Jump to content

දේශීය නාට්‍ය කලාවෙ සංස්කෘතික පසුබිම

විකිපීඩියා වෙතින්
500
500

දේශිය නාට්‍යය කලාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇරඹි කවි නාඩගම් වලින් පසුව නාඩගම් ජනප්‍රියත්වයට පත්විය. දක්ෂිණ භාරතීය වීර්‍ට නාට්‍ය වල අභාෂය ඇතිව නිර්මාණය වු නාඩගම් කලාවේ පියා ලෙස සලකනු ලබන්නේ පිලිප්පු සිංඤෝ නම් කලාකරුවෙකි. මෙය නාඩගම් කලාවේ‍ දෙවන අවස්ථාව ලෙස පෙනේ. වෘත්තිමය වශයෙන් කම්මල් කරුවෙකු වු මොහු 1770 දී පමණ උපන් අයෙකි. කතෝලික ආගම් භක්තිකයෙකු වු මොහු කම්මලේ වැඩකරන අවස්ථාවේ පවා නාඩගම් නාට්‍ය පෙළ සැකසු බව කියවේ. මේසේ රචනා කළ මුල් කාලීන නාඩගම් ද්‍රවිඩ භාෂාවෙන් ද පසුව ද්‍රවිඩ වචන බහුලව යෙදීමෙන් හා සංස්කෘත භාෂාවෙ වචන භාවිතා බහුලව යෙදුමෙන් සකස් වුවත් පසු කාලය වන විට සිංහල ජන‍වහරට සමීප බසක් භාවිතා කරන ලදී. ඉන් පසුව ඔ‍වුන් සිය නිර්මාණ සදහා ජාතක කථා, සිංහල සාහිත්‍යයේ පු‍වත් යොදා ගන්නා ලදී. මෙසේ රචනා කරන ලද නාඩගම් ලෙස ඇහැලේපොල, සිංහවල්ලී, සකුන්තලා, රජතුන්කට්ටු‍ව, සෙනගප්පු ආදිය දැක්විය හැකිය.

නාඩගම්

[සංස්කරණය]

නාඩගම් වල භාෂාව දෙස බලන විට විවිධ භාෂා වලින් ගත් වචන දැකිය හැකිය. ශබ්ද රසයට මුල් තැනක් දී තිබෙන බැව් පැහැදිලි කරුණකි. සාහිත්‍යයක වචන වෙනස් කරමින් අර්ථ ශුන්‍ය වචන භාවිතය විශේෂයෙන් දැකිය හැකි අතර එසේ කර ඇත්තේ ශබ්ද රසයට ප්‍රමුඛතාව දීමට විය හැකිය. නාඩගම් සදහා යොදා ගනු ලැබුවේ කර්ණාටක සංගීතයයි. සිංදු මාධ්‍ය කොට ගත් කවි වලට සමාන තාලයක් නොමැති ගායනා විලාස දැකිය හැකිය.

"නිල්සිකි පිලසේ දිගු වරලා
හෙලා පුලාවි අදරී"

ආදී වශයෙන් පිලිප්පු සිංඤෝගේ ස්ථාක්ති නාඩග‍මේ ඇතුලත් ගීතයේ "රංග ශෘංගාරතුංග ජෝගියේ" ආදී වචන යොදා ගෙන තිබේ.

ද්‍රවිඩ අභාෂය

[සංස්කරණය]

"ඉන්ද්‍ර කැට, සුරඔ සබායා, කුඹු ‍සොලවාලු නෙත නටවාලු" වැනි විවිධ භාෂාවන් වල වචන යොදා තිබෙන බැව් පෙනේ. එමෙන්ම නාඩගම් කවිවල යොදා ඇත්තේ ද්‍රවිඩ ඡන්දස්ය. එම කවිවල විරිත් ද ද්‍රවිඩ ගී විරිත් අනුගමනය කරන ලද බැව් පෙනේ. එමෙන්ම නාඩගම් වල භාවිතා කරන තර්ගම් හා වචනම් ද ද්‍රවිඩ අභාෂයෙන් යොදා ගත්තක් බව පෙනේ. එපමණක් නොව ගායන ශෛලීන් ‍වලද කොච්චිකම්, වඩබෝධි, තෙක්මෝඩි, මුරිවාඩ්, කුරිඩාඩ් ආදියද ‍පොතේ ඉන්නිස තර්ගය, සිංදුව, තෝඩායම ආදිය ද සෙල්ලන් ළමා කෝනංගී සෙල්ලයිලෙ‍් ආදී භාවිතයෙන් ද්‍රවිඩ අභාෂයන් ලබා ඇති බැව් පෙනේ. එබැවින් ද්‍රවිඩ අභාෂය තුලින් නාඩගම් පෝෂණය වී ඇති බව නොරහසකි. කෙසේ නමුත් 19 වන සියවසේ ඇරඹි නාඩගම් කලාව පසු කාලය වන විට දේශිය ලක්ෂණ වලින් යුතුව දේශිය නාට්‍ය සම්ප්‍රදායක් බවට පත් ‍වී තිබුණු බ‍ව පෙනේ.

ගොනුව:Srilanka-tours-top2.jpg