නාභිගත වන ගැඹුර

විකිපීඩියා වෙතින්

නාභිගත වන ගැඹුර යනු කාචයට සාපේක්ෂව ප්‍රතිබිම්බ තලය පිහිටුවීමේ නිදහස ඇති පරාසයයි. අතීතයේදී නාභිගත වන ගැඹුර ලෙස හැඳින්වුවද දැන් බොහෝ විට මෙය ක්ෂේත්‍රයේ ගැඹුර ලෙස හඳුන්වයි. මේ සඳහා නුතනම යෙදීම වන්නේ ප්‍රතිබිම්බ පැති දුර යන්නයි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න ප්‍රතිබිම්භයේ තියුණුතාව පිළිබඳව වූ මිණුමකි. නාභිගත වන ගැඹුර යන්න කාචය පසුපස ඇති තිරය මත තියුණුව නාභිගත වන පරාසය පිළිබඳ මිණුමකි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න මීටර හෝ අඩි වලින් මනින අතර නාභිගත වන ගැඹුර යන්න මිලිමීටරෙන් කොටසක පංගුවක් පමණ කුඩා වේ. මෙම මිනුමෙන් තිරයේ පිහිටීම වෙනස්විය හැකි නිදහස දක්වන නිසා මෙය කාචයේ තිරයේ නිදහස ලෙසද හැඳින්වේ.


ක්ෂේත්‍රයේ ගැඹුරට බලපාන කරුණු නාභිගත වන ගැඹුරට ද බලපායි. සිදුරු ප්‍රමාණය කුඩාවත්ම ක්ෂේත්‍රයේ ගැඹුර සහ නාභිගත වන ගැඹුර යන දෙකම වැඩිවේ. ස්ථායි F අංකයක් යොදා ගෙන දුර ඇති වස්තුක් සැලකීමේදී ක්ෂේත්‍රයේ ගැඹුර නාභිය දුරට සහ වස්තු දුරට සංවේදි නොවේ. නමුත් දුර ඇති වස්තුවක නාභිගත වන ගැඹුර දිගු නාභිදුරක් හෝ අඩු වස්තු දුරක් සමඟ වැඩිවේ.


කුඩා නිමැවුම් සමඟ ජේල් හෝ වෙනත් පෙරහනයක් භාවිතා කිරීම අර්බුදකාරී තිරණයක් විය හැකිය. කාචයේ පසුපසින් වෙනත් දෑ භාවිතය මගින් ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් වී නාභිය තලයේ පිහිටිම වෙනස් වේ. එබැවින් මෙසේ වෙනත් දෑ භාවිතා කිරීමේදී නාභිය තලයේ වෙනස් වීම නොසැලකිය හැකි තරම් කුඩා වීමට වග බලා ගත යුතු වේ.


ක්ෂේත්‍රයේ ගැඹුර ගණනය කර ගැනීම සඳහා දළ සමීකරණයක් භාවිතා කරනු ලැබේ. එනම් ක්ෂේත්‍රයේ ගැඹුර යනු, නාභිදුර සහ F - නැවතුම යන්නෙහි ගුණිතය 1000 න් බෙදු විට ලැබෙන අගයයි. (මෙම සමීකරණයේ පුළුල් පරාස කාච වලට හෝ ටෙලිෆොටෝ කාච වලට වඩා සාමාන්‍ය කාච වලට වලංගු වේ.)

සටහන්[සංස්කරණය]

Depth of focus

"https://si.wikipedia.org/w/index.php?title=නාභිගත_වන_ගැඹුර&oldid=471740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි