නැබටීයන්වරු

විකිපීඩියා වෙතින්

නැබටීයන්වරු යනු ජෝර්දානයේ, කැනාන්හි සහ උතුරු අරාබිකරයේ සිටි පුරාණ අරාබි යුදෙව්වන්ය. ජොසෆූස්ගේ කාලයේදී, ඔවුන් සිරියාව හා අරාබිය අතර දේශසීමාවේත්, ඉයුෆේරට්ස් නදියේ සිට රතු මුහුද දක්වා වූ ප්‍රදේශයේත්, ක්ෂේමභූමිකරණය වීම නැබටීයන් යන නම ලැබීමට හේතු විය. ඔවුන්ගේ ලිහිල්ව පාලනය කෙරුණු වෙළෙඳාම් ජාලය මධ්‍යගත වී තිබුණේ එකට යාවී තිබුණු ඔවුන්ම පාලනය කළ ක්ෂේම භුමි තුළය. මෙම ක්ෂේම භූමිවල වූ සීමිත ප්‍රදේශ තුළ හා ක්ෂේමභූමි යා කළ මාර්ගවල අධික වශයෙන් කෘෂිකර්මාන්ත කටයුතු සිදු කෙරිණි. ඒ වටා පිහිටි කාන්තාර භූමිය හා මෙම කෘෂි භූමි අතර පැහැදිලි හා ආරක්ෂිත සීමාවල් නොතිබුණි. අවසානයේදී ට්‍රොජන්වරු, නැබටීයන්වරුන්ව ආක්‍රමණය කර ඔවුන්ව රෝමානු අධිරාජ්‍යයට ඈඳා ගත්හ. මෙහිදී නැබටීයන්වරුගේ ප්‍රධාන සාම්ප්‍රදායික කර්මාන්තයක් වූ කුඹල් කර්මාන්තය පරිහාණියට පත් වී අවසානයේදි නැති වී ගියේය.

නැබටීයන් සංස්කෘතිය[සංස්කරණය]

නැබටීයන් සංස්කෘතිය විහිදී තිබූ ප්‍රදේශය මළ මුහුදේ උතුරු කෙළවර දක්වා විහිදී තිබූ බව ඔවුන්ගේ නම්වලින් හා සුබ පැතුම් ඇතුළත් කුරුටු චිත්‍ර හා ශිලා ලේඛන වලින් පැහැදිලි වේ. මෙය ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබුණ බවටද සාක්ෂි දරයි. කෙසේ වෙතත් ඔවුන් සතුව සාහිත්‍ය කලාවක් නොපැවති අතර ඔවුන්ගේ පූජා ස්ථානවල සෙල්ලිපි දක්නට නොලැබේ. නාම විශ්ලේෂණ විද්‍යාවට අනුව නැබටීයන් සංස්කෘතිය විවිධ ජන වර්ග වල එකතුවකි. සාම්ප්‍රදායික විග්‍රහයන්ට අනුව ‘ඩයෝඩරස් සයිකියුලස්’ සමග නැබටීයන් සංස්කෘතිය ආරම්භ වී ඇත. ඒ අනුව නැබටීයයන්ගේ වෙළෙඳ මාර්ග හා ඔවුන්ගේ භාණ්ඩ නිෂ්පාදනය වූ තැන් වෙළෙඳ රහස් ලෙස පැවතිණි.ඩියෝඩරස් ගෝත්‍රිකයන්ට අනුව නැබටීයන්වරුන්ට 10,000 ක පමණ යුද හමුදාවක් සිටියේය.මොවුහු අරාබි එඬේරුන් අතරින් විශිෂ්ටයන්ය.ඔවුහු කෘෂි කර්මාන්තයේ නොයෙදිණි. ඔවුනට ස්ථිර නිවාස තිබූණි.එමෙන්ම වයින් භාවිතා කළහ. frankincense හා myrrh යන වෙළඳ වරායන්හි ලාභ උපයන වෙළඳාම් කළ අතර අරාබියා ෆෙලික්ස්(වර්තමාන යේමනය)යෙන් කුළු බඩු ආනයනය කළහ. මොවුන් ඊජිප්තුවේ බිටුමෙන් සමග මළ මුහුද හරහා වෙළෙඳාම් නියැළි ගෝත්‍රික කණ්ඩායමකි.ඔවුන්ගේ කාන්තාර බදු රට ඔවුන්ට වඩා ආරක්ෂිත ස්ථානය විය. ඔවුන් විසින් ගල් සහ මැටි සහිත ස්ථාන වල බෝතල් හැඩැති වැසි ජලය එකතු වන ජල ටැංකි සකසා තිබූ අතර මේවා පිටස්තරයන්ගෙන් ප්‍රවේසම් සහිතව සඟවා තිබුණි. නැබටීයයන්ගේ වෙළෙඳ කටයුතු වල ව්‍යාප්තිය අරාබියේ රතු මුහුදේ වෙළෙඳ කලාපය තරම් ඈත ප්‍රදේශවල පවා අන්තර්-සංස්කෘතික බලපෑම් ඇති කිරීමට හේතු විය.පෙට්‍රා හි දුෂාරා සහ අල්-උස්සා යන දෙවිවරු ඇදහීමද සිදු විය.


සටහන්[සංස්කරණය]

| Nabateans |}

"https://si.wikipedia.org/w/index.php?title=නැබටීයන්වරු&oldid=471406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි