ද හන්ගර් ගේම්ස්

විකිපීඩියා වෙතින්
ද හන්ගර් ගේම්ස්
Cover of the novel, showing the title in white text on a black and grey background, above a depiction of a gold pin featuring a bird in flight, its wings spread and an arrow clasped in its beak.
North American first edition cover
කර්තෘSuzanne Collins
කවර චිත්‍ර ශිල්පීTim O'Brien
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
මාලාවThe Hunger Games trilogy
ප්‍රභේදයAdventure
Dystopian
Science fiction[1]
Action
ප්‍රකාශිතSeptember 14, 2008 (Scholastic Press)
මාධ්‍ය වර්ගයමුද්‍රිත (ඝන කවරය, කඩදාසි කවරය)
පිටු374
අයිඑස්බීඑන්978-0-439-02352-8
ඕසීඑල්සී181516677
LC ClassPZ7.C6837 Hun 2008
අනුගත වන්නේCatching Fire

ද හන්ගර් ගේම්ස් යනු 2008 වර්ෂයේදී ඇමෙරිකානු ලේඛිකාවක් වූ සුසෑන් කොලින්ස් විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ නව කතාවකි. මෙම කතාව රචනා කර ඇත්තේ මහා විනාශයකට පසු අමානුෂික හා බියකරු වූ උතුරු ඇමෙරිකාවේ පානෙම් නම් වූ ප්‍රදේශයක ජීවත් වන 16 හැවිරිදි කැට්නිස් එවර්ඩීන් ගේ ස්වරයෙනි. අනෙකුත් ප්‍රදේශ සියල්ලක්ම පාලනය කරනු ලබන්නේ කැපිටල් නම් වූ ඉතා දියුණු අගනුවරක් විසිනි. හන්ගර් ගේම්ස් යනු වාර්ශිකව පවත්වනු ලබන කැපිටල් අගනුවර වටා පිහිටි දිස්ත්‍රික්ක 12 න් ම වයස 12-18 අතර වූ එක් පිරිමි ළමයෙකු හා එක් ගැහැණු ළමයෙකු බැගින් ලොතැරයියකින් තෝරාගෙන මරණය තෙක් සටන් කිරීමට සළස්වා එය විකාශය කිරීම සිදු කරනා අවස්ථාවකි.

මෙම නවකතාවට විචාරකයින් හා කතුවරුන්ගෙන් බොහෝදුරට ධනාත්මක ප්‍රතිචාර ලැබිණි. එහි කතා පෙළගැස්මට හා චරිත විකාශය පැසසුමට ලක් වූ නමුත් සමහරක් විචාරකයින් කොලින්ස් ගේ නවකතාව සහ කොශුන් ටකාමි ගේ බැට්ල් රොයාල් (1999) කෘතිය අතර සමානකම් සටහන් කරන ලදී. ද හන්ගර් ගේම්ස් ලිවීමේදී තේමාත්මක අන්තර්ගතය සඳහා කොලින්ස් විසින් ග්‍රීක මිථ්‍යා මත, රෝමානු මල්ලව ක්‍රීඩා සහ නූතන රියැලිටි ටෙලිවිෂණය උපයෝගී කරගන්නා ලදී. මෙම කෘතිය කැලිෆෝර්නියා තරුණ පාඨක පදක්කම ඇතුළු සම්මාන රැසක් දිනාගත් අතර 2008 වසරේ හොඳම කෘතිය ලෙස පබ්ලිෂර්'ස් වීක්ලී සඟරාව විසින් නම් කරන ලදී.

මුල් වරට ද හන්ගර් ගේම්ස් කෘතිය ටිම් ඔ'බ්‍රයන් විසින් නිර්මාණය කරන ලද පිට කොළය සමග ස්කොලාස්ටික් මගින් ඝන කවරයක ප්‍රකාශනය කරන ලද්දේ 2008 සැප්තැම්බර් 14 වෙනිදාය. ඉන් පසු එය පිටත කඩදාසි බැම්ම සහිතව හා ඊ පොත් මෙන්ම ශ්‍රව්‍ය පොත් ලෙසින්ද මුදාහැරිණි. 200,000 ක් වූ අරම්භක මුද්‍රණයෙන් පසු 2010 වර්ෂයේ පෙබරවාරි වන විට පිටපත් 800,000 ක් විකිණී තිබිණි. ද හන්ගර් ගේම්ස් මුදාහැරීමෙන් පසුව එය භාෂා 26 කට පරිවර්තනය වී ඇති අතර එහි ප්‍රකාශන අයිතීන් පළාත් 38 කට පමණ විකුණා ඇත. කැචින්ග් ෆයර් (2009) සහ මොකින්ග්ජේ (2010) අයත් ද හන්ගර් ගේම්ස් ග්‍රන්ථ ත්‍රිකයෙහි පළමු කෘතිය මෙය වේ.කොලින්ස් විසින්ම සම-රචිත හා සම-නිෂ්පාදිත, ගැරී රොස් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අනුවාදය 2012 වර්ෂයේදී මුදාහරින ලදී.

පසුබිම[සංස්කරණය]

කොලින්ස් පවසා ඇති පරිදි ද හන්ගර් ගේම්ස් හි අනුප්‍රාණය ඇය වෙත ලැබී ඇත්තේ රූපවාහිනී නාලිකා අතර නිතර මාරු වීමෙදීය. එක් නාලිකාවක ඇය රියැලිටි වැඩසටහනක් දුටු අතර අනෙක් නාලිකාවේ ඇය දුටුවේ ඉරාක ආක්‍රමණයයි. එම සිද්ධීන් දෙක එකට කැළඹී ඇයට මෙම කෘතිය සඳහා අදහස ඇති විය. [2]කොලින්ස් විසින් කැට්නිස් ව නවීන තීසියස් ලෙසින් විස්තර කිරීමත්, රෝමානු මල්ලව ක්‍රීඩා මෙහි රාමුව වීමත් සමඟ ග්‍රීක මිත්‍යාවක් වූ තීසියස් මෙම කතාවේ ප්‍රධාන පදනම විය. ඇයගේ පියාගේ වියට්නාමයෙහි පැවති රාජකාරි කටයුතු නිසාවෙන් ඇයට සිදුවූ පාඩුව මෙහි කතාවස්තුවට බලපා ඇති ආකාරය කතාව පටන් ගැනීමටත් වසර 5 කට පළමුව වයස 11 දී කැට්නිස් හට තම පියා අහිමි වීමෙන් පැහැදිලි වේ.[3] කොලින්ස් සඳහන් කල පරිදි ලිවීමට ඉතාමත් දුෂ්කර වූයේ වයසින් බාල චරිත වල මරණයනුත් එවැනිම වූ අනෙකුත් අඳුරු පරිච්ඡේදයනුත් ය. කෙසේවෙතත් ඒවා කතාවට අත්‍යාවශ්‍ය වන බැවින් ඇයට එවා පිළිගැනීමට සිදු විය. කැට්නිස් විසින් අතීතයේ ප්‍රීතිජනක නිමේෂයන් ආවර්ජනය කරන අවස්ථාවන් වඩාත් සතුටින් භුක්ති විඳිය හැකි බවට ඇය සලකයි.[4]

කථා වස්තුව[සංස්කරණය]

ද හන්ගර් ගේම්ස් පවත්වනු ලබන්නේ නාඳුනන මහා විනාශකාරී එළිදරව්වකට පසු විනාශයට පත් වූ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන උතුරු ඇමෙරිකාවේ පානෙම් නම් වූ දේශයකයි. ඉසුරුමත් කැපිටල් අගනුවරින් හා ඒ වටා එක්සත්ව පිහිටි දිළිඳු දිස්ත්‍රික්ක දොළහකින් මෙම දේශය සමන්විත වේ. වරක් ඇපලේෂියාව නමින් හැඳින්වූ ගල් අඟුරු වලින් ආඩ්‍ය ප්‍රදේශයක් වන 12 වන දිස්ත්‍රික්කයෙන් මෙම කෘතිය ආරම්භවේ.[5]

අතීතයේදී කැපිටල් අගනුවරට එරෙහිව දියත් කළ, 13 වන දිස්ත්‍රික්කය සහමුලින්ම විනාශ වූ කැරැල්ලට දඬුවම් වශයෙන් වාර්ෂිකව ලොතරැයියක් මඟින් සෑම දිස්ත්‍රික්කයකින්ම එක් පිරිමි ළමයෙකු හා එක් ගැහැණු ළමයෙකු බැගින් හන්ගර් ගේම්ස් හි සහභාගීත්වය සඳහා තොරා ගනී. මෙහිදී සහභාගිකයින්ව ට්‍රිබ්‍යුට්ස් ලෙසින් හඳුන්වන අතර ඔවුන් කැපිටල් අගනුවර මඟින් පාලනය කරන එළිමහන් අංගනයක, එක් පුද්ගලයෙක් ඉතිරි වන තුරු මරණය තෙක් සටන් කළ යුතුය. 74 වන වාර්ෂික හන්ගර් ගේම්ස් හි ප්‍රිම් රෝස් නම් වූ තම බාල නැගණියගේ ස්ථානය වෙනුවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන 12 වන දිස්ත්‍රික්කයේ 16 හැවිරිදි කැට්නිස් එවර්ඩීන් නම් වූ තරුණියගේ කථනයක් ලෙස මෙම කතාව දිගහැරේ. 12 වන දිස්ත්‍රික්කයේ පිරිමි පසින් ට්‍රිබ්‍යුට් කෙනෙකු ලෙස තේරී පත්වන්නේ කැට්නිස් ගේ පවුල කුසගින්නේ තැවෙන විට, තම පවුලේ බේකරියෙන් ඇයට පාන් ලබා දුන් කැට්නිස් ගේ පාසැල් මිතුරෙකු වූ පීට මෙලාර්ක් ය.

කැට්නිස් සහ පීට ව කැපිටල් අගනුවරට ගෙනගිය පසු ඔවුන්ගේ උපදේශකයා වන 50 වන හන්ගර් ගේම්ස් හි ජයග්‍රාහක හේමිච් ඇබර්නැතී ඔවුනට උපදෙස් දෙන්නේ අනෙකුත් සහභාගීන්ගේ ශක්තීන් සහ දුර්වලතා දෙස පරීක්ෂාවෙන් බලා සිට ඒවා හොඳින් නිර්ණය කරගන්නා ලෙසයි. මෝස්තර ශිල්පීන් සේවයට යොදා ඇත්තේ සෑම ට්‍රිබ්‍යුට් කෙනෙකුටම ඉතා ඉහළ පෙනුමක් ලබාදීමටයි. කැට්නිස් හට කැපිටල් අගනුවර සිටිනා අයගෙන් යම් තාක් දුරට හෝ අවබෝධයක් ඇත්තේ ඇගේ මෝස්තර ශිල්පියා වන සින්නා සමඟ පමණි. අනුග්‍රාහකයින් ලබාගැනීම සඳහා ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇද ගැනීමට දරන උත්සාහයක් වශයෙන් සෑම ට්‍රිබ්‍යුට් කෙනෙකුම රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නා වූ සීසර් ෆ්ලිකර්මන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් මඟින් කැපිටල් ප්‍රේක්ශකයින් හට පොදුවේ ප්‍රදර්ශණය කරයි. මෙම අවස්ථාවේදී පීට විසින් ප්‍රසිද්ධියේ කැට්නිස් හට තිබෙන ඔහුගේ දීර්ඝකාලීන නිශ්ඵල ආලය ප්‍රකාශ කර සිටී. අනුග්‍රාහකයින් හට තරඟය අතරතුර සහභාගීන්ට ආහාර, බෙහෙත් සහ ආම්පන්න වැනි නොමැරී සිටීමට ඉතාමත් වැදගත් වන දේ තෑගි කල හැකි බව දන්නා කැට්නිස් සිතන්නේ මෙය ඔවුන්ගේ අවධානය යොමු කර ගැනීමට යෙදූ කූටෝපායක් ලෙසිනි.

තරඟයේ පළමු දිනයේදීම තරඟකරුවන් භාගයක් පමණ මිය යන අතර අනෙකුත් තරඟකරුවන්ගේ පීඩාවලින් තොරව සැඟවී සිටීමට කැට්නිස් තම මනාව පුහුණු වූ දඩයම් ශිල්පය හා නොනැසී ජීවත් වීමේ හැකියාව මත විශ්වාසය තබයි. 11 වන දිස්ත්‍රික්කයේ රූ නැමැති 12 හැවිරිදි දැරිය කැට්නිස් හට තම නැගණිය සිහිපත් කරවන අතර, තරඟය ආරම්භ වී දින කිහිපයකට පසු ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් හටගනී. මේ අතරවාරයේ පීට ධනවත් දිස්ත්‍රික්ක වල තරඟකරුවන් හා එක් වෙයි. කෙසේ නමුදු ඔහුට කැට්නිස් ව මරණයට පත් කිරීමට අවස්ථාවක් ලැබුණද, ඔහු ඇයව අන් අයගෙන් බේරාගනී. කැට්නිස් හා රූ ගේ මිත්‍රත්වය අනපේක්ෂිත අන්දමින් කෙළවර වන්නේ වෙනත් ට්‍රිබ්‍යුට් කෙනෙකු අතින් රූ මරණයට පත් වීමත් ඉන්පසු කැට්නිස් ආත්මාරක්ෂාව වෙනුවෙන් ඊතලයකින් ඔහුව මරා දැමීමත් සමඟිනි. රූ මියයන තුරු කැට්නිස් ඇයට ගී ගයනා අතර ඉන්පසු ඇයගේ දේහය මල් වලින් වට කරන්නේ රූ හට කරන ගෞරවයක් ලෙසත් කැපිටල් අගනුවර වෙත තම පිළිකුල පෙන්වීමටත්ය.

කැට්නිස් හා පීට ගේ ප්‍රතිරූපය අවාසනාවන්ත ලෙසින් බාධා පැමිණෙන පෙම්වතුන් යුවළක් ලෙසින් ප්‍රේක්ශකයින්ගේ සිත් තුළ මැවී ඇති බැවින් තරඟයේ මැද භාගයේදී තරඟ නීති වෙනස් කරමින්, එකම දිස්ත්‍රික්කයේ සාමජිකයින් දෙදෙනාටම යුවළක් ලෙසින් ජයග්‍රහණය කළ හැකි බව නිවේදනය කරයි. මෙය කන වැකුණු පසු කැට්නිස් පීට ව සෙවීමට පටන් ගනී. අවසානයේදී ඇය තුවාල වී සැඟවී සිටිනා පීට ව සොයාගනී. ඔහුගේ සෞඛ්‍ය තත්වය නැවත ලබාගැනීමට සාත්තු කරනා අතර තවදුරටත් ප්‍රේක්ශකයින්ගේ ප්‍රසාදය දිනා ගැනීමටත් එමෙන්ම අනුග්‍රාහකයින්ගෙන් ත්‍යාග ලබාගැනීමටත් ඇය ආදරයෙන් බැඳුනු යුවතියකගේ චරිතය ද රඟපායි. අවසානයේදී මෙම යුගළය පමණක් තරඟයේ ඉතිරි වූ පසු තරඟයේ නිර්මාතෲන් ඔවුන්ට නාට්‍යමය අවසානයකට යොමු වීමට බල කිරීමට තරඟ නීතිය ආපසු හරවමින් පවසන්නේ එක් අයෙකු විසින් අනෙකාව මරණයට පත් කළ යුතු බවයි. කැපිටලය වෙත ඇති බලවත් අකීකරුකම පෙන්වීමට කැට්නිස් තම පැසෙන් අධික විෂ සහිත දං වැනි ගෙඩි ජාතියක් වන "නයිට්ලොක්" වලින් කිහිපයක් ගෙන කොටසක් පීටටද පිරිනමයි. කැට්නිස් සහ පීට සියදිවි හානිකරගැනීමට අදහස් කරන බැව් අවබෝධවීමෙන් පසුව තරඟ නිර්මාතෲන් ඔවුන් දෙදෙනාම 74 වන හන්ගර් ගේම්ස් හි ජයග්‍රාහකයින් ලෙසට නිවේදනය කරයි.

මෙම අංගනයේදී බලවත් ලෙස පීඩාවට පත්වූවත්, කැපිටල් නුවරදී වීරවරුන් ලෙස පිළිගැනීමට පාත්‍ර වුවත්, ඇගේ සමාජයේ ඒකාධිපති නායකයින් ට ප්‍රසිද්ධියේ අකීකරු වීම නිසා ඇය දේශපාලන ඉලක්කයක් වී අති බවට හේමිච් අනතුරු අඟවයි. පසුව තරඟය තුළ කැට්නිස් ගේ ක්‍රියාකලාපය ප්‍රේක්ෂකයින්ගේ අනුකම්පාව ලබා ගැනීමට සූදානම්ව සිදු කළ කූටෝපායක් බැව් පීට ට දනගනීමට ලබෙන අතර ඉන් ඔහුගෙ සිත බිඳෙයි. කෙසේවෙතත් කැට්නිස් තම හැඟීම් පිලිබඳ අනියත බවකින් පෙළෙමින් පීටගෙන් වෙන්වී වෙනත් මඟකට යන දිනය ගැන තැති ගෙන සිටී.

තේමාවන්[සංස්කරණය]

ද හන්ගර් ගේම්ස් කර්තෘ සුසෑන් කොලින්ස් 2010 දී

කොලින්ස් සමඟ කළ සාකච්ඡාවකදී ඇය පැවසූ පරිදි මෙම කෘතිය උග්‍ර දිළිඳුකම, හාමත, පරිපීඩනය, සහ යුද්ධයේ ප්‍රතිවිපාක වැනි ප්‍රශ්න සමඟ පොරබදී. [6]ඔවුන් සහභාගී විය යුතු හන්ගර් ගේම්ස් හීදීත්, ඔවුන්ගේ දිස්ත්‍රික්කයේදීත් පානෙම් වැසියන්ට මුහුණ පෑමට සිදුවන ආත්මාරක්ෂාව පිළිබඳ වූ අරගලයන් සම්බන්ධව මෙම කතාව ගනුදෙනු කරයි. [2]අංගනයෙන් ඇතුලතත් පිටතත් රට වැසියන් පෙළෙන හාමතයත්, සම්පත් අවශ්‍යතාවත් ප්‍රධාන චරිත වලට අසරණ වාතාවරණයක් ඇති කරන අතර ඔවුන්ගේ ජීවත් වීමට දරන ප්‍රයත්නය තුළින් ඔවුන් එය මැඩපැවත්වීමට ක්‍රියා කරයි. තම පවුලට ආහාර සොයාගැනීමට කැට්නිස් හට දඩයම් කිරීමට සිදුවන බැවින් ඇයට එය තරඟයේදී අවශ්‍යවන කුසලතාවයක් වර්ධනය කරගැනීමට (දුන්න සහ ඊතලය හොඳින් හැසිරවීමේ හැකියාව) උදව් වන අතරම ජීවිතයට තර්ජනයක් ඇති කරන අවස්ථා හමුවේ කැපිටල් අගනුවරෙහි නීති ප්‍රතික්ෂේප කිරීමත් නිරූපණය කෙරේ. [7]මෙම තරඟය හා පොප් සංස්කෘතිය අතර සමාන්තරත්වය යන විෂය සැලකීමේදී එන්ටටේන්මන්ට් වීක්ලී හි ඩැරන් ෆ්‍රැනිච් ලියා ඇත්තේ මෙම කෘතිය රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන් තියුණු උපහාසයකට ලක් කරන බවත් එමෙන්ම කැට්නිස් ගේ ඇඳුම් පැළඳුම් කට්ටලය යොදා ගනිමින් අනතුරුදායක විය හැකි අදහස් ප්‍රකාශ කරන සින්නාගේ චරිතය ප්‍රොජෙක්ට් රන්වේ හි ධනවාදී ඒකාධිපති අනුවාදයක තරඟකරුවෙක් වැනි බවත්ය.[8]

මෙහි චරිත විසින් ගන්න තීරණ හා උපායමාර්ග බොහෝදුරට සදාචාරාත්මකව සංකීර්ණ එවා වේ. තරඟය අතරවාරයේදී තරඟකරුවන් තම පෞරුෂත්වය ගොඩනගාගන්නේ ප්‍රේක්ෂක ජනයාට අවශ්‍ය ආකාරයටය.[7] වොයිස් ඔෆ් යූත් ඇඩ්වකේට්ස් නම් වූ පුස්තකාල සඟරාව මඟින් හන්ගර් ගේම්ස් හි ප්‍රධානතම තේමාවන් ලෙසට "රාජ්‍ය පාලනය, ඒකාධිපතිවාදීත්වය සහ පුද්ගල නිදහස" නම් කර ඇත.[9] මෙම ග්‍රන්ථ තිකයෙහි තේමාව වූ බලය සහ විනාශය ශේක්ස්පියර්ගේ ජූලියස් සීසර් වලට සමාන බව ප්‍රකශකයන් වූ ස්කොලාස්ටික් පෙන්වා දුන්හ.[10]

ප්‍රකාශන ඉතිහාසය[සංස්කරණය]

විවේචනාත්මක පිළිගැනීම්[සංස්කරණය]

බැට්ල් රොයාල් මතභේදය[සංස්කරණය]

චිත්‍රපටි අනුවාදය[සංස්කරණය]

ලයන්ස් ගේට් එන්ටර්ටේන්මන්ට් සමාගම ඊට සති කිහිපයකට පෙර මෙම නව කතාව ලොව පුරා බෙදාහැරීමේ අයිතිය ලබාගත් නීනා ජේකොබ්සන් ගේ නිෂ්පාදන සමාගම වන කලර් ෆෝස් සමඟ 2009 මාර්තු වලදී සම නිෂ්පාදන ගිවිසුමකට එලැඹිණි.[11][12] අවුරුදු 5 කින් ලාභයක් උපයා නොතිබූ චිත්‍රාගාරය අනෙකුත් නිෂ්පාදන වල අයවැය වටලා හා වත්කම් විකුණා එතෙක් ඔවුන්ගේ විශාලතම වූ $88,000,000 ක් වූ අයවැය[13] මෙම චිත්‍රපටිය සඳහා සුරක්ෂිත කරන ලදී. [14][15] එම වරය ලබාගැනීමට "ඔවුන්ගේ (ලයන්ස්ගේට්) ආවතේවකාරයින් හැර අනෙක් සියල්ලක්ම අපට ඇමතුවා." යැයි කොලින්ස් ගේ ඒජන්තවරයා වූ ජේසන් ඩ්‍රැවිස් ප්‍රකාශ කළේය.[15] Intending the film to have a PG-13 rating,[16] චිත්‍රපටියට PG-13 තක්සේරුවක් බලාපොරොත්තු වෙමින් කොලින්ස් විසින්ම තිර රචක බිලී රේ හා අධ්‍යක්ෂක ගැරී රොස් ගේ උදවු මත මෙම කෘතිය චිත්‍රපටිය බවට අනුවර්තනය කරන ලදී. [11] in collaboration with screenwriter Billy Ray and director Gary Ross.[17][18]තිර රචනය මුල් කෘතියට අතිශයින්ම විශ්වාසවන්ත හා නිවැරදි ලෙසින් රචනා කොට ඇත[19]. රොස් විසින් "චිත්‍රපටිය සාර්ථකව නිෂ්පාදනය කල හැකි එකම ආකාරය විෂයානුබද්ධ වීම යැයි දැනුනා." ලෙස පැවසුවේ කොලින්ස් ගේ උත්තම පුරුෂ වර්තමාන කාලයෙන් රචිත නව කතාව සමඟ එකඟ වෙමිනි.[20]

විසි හැවිරිදි ජෙනිෆර් ලෝරන්ස් ව කැට්නිස් එවර්ඩීන් ගේ චරිතය සඳහා තෝරා ගන්නා ලදී.[21] රූගත කරන කාලයේදී ලෝරන්ස් මෙම චරිතයට වඩා අවුරුදු 4ක් පමණ වැඩිමහල් වූ නමුත්[22] කොලින්ස්ට දැනුනේ මෙම චරිතයට "යම්කිසි පරිණතියක් හා ප්‍රබලත්වයක්" වුවමනා බවකි.[23] එම නිස ඇය කියා සිටියේ මෙම චරිතය සඳහා වයසින් අඩු කෙනෙකුට වඩා වයසින් වැඩි කෙනෙකු සුදුසු වන බවකි. කොලින්ස් තවදුරටත් එක් කලේ ඇය රචනා කළ චරිතය සත්‍ය වශයෙන්ම ග්‍රහණයට හසු කරගත් එකම පුද්ගලයා ලෝරන්ස් බවත් කැට්නිස් ගේ චරිතය නිරූපණයට අත්‍යවශ්‍ය වන සියළුම ගුණාංගයන් ඇය සතු වන බවත් ය.[24] මෙම ග්‍රන්ථ සංග්‍රහයේ ලෝලියෙකු වූ ලෝරන්ස් මෙම චිත්‍රපටියේ භූමිකාව බාරගැනීමට දින 3 ක් ගත්තේ නිෂ්පාදන පරිමාව දැක තැතිගැනීමට ලක් වූ නිසවෙනි. [25][26]ජෝශ් හචර්සන් සහ ලියාම් හෙම්ස්වර්ත් පිළිවෙලින් පීට සහ ගේල් ගේ චරිත සඳහා පසුව නළු පිරිසට ඇතුළත් කරන ලදී. [27][28]2011 වසන්ත කාලයේ අග භාගයේ දී නිෂ්පාදන කටයුතු ආරම්භ වූ අතර [29] චිත්‍රපටිය 2012 මාර්තු 23 වෙනිදා තිරගත කරන ලදී. [30]ආරම්භක සතියේදීම වාර්තාගත ලෙස උතුරු ඇමෙරිකාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන $152.5 ක වාර්තාවක් තැබීමට හැකිවිය.[31] ද හන්ගර් ගේම්ස්: කැචින්ග් ෆයර් නම් වූ මෙම කතා ත්‍රිත්වයෙහි දෙවන කොටස ඊලඟ වසරෙහි, එනම් 2013 නොවැම්බර් 22 වන දින තිරගතකරන ලදී.[32]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Mockingjay proves the Hunger Games is must-read literature". io9. 26 August 2010. සම්ප්‍රවේශය February 12, 2013.
  2. 2.0 2.1 Sellers, John A. (June 9, 2008). "A dark horse breaks out: the buzz is on for Suzanne Collins's YA series debut". Publishers Weekly. සම්ප්‍රවේශය July 12, 2010.
  3. Margolis, Rick (September 1, 2008). "A Killer Story: An Interview with Suzanne Collins, Author of 'The Hunger Games'". School Library Journal. සම්ප්‍රවේශය October 16, 2010.
  4. "The Most Difficult Part" (Video). Scholastic. සම්ප්‍රවේශය February 25, 2012.
  5. Collins, Suzanne (2008). The Hunger Games. Scholastic. p. 41. ISBN 0-439-02348-3.
  6. "Mockingjay (The Hunger Games #3)". Powell's Books. සම්ප්‍රවේශය February 25, 2012.
  7. 7.0 7.1 Hartmann, Cristina (October 21, 2011). "What, If Anything, Does The Hunger Games Series Teach Us About Strategy?". Forbes. සම්ප්‍රවේශය January 11, 2012.
  8. Franich, Darren (October 6, 2010). "'The Hunger Games': How reality TV explains the YA sensation". Entertainment Weekly. සම්ප්‍රවේශය September 10, 2012.
  9. "Barnes & Noble, The Hunger Games (Editorial Reviews)". සම්ප්‍රවේශය September 1, 2012.
  10. "The Hunger Games trilogy Discussion Guide" (PDF). Scholastic. සම්ප්‍රවේශය January 2, 2010.
  11. 11.0 11.1 Jay A. Fernandez and Borys Kit (March 17, 2009). "Lionsgate picks up 'Hunger Games[[:සැකිල්ල:'-]]". The Hollywood Reporter. සම්ප්‍රවේශය September 4, 2012. {{cite news}}: URL–wikilink conflict (help)
  12. Sellers, John A. (March 12, 2009). "Hungry? The Latest on 'The Hunger Games[[:සැකිල්ල:'-]]". Publishers Weekly. සම්ප්‍රවේශය September 4, 2012. {{cite news}}: URL–wikilink conflict (help)
  13. "Box Office History for Lionsgate Movies". සම්ප්‍රවේශය April 25, 2012.
  14. "Lions Gate Has a Hit with 'Hunger Games.' Can It Turn a Profit?". The Daily Beast. April 2, 2012. සම්ප්‍රවේශය September 4, 2012.
  15. 15.0 15.1 "How Lions Gate won 'Hunger Games'". Reuters. March 23, 2012. සම්ප්‍රවේශය September 4, 2012.
  16. Hopkinson, Deborah (September 2009). "A riveting return to the world of 'The Hunger Games'". BookPage. සම්ප්‍රවේශය June 30, 2010.
  17. Springen, Karen (August 5, 2010). "Marketing 'Mockingjay[[:සැකිල්ල:'-]]". Publishers Weekly. සම්ප්‍රවේශය September 4, 2012. {{cite news}}: URL–wikilink conflict (help)
  18. "Hunger Games director Gary Ross bows out of sequel". Los Angeles Times. April 12, 2012. සම්ප්‍රවේශය September 4, 2012.
  19. "The Hunger Games' Gary Ross". Writers Guild of America. March 23, 2012. සම්ප්‍රවේශය September 4, 2012.
  20. Murphy, Mekado (March 30, 2012). "Gary Ross answers reader questions about 'The Hunger Games'". The New York Times. සම්ප්‍රවේශය September 4, 2012.
  21. Joshua L. Weinstein (March 16, 2011). "Jennifer Lawrence Gets Lead Role in 'The Hunger Games[[:සැකිල්ල:'-]]". The Wrap. May 24, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 4, 2012. {{cite news}}: URL–wikilink conflict (help)
  22. Staskiewicz, Keith (March 17, 2011). "'Hunger Games': Is Jennifer Lawrence the Katniss of your dreams?". Entertainment Weekly. සම්ප්‍රවේශය September 4, 2012.
  23. Valby, Karen (March 17, 2011). "'Hunger Games' director Gary Ross talks about 'the easiest casting decision of my life[[:සැකිල්ල:'-]]". Entertainment Weekly. සම්ප්‍රවේශය September 4, 2012. {{cite news}}: URL–wikilink conflict (help)
  24. Franich, Darren (March 21, 2011). "'Hunger Games': Suzanne Collins talks Jennifer Lawrence as Katniss". Entertainment Weekly. සම්ප්‍රවේශය September 4, 2012.
  25. "9 Untold Secrets of the High Stakes 'Hunger Games[[:සැකිල්ල:'-]]". The Hollywood Reporter. February 1, 2012. සම්ප්‍රවේශය February 7, 2012. {{cite news}}: URL–wikilink conflict (help)
  26. Galloway, Steven (February 1, 2012). "Jennifer Lawrence: A Brand-New Superstar". The Hollywood Reporter. සම්ප්‍රවේශය September 4, 2012.
  27. Weinstein, Joshua L. (March 16, 2011). "Exclusive: Jennifer Lawrence Gets Lead Role in 'The Hunger Games'". The Wrap. May 24, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 17, 2011.
  28. Sperling, Nicole (April 4, 2011). "'The Hunger Games': Josh Hutcherson and Liam Hemsworth complete the love triangle". The Los Angeles Times. සම්ප්‍රවේශය February 25, 2012.
  29. Valby, Karen (January 6, 2011). "'Hunger Games' exclusive: Why Gary Ross got the coveted job, and who suggested Megan Fox for the lead role". Entertainment Weekly. සම්ප්‍රවේශය January 8, 2011.
  30. Valby, Karen (January 25, 2011). "'The Hunger Games' gets release date". Entertainment Weekly. සම්ප්‍රවේශය January 25, 2011.
  31. Barnes, Brook (March 25, 2012). "Hunger Games Ticket Sales Set Record". New York Times. සම්ප්‍රවේශය March 25, 2012.
  32. Schwartz, Terri (November 17, 2011). ""The Hunger Games" sequel eyes a new screenwriter, director Gary Ross will return". IFC News. සම්ප්‍රවේශය December 2, 2011.

බාහිර ඇමුණුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ද_හන්ගර්_ගේම්ස්&oldid=592242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි