ධවල පත්‍රිකා

විකිපීඩියා වෙතින්

ධවල පත්‍රිකාවක් යනු යම් කිසි තීරණයක් ගැනීමට, ගැටලුවක් අවබෝධ කර ගැනීමට, හෝ ගැටලුවක් විසඳීමට ඉදිරිපත් කරනු ලබන විශ්වාස කල හැකි සාක්ෂි සහිත ලේඛණයකි. ධවල පත්‍රිකා අවස්ථා 2කදී භාවිතා කරනු ලබයි. ඒවා නම් ව්‍යාපාරික කටයුතු වලදී සහ රාජ්‍ය පාලන කටයුතු වලදීය. ව්‍යාපාරික කටයුතු වලදී භාවිතා වන ධවල පත්‍රිකා සමාගමක් විසින් එහි නිෂ්පාදනයක් හෝ සේවාවක් අලෙවි ප්‍රවර්ධනය කිරීමට හෝ උපුටා දැක්වීම සඳහා නිකුත් කරන විස්තරාත්මක පත්‍රිකාවකි. මෙය අත් පත්‍රිකා වැනි පාරිභෝගික වෙළඳ ප්‍රචාරක ලියවිල්ලක් නොවන අතර බොහෝ විට ව්‍යාපාර අතර අන්‍යෝන්‍ය අවබෝධය පිනිස භාවිතයට ගැනෙයි.නිදසුනක් ලෙස නිෂ්පාදකයා සහ තොග වෙළෙන්දා අතර හෝ තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා අතර ධවල පත්‍රිකා හුවමාරු විය හැකි නමුත් සිල්ලර වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර ධවල පත්‍රිකා හුවමාරු නොවේ.

රාජ්‍ය අංශයේ ධවල පත්‍රිකා භාවිතා වනුයේ ආණ්ඩුක්‍රම ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග නිර්දේශනයේදී සහ යම් කටයුත්තක් හෝ තීරණයක් පිලිබඳව රාජ්‍ය ස්ථාවරත්වය පැහැදිලි කිරීමේදීය.

"https://si.wikipedia.org/w/index.php?title=ධවල_පත්‍රිකා&oldid=469460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි