දෙමුහුන්-පයි ආකෘතිය
Appearance
දෙමුහුන්-පයි ආකෘතිය යනු, ද්විධ්රැව සන්ධි සහ ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර වල සුළු සංඤා චර්යාව විශ්ලේෂණය කිරීම සඳහා ජනප්‍රිය පරිපථ ආකෘතියකි. සමහරවිට එය "ජියාකොලෙට්ටෝ ආකෘතිය" ලෙසින්ද හැඳින්වෙන්නේ 1969දී එය හඳුන්වාදුන් එල්.ජේ. ජියාකොලෙට්ටෝ අනුව වමිනි.[1] අව-සංඛ්‍යාත පරිපථ සඳහා මෙම ආකෘතිය බෙහෙවින් නිරවද්‍ය විය හැකි අතර, සුදුසු අක්තර්-ඉලෙක්ට්‍රෝඩ ධාරණා සහ අනෙකුත් පරපෝෂිත අවයව එක්කිරීම හා සමගින් එය උච්චතර සංඛ්‍යාත පරිපථ සඳහාද අපත්‍යීකරණය කර ගත හැක.