ධම්මදින්නා මහරහත් තෙරණිය
Appearance
ධම්මදින්නා උපන්නේ මගධයේ ධනවත් පවුලක ය. ඇය විවාහ වී සිටියේ විශාක නම් ධනවත් සිටුවරයෙක් සමඟ ය. ඔහු බිම්බිසාර රජුගේ මිතුරෙකි.
ධම්මදින්නා මහරහත් තෙරණිය | |
---|---|
උපත | මගධය |
රැකියාව | භික්ෂුණි |
තනතුර | ධර්ම කථික භික්ෂුණීන් අතර අග්රස්ථානය |
විශාකද බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වූ අතර දිනක් බුදු බණ අසා අනාගාමී විය. එබැවින් ධම්මදින්නා ද බුදූන් අනුගමනය කළ අතර ඇය භික්ෂුණියක් බවට පත් වී ඉක්මනින්ම අර්හත් විය . එතුමිය ඒ කාලයේ බුදුන්ට සමාන ලෙසම මිනිසුන්ට ධර්මය ඉගැන්වීම සම්බන්ධයෙන් ඉතා ප්රසිද්ධියට පත් වූවාය. මේ හේතුව නිසාම බුදුන් වහන්සේ ධර්මය ඉගැන්වීමෙහි ප්රමුඛයා ලෙස ධම්මදින්නට ගෞරව කළහ .