නර්තනය--බංග්රා - රී මික්ස්

විකිපීඩියා වෙතින්

බොහෝ දකුනු ඉන්දීය ඞී ජේ ශිල්පීන්, විශේෂයෙන් ම අමෙරිකාවේ වාසය කරන්නන් බංග්රා සංගීතය හවුස් රෙගේ සහ හිප් සමග මිශ‍්‍ර කර බංග්රා වලට නවතාවයක් ලබා දුනි. අනූව දශකය අග භාගයේදී මෙම රී මික්ස් ගීත ජනප‍්‍රිය වීම ඇරඹුණි.

මෙම රී මික්ස් ශිල්පීන් අතර විශේෂ තැනක් බලි සාගෝ ට හිමිවේ. පන්ජාබ් සික් ඇංග්ලෝ ඉන්දියානුවෙක් වන ඔහු හැදී වැඩුනේ එංගලන්තයේ බර්මිංහැම් වල ය. බලී සාගෝ 1997 දී ටයිම් සඟරාවට සිය සංගීතය විස්තර කළේ "තබ්ලාවෙන් පොඞ්ඩක් ඉන්දියානු නාද පොඞ්ඩක් දාන්න ඒත් බේස් නාද ගේන්න ෆන්කි ඩ‍්‍රම් නාද ගේන්න ජේම්ස් බ‍්‍රව්න් ගේ කොටස් ගේන්න" ලෙසිනි. ඔහු මෑතකදී සෝනි සමාගම සමග ධජයධාරී කලාකරුවෙකු ලෙස ගිවිසුම් තැබීය මොවුන් අතරින් වඩාත් ම ජනප‍්‍රිය ඉන්දියානු පන්ජාබ ගායකයෙකු වන්නේ ඩිලර් මෙහ්න්ඩි ය. ඔහුගේ සංගීතය බංග්රා පොප් ලෙස හඳුන්වනු ලැබේ. මෙහ්න්දි සිය "බොලො තරා රා රා" හා "හෝ ජායේංගි බල්ලේ බල්ලේ" වැනි ගීත හරහා පංජාබයේ පමණක් නොව මුළු ඉන්දියාවම පුරා ජනප‍්‍රිය ගායකයෙක් බවට පත් විය. පන්ජාබ් නොවන ඉන්දියානුවන් අතර බංග්රා පොප් උමතුවක් ඇතිකළ ඔහුගේ ඇල්බම මිලියන ගනනින් අලෙවි විය. ඇතැම් විට මෙහි වඩාත් ම වැදගත් සන්ධිස්ථානය ලෙස පංජාබ භාෂාව කතා නොකරන කේරළ ප‍්‍රාන්තයේ ඇල්බම 250 000 අලෙවි වීම සැළකිය හැක.

දශකයේ අවසාන භාගය වන විට බලි සාගෝ සහ අපාචි ඉන්දියන්, සෝනි සහ අයිලන්ඞ් වැනි ජාත්‍යන්තර සංගීත සමාගම් සමග ගිවිසුම් ගත වීමත් සමග බංග්රා ප‍්‍රධාන ධාරාවට ඇතුලූවීම තව දුරටත් සිදු විය. මීට අමතරව අසූව සහ අනූව දශක වල බි‍්‍රතාන්‍යයේ බංග්රා සංගීතය හා සම්බන්ධ වූ ප‍්‍රධාන සංගීත සමාගමක් වන මල්ටිටෝන් සමාගම බී එම් ජී විසින් මිලයට ගැණුනි. ආසන්නතම සිදුවීම ලෙස මෑතකදී සිදුකෙරුනු පෙප්සි දැන්වීමක් දකුනු ඉන්දීය නිලියක් සහ බංග්රා සංගීතය යොදා සිදුකෙරුණි. මෙය අන් කිසිවකටත් වඩා ජනප‍්‍රිය සංස්කෘතියේ බංග්රා නැගී සිටීම පිළිබඳ පැහැදිලි සළකුනකි.

මෙම පශ්චාත් බංග්රා සංගීතය එක්සත් රාජධානියේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දිගින් දිගටම ජනප‍්‍රියත්වයට පත් විය. බලි සාගෝ වැනි සංගීතඥයෝ "බොලිවුඞ් රී මික්ස්" නම් වූ සංගීතයක් ලබා දුනි. මෙය සාම්ප‍්‍රදායික බංග්රා නාද දකුනු ආසියානු භාණ්ඩ හා වෙනත් කාලීන සංගීත ක‍්‍රම සමග මිශ‍්‍රණයේ එක් ප‍්‍රථිපලයක් පමණි. එතරම් ජනප‍්‍රිය නොවුනු වෙනත් සංගීත රටා අතර "බන්ග්රාමෆින්" සහ "ඇසිඞ් බංග්රා" ආදිය විය. බංග්රාමෆින් සාම්ප‍්‍රදායික බංග්රා පසුතල රෙගේ සමග මිශ‍්‍ර කරයි. මෙම සංගීත ක‍්‍රමයේ එක් ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් වන්නේ අපාචි ඉන්ඩියන් ය. ඇසිඞ් බංග්රා හි නාමයෙන් පැවසෙන පරිදි ම ඇසිඞ් බංග්රා යනු ඇසිඞ් සංගීතය බංග්රා සංගීතය සමග මිශ‍්‍ර කිරීමෙන් සෑදුනකි. මෙහි ජනප‍්‍රියත්වයේ සිත්ගන්නා ප‍්‍රතිඵලයක් වූයේ මෙම පශ්චාත් බංග්රා සංගීතය සමාජ ශාලා වලට නව රැල්ලක් එක් කිරීමය. මෙහි ජනප‍්‍රියත්වය දකුණු ඉන්දීය දායකත්වය කේන්ද්‍රකරගත්තක් වූව ද පශ්චාත් බංග්රා යනු ඍජු සංගීත හා නර්තන එකතුවකින් ඔබ්බට පැතිරුණු සංගීතමය සංස්කෘතිකමය සමායෝජනයක් ලෙස අරුත් ගන්වා ඇත .



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Bhangra#Remixes