දේශපාලනය සහ සමාජය
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
දේශපාලනික ක්‍රම
පුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණි(පෝලිස්). මෙය ගෝත්‍රික හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි යන සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන තිබුණි. මීට සම කල හැකි අවස්ථාවක් ෆිනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැක. පුරාණ ග්‍රීසියේ කඩතොළු ස්වභාවයට හේතු වූ කඳුහෙල් හා ගංගා හේතුවෙන් ග්‍රීසියේ භූගෝලය ප්‍රධාන හා උප වශයෙන් බෙදී පැවතුන බව සැකයකින් තොරව කිව හැක. කෙසේ වෙතත් ග්‍රීකයන් සහජයෙන් ගෙන ආ දේවලින් යම් තත්වයක් ගොඩ නැගී තිබුණි. පුරාණ ග්‍රීකයන්ට ඔවුන් ඒකකයකට අයත්ව තිබූ බවට සැකයක් නොතිබුණි. ඔවුන්ට වූයේ එකම එකම ආගමකි.එකම මූලික සංස්කෘතියකි. එකම භාෂාවකි. එහෙත් පෝලිස් හි ස්වෛරීභාවය තදින්ම ආරක්ෂා කෙරිණි. එක්සත් කිරීම යනු ග්‍රීකයන් විසින් කලාතුරකින් සලකා බැලුණු දෙයක් විය. මේ නිසා පුරාතන ග්‍රීක දේශපාලනික පද්ධතියේ ප්‍රධාන විශේෂත්වයන් වන්නේ මූලික ලෙසම එහි කඩතොළු සහිත ස්වභාවයයි. මෙහි විශේෂයෙන් ගෝත්‍රික සම්භවය දක්නට නොලැබේ. දෙවනුව නාගරික ප්‍රදේශවල ඇති වූ විශේෂ කේන්ද්‍රගත වීමයි. මෙම විශේෂත්වයන් තව දුරටත් සාක්ෂාත් වන්නේ මධ්‍යධරණිය අවට වාසය කළජනපද තුළිනි. ඔවුන් එක්තරා ග්‍රීක පෝලිසයක් තම මව ලෙස සලකා ඇත.
අනිවාර්යලෙසම කුඩා නගර ආණ්ඩුවලට වඩා විශාල ප්‍රාන්ත සැම විටම ඉහළින් සිටියා වුවත් වෙනත් නගර ආණ්ඩු මගින් පාලනය කිරීම ඉතා දුර්ලභ දෙයක් විය. නගර ආණ්ඩු එක්සත් මණ්ඩලවලට බෙදීම වෙනුවට සාමාජිකත්ව වෙනස් වීමක් පැවතිණි. පසුව සම්භාව්‍යය කාල පරිච්ඡේදයේදී එනම් එක්සත් මණ්ඩල ගණනින් කුඩා වුවත් බලවත් වූ කාලයේදී එක්පුරවරයක් පමණක් ඉහළින් බලපැවැත්වෙන ලදී. (විශේෂයෙන් ඇතන්ස්, ස්පාටා හා තීබ්ස්); එමෙන්ම නිතරම නගර ආණ්ඩු යුධ තර්ජනවලට යටත් විය. නැතහොත් සාම ගිවිසුම්වල පාර්ශවයක් ලෙස පෙනී සිටියේය. මැක්ඩෝන්හි II වන පිලිප් පුරාතන ග්‍රීසියේ අග්‍ර නගරයන් පරාද කළ පසු පවා ඔහු ප්‍රාන්ත යටත් කර ගැනීමට හෝ එය නව පළාතක් යටතේ එක්සත් කිරීමට පෙළඹුණේ නැත. ඔහු වගර ආණ්ඩු විශාල ගණනක් තමාගේම කොරින්තියානු එක්සත් මණ්ඩලය යටතට ගැනීමට පමණක් කටයුතු කළේය.
ආණ්ඩුව සහ නීතිය.
මූලික වශයෙන් ග්‍රීක නගර ආණ්ඩු කඩා රාජධානි ලෙස පෙනී යයි. තවද , නිතරම රජුගේ චාරිත්‍රානුකූල උත්සව සිදුකෙරෙන නිල නගරයක් තිබුණි. (බැසිලියස්) , උදා- ඇතන්ස්හි ආකොන් බැසිලියස්. කෙසේ වෙතත් පුරාතන යුගය සහ ප්‍රාග් ඓතිහාසික විඥානය වන විට බොහෝ දෙනෙක් වංශවත් රදලයන් බවට පත්ව සිටියහ. මේ වෙනස සිදු වූ අයුරු ඇත්තෙන්ම අපැහැදිලිය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පූ : 1050 වන විට රාජ පදවිය ජීවිතාන්තය දක්වා උරුම ප්‍රධාන මහේස්ත්‍රාත් පදවිය දක්වා (ආකොන්) පහතට බැසිණි; ක්‍රි.පූ 753 වන විට ඉහත පදවිය සඳහා වසර 10 කට වරක් ද ක්‍රි.පූ 683 වන විට වර්ෂයක් පාසාද පුද්ගලයන් පත්කරන ලදී. සෑම පියවරක් පාසාම වැඩි ජවයකින් රදල පැලැන්තියට සංක්‍රමණය වීම සිදු විය.
දේශපාලනය සමගම කුඩා කණ්ඩායම් හා පවුල්වලින් එකතු වූ ධන සම්භාරය, බොහෝ නගර ආණ්ඩුවල නොසන්සුන් බවක් ඇති කරලීය. බොහෝ නගරවල කෲර පාලකයන් ස්ව කැමැත්තට අනුව ආණ්ඩු කළහ. නිතරම ඔවුන් බලයේ සිටීමට වැඩසටහනක් ක්‍රියාත්මක විය. පන්ති භේදයෙන් බැට කෑමට ලක් වූ මෙවන් යුගයක නිතරම හොඳම විසඳුම වූයේ ශක්තිවන්තයෙකුගේ පාලනයයි.
6වන ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇතන්ස් නගරය කෲර පාලනය යටතේ ඇද වැටිණි. රදළයන් නැවත බලය අල්ලා ගැනීමට එරෙහිව දේශපාලනික විසඳුමක් වශයෙන් මෙම කෲර පාලනය අවසන් වූ විට ඇතන්ස් වැසියෝ ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ. ක්‍රි.පූ 621 දී ඩ්‍රැකෝගේ ප්‍රතිසංස්කරණවල සිටම නාගරික ප්‍රතිපත්ති සඳහා වූ පුරවැසියෙකුගේ රැස්වීම් පැවැත්විණි.(එකල්සියා) ; සොලොන් ප්‍රතිසංස්කරණවලට පසු (6 වන ශතවර්ෂය මුලදී ) සියළුම වැසියන්ට එයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු නමුත් දර්ද්‍රතාවයේ අන්තයේ සිටියවුන්ට රැස්වීම ඇමතීමට හෝ රජයේ රැකියා කිරීමට අවසර නොලැබුණි. ප්‍රජාතන්තුවාදය පිහිටුවීමත් සමගම මෙම රැස්වීම ආණ්ඩුවේ ඩී ජර් යාන්ත්‍රණය බවට පත් වූ අතර ඉන්පසු සියළුම පුරවැසියන්ට රැස්වීමේදී සම අයිතීන් ලැබුණි. කෙසේ නමුත් ඇතන්ස්හිදී සිටි පුරවැසියන් නොවන්නවුන්ටද (විදේශිකයන් වැනි) වහල්ලුන්ටද දේශපාලන අයිතීන් හිමිවුණේ නැත.
ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍ර වාදයේ නැගීමත් සමගම අනෙක් නගර ආණ්ඩුද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ.කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්‍රම පවත්වා ගැනීමට උත්සුක වූහ. නමුත් ස්පාටා නගරය ප්‍රවේණි අධිරාජ්‍යයවරු දෙදෙනෙක් යටතේ පාලනය විය. කෙසේ වෙතත් වැඩිහිටි අයවලුන්ගේ කවුන්සලයක් (ජෙරෝසියා) සහ රජවරුන්ට රැකවල් දා සිටි මහේස්ත්‍රාත්වරුන් නිසා මෙම රජවරුන්ගේ බලයට බාධා පැමිණුනි.
References
[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Ancient_Greece#Politics_.26_Society