දේශපාලනික ආර්ථිකය

විකිපීඩියා වෙතින්
Jean-Jacques Rousseau, Discours sur l'oeconomie politique, 1758

නිෂ්පාදනය, මිලදී ගැනීම හා අලෙවි කිරීම හා ඔවුනොවුන්ගේ සබඳතා පිළිබඳ නිතීන්, හා සිරිත් හා රජය පිළිබද අධ්‍යයනය කිරීමේ පදනමක් ලෙස දේශපාලනික ආර්ථිකය හැදින්විය හැක. දේශපාලනික ආර්ථිකය ආරම්භ වුයේ ආචාර විද්‍යාව මගින් වේ. (උදා - Adam Smith, Glasgow විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආචාර්යය විද්‍යාව) එය 18 වන ශත වර්ෂයේදී එක්සත් ජනපදයේ ආර්ථික අධ්‍යයනයේ වැඩි දියුණු විය.

කෘෂිකර්මය සියළු ධනයට මුල ලෙස පිළිගෙන නිදහස් වෙළදාම අගය කළ 18 වන සියවසේ ප්‍රංශ ආර්ථික විද්‍යාඥයෙකුගේ Physiocra නම් න්‍යාය‍ට අනුව භූමිය, මුලු ධනයේ මුලාශ්‍රයක් ලෙස සැලකේ. සමහර ාද්ශපාලනික ආර්ථිකඥයන් ශ්‍රම වටිනාකමේ න්‍යාය තුලින් වටිනාකමේ නියම මුලාශ්‍රය ලෙස ශ්‍රමය යෝජනා කර ඇත. (Adam Smith සහ පසුව Carl Marx) බෝහෝ දේශපානික ආර්ථිකඥයන් සදහන් කරන ආකාරයට තාක්ෂණය දියුණුව වේගවත් වීම, ආර්ථික හා සාමාජීය සබධතා වලදී වැදගත් භූමිකාවක් ලෙස සලකයි. (Joseph Schumpeler) 19 වන සියවසේ පසු කාලීනව, දේශපාලනික ආර්ථිකය යන පදය ආර්ථිකය ලෙස පෙරලුනි. එනම් නිෂ්පාදනයේ හා පරිභෝජනයේ ව්‍යුහාත්මක සබඳතාවලට වඩා ගණිතමය හා සිද්ධාන්තමය ආර්ථික අධ්‍යයනයක් සෙවීමේ පදයක් ලෙස භාවිතා විය.

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලනික_ආර්ථිකය&oldid=378933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි