නා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | නා ගස
MesuaFerrea IronWood.jpg
ලංකා නා ගස, තෙල්වත්ත, ගිණිකොණ දිග ශ්‍රි ලංකාව
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: රෝපනය
කොට්ඨාශය: මන්ගොලියෝපිටා
වර්ගය: මන්ගොලියෝප්සිදා
ගෝත්‍රය: මල්පිගිලිසේ
කුලය: [ක්ලුසිසියේ]]
උපකුලය: කීල්මෙයෙරොඩේ
වර්ගය: කැලොපියේ
ගණය: මෙසුවා
Species: ම. ෆෙරියා
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | Binomial name
මෙසුවා ෆෙරියා
ල.
colspan=2 style="text-align: center; background-color: සැකිල්ල:Taxobox/Error colour" | Synonyms

මෙසුවා කොරොමන්ඩෙනියාa වයිට්
මෙසුවා නාර්ගසරියුම් (බර්ම්.ෆ.) කොස්ටර්ම්.
මෙසුවා පෙඩුන්කුලටා වයිට්
මෙසුවා රොක්බර්ගි වයිට්
මෙසුවා ස්ක්ලිරෝපිල්ලා තව්.
මෙසුවා ස්පෙසියොසා චොයිසි
මෙසුවා ස්ටිලොනා

' නා' ශ්‍රී ලංකාවට ආවේනික නිවර්තන වෘක්ෂයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ද මෙය වෙයි.

මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද ඇසෑම්, දකුණු නේපාලය, ඉන්දු චීනය සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ.

අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි.

හෙක්ටයාර 96 (අක්කර 238) ක භූමි භාගයක් පුරා පැතිර පවතින ශ්‍රී ලංකාවේ ජාතික නාමල් උයන, මුළුමනින් ම පාහේ සමන්විත වන්නේ නා ගසිනි. පුරාවෘත්තයන්ට අනුව, සැකිල්ල:විසින් හතරවන දප්පුල රජතුමාගේ කාල පරිජ්ජේදයේ දී (ක්‍රි.ව. 8 වැනි සියවස) නාමල් උයන නිර්මාණය කරන ලද බවත්, අද පවතින නා ගස් පැවෙතෙන්නේ එදා තිබූ ගස්වල අතු රිකිලි වලින් බවත් විශ්වාස කෙරේ. එම නිසා, මිනිසා විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලංකාවේ පැරණිතම වනාන්තරය ලෙස මෙම වනාන්තරය සලකනු ලැබේ. උද්භිද විද්වතුන්ගේ මතය වන්නේ, වියලි කලාපය තුළ පිහිටි, තෙත් කලාපීය ශාඛ ගහණයක් පවතින එකම නා වනය මෙය බවයි.

භාවිත[සංස්කරණය කරන්න]

  • නා දැව ඉතා බර, දැඩි සහ ශක්තිමත්ය. එහි බර ඝන අඩියට රාත්තල් 72 වන අතර ඝනත්වය 1.12 ටොන්/මිටර් 3 වේ. තද අදුරු රතු පැහැතිය. ඉරුම් යන්ත්‍ර යොදා ගෙන ඉරා ගත හැකි මෙම දැව, රේල් පීලිවලට සහ ශක්තිමත් දැව වශෙයන් යොදා ගනී.

.

  • ශාකයෙන් වැගිරෙන ලාටු (දුම්මල) තරමක් විශ සහිත නමුත් නා ගස ඖෂධීය වටිනාකමින් යුක්ත ය. එක වර්න වැඩි කිරිමට යොදගනි. එක ඇගට කාවදිනවා විනිවිද යැමක්සේ.මල් කහට සහිත,වෙදනා නශක,ජිරක,මල බද්දය,බඩේ අමරුව, සැකිල්ල:පිරිසිදු කරන්නවැ. එවා ප්‍රයොජනවත් හතිය තත්වයට,උණ,වමනය සහ බෙලහිනකමට හොඩ වර්ගයකි.සැකිල්ල:අවශ්‍ය් සදහන=Mඅය් 2009.බිජ වලින් ගනු ලබන තෙල් සමට රොග සුව කිරිම ගෙනඩෙයි.වියලුනු මල් අර්ශශ් වලට සහ පචනයට ඹවිත කරයි.


ගැලරිය[සංස්කරණය කරන්න]

=බාහිර සබැඳුම්[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=නා&oldid=286379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි