නැවතුම් චලිතය (Stop motion)

විකිපීඩියා වෙතින්
ක්ලේ සජීවිකරණය

නැවතුම් චලිතය (හෝ රාමුවෙන් රාමුව) සජීවීකරණය යනු භෞතිකව පාලනය වන වස්තුවක් එය මගින්ම චලනය වන ලෙස පෙන්වන සජීවීකරණ තාක්ෂණික ක්‍රමයක් සඳහා වූ යෙදුමකි. වස්තුව චලනය කරනු ලබන්නේ වෙන් වශයෙන් ඡායාරූපගත කරන ලද ඉතා කුඩා කාල පරතර ඇති රාමු මගින් වන අතර අඛණ්ඩ අනුක්‍රමයක් ලෙස රාමු ශ්‍රේණිය ධාවනය වන විට එමගින් චලන මායාවක් ඇති කරයි. බොහෝ විට නැවතුම් චලිත සජීවීකරණයේ දී මැටි රූප භාවිතා කරන අතර ඒවා ක්ලේමේෂන් ලෙස හඳුන්වනු ලබයි. එලෙස මැටි රූප භාවිතා කරනු ලබන්නේ ඒවා පහසුවෙන් නැවත ස්ථානගත කළ හැකි බැවිනි. ස්ටොප් මෝෂන් ප්‍රෝ, istopmotion හා මංකි ජෑන් වැනි මෘදුකාංග යෙදූ මෙම තාක්ෂණික ක්‍රමය තරුණ චිත්‍රපටි නිර්මාණකරුවන් අතර ප්‍රචලිත කර ඇත.

චලනය වන කාසියක නැවතුම් චලිතය.

ඉතිහාසය[සංස්කරණය]

නැවතුම් චලිතයට චිත්‍රපටයක ඉතිහාසයක් තරම්ම ඉතිහාසයක් ඇත. වස්තු සජීවිකරණය මෙහි පටන් ගැන්ම වන අතර ඊටපසු සෘජු මෙහෙයවීමේ සජීවිකරණය සිදු වු අතර එයට පසුව පිටු ගණනාවක අඳින ලද චිත්‍ර යොදා ගැනීමද සිදු විය. මෙය ඉක්මන් සම්ප්‍රදායික සජීවිකරණය බවට පත් වූ අතර, ක්ලෙ සජීවිකරණය, Pixilation, රූකඩ සජීවිකරණය හා කාල ප්‍රමාද සජීවිකරණය ඉන්පසු පිළිවෙලින් ගොඩ නැගුණු ඒවායි.


මුල්ම නැවතුම් චලිත ක්‍රමෝපාය හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ඇල්බට් ස්මිත් හා ජේ. ස්ටුවට් බ්ලැක්ටන් ය. ඔවුන්ගේ හම්ල්ටි ඩම්ප්ටි සර්කස් නම් වූ කරණම්කරුවන් හා සතුන්ට පණ එන කථා වස්තුවක් රැගත් 1898 දී සිදු කළ චිත්‍රපටයේ ඔවුහු එම ක්‍රම යොදා ගත්හ.


මුලින්ම සිදුකළ ක්ලේ සජීවිකරණයක් වුයේ, 1912 දී සිදුකල Modeling Extraordinary චිත්‍රපටයයි. 1916 දෙසැම්බර්හි දී විලී හොප්කින් (Willie Hopkin) ගේ කථාංග 54 ඇතුලත් ‍Miracles in Mud සිනමාවට ආවේය. 1916 දී මුල්ම ගැහැණු සජීවිකාරකයා‍‍, හෙලේනා ස්මිත් ඩේටන් (Helena Smith Dayton) ක්ලේ සමඟ පර්යේෂණ සජීවිකරණය ඇරඹීය. 1917 දී ඇයගේ මුල්ම සජීවිකරණ චිත්‍රපටයේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් තිරගත විය. යුරෝපීයානු ජාතික නැවතුම් චලිත සජීවිකරණ පුරෝගාමියෙකි. Lady slaw Starewicz (1892 – 1962) ඔහු විසින් Beautiful Lukanida (1910), the battle of the stag beetles (1910) වැනි සජීවිකරණ චිත්‍රපට සිදු කළේය.


Starewicz මුල්ම එකිනෙකට ඈඳුණ කථා නැවතුම් චලිත සජීවිකරණයෙන් හා රූකඩ ආධාරයෙන් චිත්‍රපට තැනු තැනැත්තා විය. ඔහු කෘමින් ගැන වාර්තාමය වැඩසටහන් නිපදවිය. ඔහුගේ ක්‍රම නැගෙනහිර යුරෝපයේ 1920 හා 1930 ගණන්වල යොදා ගත් අතර රූකඩ සඳහා ඉතා හොඳ සංස්කෘතික පසු බිමක් බිහි විය.


Willis O’Brien (1996 – 1963) ඇමරිකානු නැවතුම් චලිත සජීවිකරණ පුරෝගාමියෙකි.


ඔහුගේ ශිෂ්‍ය රේ හැරිහුසෙන් විශාල චිත්‍රපට සඛ්‍යාවක් සිදු කළ අතර, එයට ඔහු රූකඩ සජීවිකරණයේ තවත් හොඳ ආකාරයක් වූ මොඩල සජීවිකරණය යොදා ගත්තේය. එහි විශේෂත්වය නම් එහි රූප යථාර්ථවාදී වීමයි. මෙවැනි ආකාරයේ දියුණුවක් ඇමරිකාව හා බ්‍රිතාන්‍ය තුල තිබුණත් එහි වර්ධනය ඉතා හෙමින් සිදු වු අතර එම රට වලින් පිට එහි වර්ධනය මුලිකවම සිදුවිය.


ජෝර්ජ් පැල් ඇමරිකාවේ දී සජීවිකරණ කටයුතු කළ විශිෂ්ට හන්ගේරියානු ජාතික රූකඩ සජීවිකරණ නිෂ්පාදකයෙකි . ඔහු නෙදර්ලන්තයේ දී තම කටයුතු සමගාමීව සිදුකරගෙන ගියේය.


දශක 3 ක් පුරාවට ළමයින්ගේ මන දොල පිනවූ නැවතුම් චලිත වැඩසටහනකි, ඇමරිකාවේ ක්ලොකේගේ Gumby වැඩසටහන. එම සජීවිකරණ ‍බොහෝ ඒවා ක්ලේ ආධාරයෙන් සිදු විය.


Walt Disney චිත්‍රාගාරය රූකඩ සජීවිකරණය 1959 ඇරඹු අතර, එය මිනිත්තු 21 කින් යුක්ත වූ Noah’s ark නම් වූ කෙටි චිත්‍රපටියක් විය. සජීවිකරණ චිත්‍රපට සඳහා ඔස්කාර් සම්මාන උළෙලට ද මෙහි නම යෝජනා විය.


1959 නොවැම්බර් වල Sandmännchen නම් වූ නැගෙනහිර ජර්මනියේ රූපවාහිනි ළමා වැඩසටහන් විකාශය වීම ඇරඹීය. අලුත් කථාංග වර්තාමානයේ දී ජර්මනියේ විකාශ වන අතර එය ලෝකයේ මෙතෙක් ඇති වු දිගම සජීවිකරණ වැඩසටහන් වලින් එකකි.


1960 දී ප්‍රංශ ජාතික සර්ජ් ඩැනොට්, The magic Roundabout නිර්මාණය කළ අතර, BBC හි 1965 සිට විශාල කාලයක් එය විකාශය විය.


බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහන් මාලාව The Clangers 1969 දී ඉතා ජනප්‍රිය විය. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රේන් කොස්ග්‍රෝව් හා Mark Hall The wind in the willow නමින් දිගු චිත්‍රපටියක් නිපදවිය.


Disney චිත්‍රාගාරය Mike Jittlov නැමැති සජීවිකරණ අධ්‍යක්ෂකවරයා යොදා ගෙන නැවතුම් චලිත ක්‍රමෝපායන් යොදා ගනිමින් සජීවිකරණ කටයුතු ‍යෙදුණු අතර Micky Mouse සෙල්ලම්භාණ්ඩ යොදා කුඩා කාලයක් ධාවනය වන ‍Mouse Mania නිපදවිය. 1978 දී Micky Mouse ගේ 50 වන සංවත්සරයට Mickey's 50 යන්න නිපදවන ලදි.


Jittlov, the black hole නම් චිත්‍රපටියෙන් Disney සමඟ ඉතා හොඳ මට්ටමේ නැවතුම් චලිත සජීවිකරණ ක්‍රම යොදා ගෙන 1979 දී නිපදවිය. ඔහු The Wizard of Speed and Time යනුවෙන් තවත් චිත්‍රපටයක් ද නිපදවිය.


ඉතාලියානු නැවතුම් චලිත චිත්‍රපට අතර Quaq Quao (1978) වන අතර එය ෆැන්සිස්කො මිස්සෙරි(Francesco Misseri) ඔරිගාමි ආශ්‍රයෙන් නිපදවිය. Mio and Mao තවත් ක්ලේ සජීවිකරණ ඉතාලියානු චිත්‍රපටයකි.


චිත්‍රපට ඉතිහාසය පුරා නැවතුම් චලිත ක්‍රමෝපායන් ත්‍රිමානේක්ෂ 3ඩී චිත්‍රපට වලට යොදා ගැනුනේ අල්ප වශයෙනි. මුල්ම 3ඩී නැවතුම් කෙටි චිත්‍රපය In tune with Tomorrow ය(1939). එය ජෝන් නොර්ලින් විසින් නිපදවිය. දෙවන ත්‍රිමානේක්ෂ නැවතුම් චලිත චිත්‍රපටය පෝල් ස්ප්‍රන්ක්ගේ, The Adventures of Sam Space (1955) ය. තුන්වන හා අවසාන එවැනි ආකාරයට සිදුවු චිත්‍රපටය 2000 දී සිදුවු එල්ම කාන් (Elmer kaan) හා ඇලෙක්සැන්ඩර් ලෙන්ට්ජේස් (Alexander Lentjes) ගේ The Incredible Invasion of the 20,000 Giant Robots from Outer Space වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Stop_motion

"https://si.wikipedia.org/w/index.php?title=නැවතුම්_චලිතය_(Stop_motion)&oldid=472393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි