දෘෂ්ටි කෝණය

විකිපීඩියා වෙතින්
කැමරාවක දර්ශන කෝණය සිරස්ව, තිරස්ව හෝ විකර්ණීයව මැනිය හැක.

ඡායාරූපකරණයේ දී දර්ශන කෝණය යනු කැමරාවක් මගින් කිසියම් දර්ශනයකින් ඡායාරූප ගත කෙරෙන කෝණික පරාසයයි. මෙය පොදු දෘෂ්‍ය යෙදුම වන දර්ශන පථයට සමාන වන අතර එය හා හුවමාරු කොට භාවිතා කිරීමද කල හැක.

දර්ශන කෝණය ආවරණක කෝණය වෙන් කර හදුනා ගැනීම වැදගත් වෙයි. ආවරණක කෝණය යනු කාචයක් මගින් නාභීය තලය මතට ප්‍රක්ෂේපනය කරනු ලබන කෝණයයි. බොහෝ කැමරා සදහා කාචය මගින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්භ කවය ඡායා පටලය හෝ සංවේදකය සම්පුර්ණයෙන් ආවරණය කිරීමට ප්‍රමාණවත් බව සැලකිය හැක. යම් හෙයකින් දර්ශන කෝණය ආවරණක කෝණය ඉක්මවයි නම් එවිට එහි ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්නා ඡායාරූපයේ කොටසක අඩුවක් (ඡායාරූපයෙහිළ සිව් කෝණයන්හි අඳුරු වීමක්) දැක ගත හැකි වනු ඇත. මේ සදහා උදාහරණයක් ලෙස පහත බලන්න.

"https://si.wikipedia.org/w/index.php?title=දෘෂ්ටි_කෝණය&oldid=471923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි