Jump to content

දේශපාලනික භූ විද්‍යාව

විකිපීඩියා වෙතින්

දේශපාලනික ක්‍රියාදාමයන් අවකාශීය ව්‍යුහයන් කෙරෙහි බලපාන අන්දම හා දේශපාලනික ක්‍රියාදාමයන්හි විෂම වු අවකාශීය ප්‍රතිඵලයන් පිළිබඳව සැලකිල්ලට ගැනෙන මානවීය භූ විද්‍ය ක්ෂේත්‍රය දේශපාලනික භූ විද්‍යවයි. සම්ප්‍රදායිකව දේශපාලනික භූ විද්‍ය ව ක්ෂේත්‍ර තුනක් තුළ අනුවර්තනය වී ඇත. එය විශ්ලේෂණය කිරීමේදී ජනපදය මධ්‍යයයේත්, එයට ඉහළින් වු අන්තර්ජාතික සම්බන්ධතා හෙවත් ගෝලීය දේශපාලනයත් ,එයට පහළින් ප්‍රාදේශීයයන් පිළිබඳව අධ්‍යයනයන් පවතී.ප්‍රාථමික වශයෙන් ගත් කළ මිනිසුන්, ජනපදය හා භූමිය අතර පවත්න අන්තර් සම්බන්ධතාවයන්හි සංක්ෂිප්තකරණයේ උප විනයක් වශයෙන් එය සැලකිය හැකිය.

ඉතිහාසය

[සංස්කරණය]

දේශපාලනික භූ විද්‍යාවේ ඉතිහාසය මානවීය භූ විද්‍යාවේ ඉතිහාසයත් සමග සැලකිය හැකිය. භෞතික භූ විද්‍යාව, ජනපද භූමිය හා ජනපද බලයේ සම්බන්ධතාවයන්වල දේශපාලනික හා හමුදාමය ප්‍රතිඵලයන් ආදී භාවිතකරුවන් විසින් සැලකිල්ලට ගන්නා ලදී. මෙහි ප්‍රාදේශීය භූ විද්‍යාව සමග සුවිශේෂී සුසංයෝගයක් පවතී. ඒ ‍මෙය එම ප්‍රදේශවල අනන්‍ය ගති ලක්ෂණ හා පාරිසරික නියති වාදයත් මානවීය ක්‍රියාකාරකම් කෙරෙහි භෞතික පරිසරයේ බලපෑමත් අවධාරණය කෙරෙන බැවිනි. මෙම සුසංයෝගය ෆෙඩ්රිච් රැස්චල් නැමති භූ විද්‍යාඥයාගේ වැඩ කටයුතුවලදී හඳුනා ගන්නා ලදී. 1897 දී පොලිටීශයේ ජෝග්රැයෆියේ යන පියස්ස පිළිබඳ සංකල්පය එනම් ජීවත්වීමට අවකාශයක් යන සංකල්පය වර්ධනය කළ ග්‍රන්ථය තුළදීත් එය අඩංගුය. එහිදී භූගෝලීය විකාශනය සමග ජාතියක සංස්කෘතික වර්ධනය පැහැදැලිව අමුණා තිබුණි. පසුකාලීනව 1930 ගණන්වලදී එය තුන්වැනි ජර්මන් අධිරාජ්‍යයේ වර්ධනය ඇකඩමිකව සුජාතකරණය සඳහා භාවිතා කරන ලදී.

හැල්ෆෝඩ් මැකින්ඩර් නම් බ්‍රිතාන්‍ය ජාතික භූ විද්‍යාඥයා පාරිසරික නියතිවාදයේ දැඩි බලපෑමට ලක්වූ අතර ඉතිහාසයේ ගෝලීය දේශපාලනික කූටප්‍රාප්තිය හෙවත් හදබිම යන සංකල්පය පළමු වරට 1904 දී සිට ඔහු වර්ධනය කරන ලදී. ඔහු මුහුදු බඩ ප්‍රදේශය අවසන් වන බවත් භූමිය මත පදනම් වුණු බලය උච්චත්වයට පත් වන බවත් තර්ක කළේය. යූරෝ ආසියා හද බිම පාලනය කරන්නා ලෝකය විශේෂයෙන් පාලනය කරන බව ඔහු තවදුරටත් තර්ක කළේය. මෙම න්‍යාය තුළ අඩංගු වුණු සංකල්පයන් ඇල්ෆඩ් තයර්මහාන් ලෝක අර්බුදයේ මුහුදු බලයේ වැදගත්කම පිළිබඳව දක්වන අදහස්වලට සත්‍ය වශයෙන්ම විරුද්ධ විය. මෙම හදබිම න්‍යාය සමුද්‍රිකව හෝ මුහුදු හරහා සිදුවන ප්‍රවාහනයන් රහිත හමුදා හා කර්මාන්ත සංකීර්ණවලින් යුත් සුවිසල් අධිරාජ්‍යයක් පැවතීමේ හැකියාව උපකල්පනය කරන ලදී. එමෙන්ම ලෝකයේ වෙනත් කිසිම තරගකරුවෙකුට‍ මෙය පරාජය ‍කළ නොහැකිබව අවධාරණය කෙරුණි. මෙම දෘෂ්ටි කෝණය ශීත යුධ සමය පුරාවටම බලපෑම් ඇති කරන ලද අතර නැගෙනහිර හා බටහිර අතර සීමා ජනපද නැගෙනහිර යුරෝපයේ ඇති කිරීමේ හමුදාමය සිතුවිල්ලට ද රුකුල් දෙන ලදී.


හදබිම න්‍යාය විස්තාරණය කළ ආකාරයට ලෝකය කොටස්වලට බෙදා වෙන්‍ කොට තිබුණි. එහිදී හදබිමක් එනම් නැගෙනහිර යුරෝපය හා බටහිර රුසියාව හා ලෝක දූපතක් එනම් යුරේෂියාව හා අප්‍රිකාව එමෙන්ම පර්යන්ත දූපත් එනම් ,බ්‍රිතන්‍ය දූපත් ජපානය ඉන්දුනීසියාව හා ඔස්ට්‍රේලියාව ඇමෙරිකාව යන කොටස්වලට බෙදා තිබුණි. මැකින්ඩර් දැක්වූ අන්දමට හදබිම පාලනය කරන්නා ලෝකය පාලනය කරනු ඇත. ඔහු මෙම අනතුරු ඇඟවීම දේශපාලනිකව බලපෑම් කිරීමට යොදා ගන්නා ලදී. එහිදී රුසියාව හා ජර්මනිය අතර සීමා ජනපද ඇති කෙරිණි. එහි අරමුණ වූයේ ඒවායින් එකක් හෝ හදබිම පාලනය කිරීම වැළැක්වීමයි. මේ අතරතුර රැක්සෙල් ජනපද පදනම් වූ න්‍යායක් පියස්ස පිළිබඳ සංකල්පය මත පදනම්ව ගොඩ නගමින් සිටියේය. එය තවදුරටත් සාමාජීය ඩාවින්වාදය මත පදනම්ව තිබුණි. ඔහු තර්ක කළ අන්දමට ජනපද යනු ජීවත් වීමට නිසි නිදහසක් අවශ්‍ය ජීවීන් වෙති. මෙම රචකයන් දෙදෙනාම දේශාපාලනික හා භූ විද්‍යාත්මක අදහස් නිර්මාණය කරන ලදී. එහිදී ලෝකය පිළිබඳ දිවියාමය දැක්මක් සහිත විය. දෙවන ලෝක යුද්ධයට පෙර ඇති වූ දේශපාලනික භූ විද්‍යාව විශාල වශයෙන් ලෝක බල අර්බුද අවස්ථාවන්වලදී එමෙන්ම ජනපද ප්‍රතිපත්තීන්වලදී ද සැලකිල්ලට ගත් අතර ඒවාට බලපෑම් ද සිදු විය. ජර්මනියේ ගෝලීය දේශපාලඥයන් ඉහත න්‍යායන් පුළුල් වශයෙන් උකහා ගන්නා ලදී. උදාහරණ ලෙස අනපේක්ෂීව දැඩිලෙස නාසි දේශපාලනික න්‍යායන්වලට බලපෑම් සිදුකළ කාල් හෝසුෆර් ගත හැකිය. දේශපාලනික සීමා මායිම් ඉක්මවා යෑම සහ පාරසරික නියතිවාදයේ සමීප සුසංයෝගය ශීත යුධ සමයේදී දේශපාලනික භූ විද්‍යාවේ බලපෑමක් සැලකිය යුතු ලෙස ඇතිකිරීමට හේතු විය. එය 1968 දී බ්රනයන් බෙරිය විසින් දිරාපත් වූ පසු බැල්මක් වශයෙන් හඳුන්වා දෙන ලදී. ප්‍රමාණාත්මක අවකාශ විද්‍යාව චර්යයා අධ්‍යනයන් හා ව්‍යුහීය මාක්ස්වාදය වැනි තවත් නැගී එන සමීක්ෂණයන් රාශියක් මානවීය භූ විද්‍යාවේ සිදු වුවද දේශපාලනික භූ විද්‍යාඥයින් විසින් ඒවා විශාල වශයෙන් සැලකිල්ලට නොගත් අවස්ථා දක්නට ලැබුණි. ඔවුන්ගේ ප්‍රධාන පරිශීලනය ප්‍රදේශීය එළඹීමක් සහිතව ඉදිරියට ගමන් කෙරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදේශීය භූ විද්‍යාවේ එකල තත්ත්වය එකතු කරන ලද දත්ත තුළින් සාධාරණීකරණයන් කිරීමට සිදු කිරීමට ගත් උත්සාහයන් තුළින් පැහැදිලි විය. රිචඩ් වියෝ දේශපාලනික භූ විද්‍යාව මැරීගිය තාරාවකු නොව අළුමතින් නැගී සිටින ෆීලික්ස් කුරුල්ලෙකු බවට තර්ක කළේය. 1976 දක්වා පමණක් එය සිදුවිය.

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලනික_භූ_විද්‍යාව&oldid=470298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි