Jump to content

නහුත රජ

විකිපීඩියා වෙතින්

ප්‍රාග් ඓතිහාසික ලංකාවේ රජ කෙනෙකු ලෙස සැලකෙන මෙතුමා නහුතය එනම් 1යි බින්දු 28යි එකතු වී සෑදෙන අංකය දක්වා ගණිතය දියුණු කළ පුද්ගලයා වන අතර එතුමා ගණිත ශාසත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකේ. මෙම රජතුමා හෙළයේ රජ කළ කාලය කකුසද බුදු රදුන්ගේ කාලය යැයි සැලකේ. නහුත හා සංකිත දෙදෙනෙක් ලෙස සැලකුවත් රජුගේ නම “නහුත සංකිත” යි. මෙකල ලංකාවට කීවේ “ඕජදීපය” යන නමයි. මේ බව සිංහල බෝධි වංශය ප්‍රකාශ කරන්නේ පහත පරිදි ය.


"...එකල්හි ඕජදීපවාසී වූ: සත්ත්වයෝ බුද්ධානුභාවයෙන් පහ වූ විෂමජ්වර ඇත්තාහු තාරකා සමූහයා විසින් පිරිවරනලද නභෝමධ්යව ගත වූ පූර්ණ් චන්ද්රක මණ්ඩලය මෙන් සියලු ඕජදීපය එකාලෝක කොටැ සවනක් රස් විහිදුවන්නා වූ කකුසඳ නම් බුදු රජාණන් වහනසේ දැකැ වහා එතැනට රැස් වූවාහු..."


අගනුවර අශය නගරයයි. එනම් වර්තමානයේ අනුරාධපුරය නගරයයි. අනුරාධපුරයේ රංගිරිමඩල සෙල්ලිපිය නහුත රජතුමා ගැන ලැයවුණකි.


හෙළ ගණන් ක්‍රමය

[සංස්කරණය]

එතුමා විසින් නහුත දක්වා දියුණු කළ හෙළ ගණනය.

  • දස දහයක් සියයක් වේ
  • සිය දහයක් දහසක් වේ
  • දහස් සියය ලක්ෂය වේ
  • ලක්ෂ සියය කෝටිය වේ
  • කෝටි කෝටියක් ප්‍රකෝටිය වේ
  • ප්‍රකෝටි කෝටියක් කෝටිප්‍රකෝටිය වේ
  • කෝටිප්‍රකෝටිය කෝටිය නහුතයක් වේ

ගණන් ක්‍රමයක් පැවතුනේ ඇයි?

[සංස්කරණය]

මෙම ගණන් ක්‍රමය ඇති කිරීමට හේතුව සොයා බැලීම වටී. මන්ද මෙතරම් සංකීර්ණ සංඛ්‍යා ක්‍රමවේදයක් ප්‍රාග් ‍ෛඑතිහාසික හෙළයන්ට වුවමනා නොවුයේ නම් ඔවුන් මෙවැන්නක් නිර්මානය නොකරනු ඇත.

තාරකා ශාස්ත්‍රය, නැකැත් ආදී මේ සියල්ල ඉන්දියාවෙන අපට ලැබුණ බමුණු මත පමණක්මැයි සිතා සිටීම වත්මන් බොහෝ දෙනා තම පහසුවට සකස් කර ගන්නා ලද්දකි. නමුත් ඈත අතීතයේ පටන්ම හෙළ රජවරු ගණිත විෂය පරතෙරට හැදෑරූහ. පැහැදිලිම උදාහරණය වන්නේ චක්‍රවර්තී දසිස් රාවනයන්ය. එතුමාණන් ජ්‍යොතිශ්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වූවා සේම, විදයාත්මක පර්යේශණ හරහා ගුවන් යානයද නිපදවීය. නක්ශත්‍රය හා විද්‍යාව යන අංශ දෙකම සමබරව භාවිතා කළේය.

විශේෂයෙන්ම තාරකා විද්‍යාව ඉතා ප්‍රභලව වර්ධන වී තිබූ නහුත රජුගේ කාලයේ හා ඉන් පසුව විශ්වයේ පවතින තාරකා හා වෙනත් ග්‍රහ වස්තූන් ගණන් කිරීම සඳහා හෙළ ගණිත ශාස්ත්‍රය නිපදවූ බව පැවසේ.

සිංහල ඉලක්කම් යනු ශුණ්‍ය අගයක් රහිතව ලියන්නාවූ ඉලක්කම් විශේෂයකි. එමනිදා විශාල සංඛ්‍යා සංකේත අනුසාරයෙන් ලිවීමේ හැකියාව පවතී. ලොව ජාතීන් විශාල සංක්‍යාවක් සිටියාට ලොව පවතිනුයේ දියුණු ඉලක්කම් වර්ග තුනක් පමනි. ඉන් එකක් සිංහල ඉලක්කම්ය.  


ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ

[සංස්කරණය]
  • පූජාවලිය
  • සිංහල බෝධි වංශය
"https://si.wikipedia.org/w/index.php?title=නහුත_රජ&oldid=604605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි