිමත් ඒවා වටා මිය ගිය පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් භුමිය අභ්‍යන්තරයේ අණුස්මරණ ඉඩ කඩක් තුළ නිර්මාණය කිරිමත් මෙහි අරමුණ විය. අනතුරට පත් වු පවුල්වල පුද්ගලයන්ගේ දැඩි විරෝධය හේතුවෙන් අත්හැර දැමු ජ්‍යාතන්තර නිදහසේ මධ්‍යස්තානයට පසුව ඉදිවීමට නියමිත වුයේ කෞතුකාගාරයකි.


http://en.wikipedia.org/wiki/9/11#Rebuilding

"https://si.wikipedia.org/w/index.php?title=නැවත_නැගී_සිටිම&oldid=471864" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි