ධම්ම චක්කප්පවත්තන සූත්‍රය
Jump to navigation
Jump to search
ධම්ම චක්කප්පවත්තන සූත්‍රය යනු බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කල මංගල ධර්ම දේශනාවය. උන්වහන්සේ විසින් එම දේශනාව පස්වග මහණුන් අමතා බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී දේශනාකොට වදාළ සේක. මෙම දේශනාව බුදුරජාණන්වහන්සේ විසින් තුන් ලොවටම ඇසෙන සේ දේශනාකොට වදාළ සේක. එනම් උන්වහන්සේගේ මෙම දේශනාව මනුෂ්‍ය, දිව්‍ය හා බ්‍රහ්ම ලෝක වෙත ඇසෙන සේ අධිෂ්ඨාන කර වදාළ සේක.