ධර්ම සංගායනා - ධර්ම ග්‍රන්ථ වලට අනුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හෝ

ධර්ම ග්‍රන්ථ වලට අනුව බුද්ධ පරිණිර්වානයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාව පැවැත්විය. ඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛ වහරෙනි. මෙම සමළුවු මුලික අරමුණ වුයේ කරැණු වල වැරදි තබේදැයි පරික්ෂා කිරීමයි. පළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන්වහන්සේ ‍ගේ උපස්ථායක වන ආනන්ද තෙරැන් විසින් පාලි සුත්‍ර හා අභිධර්මය කියවු අතර උපාලි මහරහතන් වහන්සේ විනය නීති දේශනා කළ සේක

දේවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම් වලට ලක්විය. මෙම නිකාය භේදය ඇතිවුයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොමැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදු විය.

නිකාය භේදය හටගතතේ ස්ථිවර හා මහාසාඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැතිය එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථෙරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ අති වු මතභේදයේ දී පරාජයට පත් වු පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහසාංළික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරැ පරම්පරාවක් වන සරස්වතිවාදය හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුවමෙම භේදය රහතන් වහන්සේලාගේ තත්ත්වය පහළ බැසීමට හේතු වු කරැණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර තේරවාද සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදි මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආර‍ාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දි පමණ ආගමික කරැණු මුල් කරගෙනද මතභේද හටගැනීමට අරම්භ විය.