Jump to content

දිලීර

විකිපීඩියා වෙතින්
(දිලීර රාජධානිය - Kingdom Fungi වෙතින් යළි-යොමු කරන ලදි)
Fungi
කාලීන ව්‍යාප්තිය: Early Devonian–Recent (but see text)
A collage of five fungi (clockwise from top left): a mushroom with a flat, red top with white-spots, and a white stem growing on the ground; a red cup-shaped fungus growing on wood; a stack of green and white moldy bread slices on a plate; a microscopic, spherical grey-colored semitransparent cell, with a smaller spherical cell beside it; a microscopic view of an elongated cellular structure shaped like a microphone, attached to the larger end is a number of smaller roughly circular elements that collectively form a mass around it
Clockwise from top left: Amanita muscaria, a basidiomycete; Sarcoscypha coccinea, an ascomycete; bread covered in mold; a chytrid; a Penicillium conidiophore.
විද්‍යාත්මක වර්ගීකරණය
අධිරාජධානිය: Eukaryota
(ශ්‍රේණිගත නොකළ): Opisthokonta
රාජධානිය: Fungi
(L., 1753) R.T. Moore, 1980[1]
Subkingdoms/Phyla/Subphyla[2]
Blastocladiomycota
Chytridiomycota
Glomeromycota
Microsporidia
Neocallimastigomycota

Dikarya (inc. Deuteromycota)

Ascomycota
Pezizomycotina
Saccharomycotina
Taphrinomycotina
Basidiomycota
Agaricomycotina
Pucciniomycotina
Ustilaginomycotina

Subphyla Incertae sedis

Entomophthoromycotina
Kickxellomycotina
Mucoromycotina
Zoopagomycotina

දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.තවද පරපෝෂී හා අනොන්‍යාධාරක විශේෂද ඇත. ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්‍ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.

දිලීර රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණ

[සංස්කරණය]
  1. සියලුම දිලීර රසායන විෂමපෝෂීන් වේ.
  2. බොහොමයක් දිලීර සුත්‍රිකාකාර වේ.
දිලීර සුත්‍රිකා රාශියක් එකට පැටලීමෙන් දිලීර ජාලය (මයිසීලියම) සාදයි. මෙවැනි දිලීර ජාල පියවි ඇසින් දර්ශනය කරගත හැකිය.
උදා: Mucor, Rhizopus, Agaricus
  1. නමුත් සමහර දිලීර ඒක සෛලික වේ. උදා: Saccharomyces
  2. ජලජ පරිසර වල ජීවත් වන දිලීර වලට කෂිකා ඇත. උදා: Allomyce
  3. ඇතැම් සුත්‍රිකාකාර දිලීර සං සෛලීය වේ. (එනම් පොදු සෛල ප්ලාස්මයක් තුළ න්‍යෂ්ටි රාශියක් ඇත.)මේවායේ හරස් ආවාර නැත.(නිරාවාර වේ.).
  4. ඇතැම් සුත්‍රිකාකාර දිලීර හරස් ආවාර මගින් සෛල වලට බෙදී ඇත.(සාවාර).ඇතැම් හරස් ආවාර වල මැද සිදුරක් ඇත. ඒවා අසම්පුර්ණ හරස් ආවාර වේ. උදා: Agaricus. ඇතැම් සුත්‍රිකාකාර දිලීර වල හරස් ආවාරය මැද සිදුරක් නැත. ඒවා සම්පුර්ණ හරස් ආවාර වේ. උදා: Mucor
  5. දිලීර වලට සෛල බිත්තියක් ඇත. එහි ප්‍රධාන සංඝටකය කයිටින් වේ.
  6. දිලීර අලිංගිකව මෙන්ම ලිංගිකවද ප්‍රජනනය සිදු කරයි. අලිංගික ප්‍රජනනය සිදු වන්නේ,
  • බීජානුධානියක් තුළ අචල බීජාණු සෑදීම. උදා: Mucor
  • බාහිර පරිසරයට විවරව කොනිඩියා සෑදීම. උදා: Aspergillus, Penicillium
  • චල බීජාණු සෑදීම. Allomyce
දිලීර රාජධානිය- Kingdom - Fungi
සැකසුම - නුවන් චන්දිම 2016/12/27 Nuwan Chandima  -Biology
බැක්ටීරියා මෙන්ම ඉතා පුලුල් ව්‍යාප්තියක් සහිත සෑම පරිසරයකම ( ආන්තික පරිසර තුලද ) දැකිය හැකි සූන්‍යෂ්ටික ජීවී ආකාරයක් ලෙස දිලීර හඳුනා ගතහැක. පෘතුවියේ ඇති ප්‍රධාන වියෝජකයින් ලෙස ක්‍රියා කරමින් ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වේ. මියගිය ශාක හා සත්ත්ව කොටස් වල සංකීර්ණ කාබනික ද්‍රව්‍ය මතට බහිෂ්සසෛලිය ජීරක එන්සයිම ශ්‍රාවය කර ඒවා වියෝජනය කර පොෂණ ද්‍රව්‍ය අවශෝෂණය කර පෝෂණය වන ජීවීන් වියෝජකයින් වේ.
ෆන්ගයි රාජධානියේ ප්‍රධාන වංශ
කිටි්‍රඩියොමයිකෝටා
සයිගොමයිකෝටා
ඇස්කොමයිකෝටා
බැසීඩියොමයිකෝටා

දිලීර වෙනුවෙන් වෙනම රාජදානියක් වෙන්කර ඇත්තේ ඇයි?

[සංස්කරණය]

දිලීර වල සුවිශේෂී ලක්ෂණය වන්නේ ඒවායේ සෛල බිත්තියේ කයිටින් අඩංගු වීමයි.  ඒවා මීට පෙර ශාක යටතේ ගොනු කර ඇති නමුත් ඒවායේ හරිතප්‍රද වර්ණක නොමැති වීම සහ ශාකවලට සාපේක්ෂව විවිධ ව්‍යුහාත්මක ලක්ෂණ ඇති බැවින් ඒවා වෙනම රාජධානියක් ලෙස නම් කර ඇත.

  1. ^ Moore RT. (1980). "Taxonomic proposals for the classification of marine yeasts and other yeast-like fungi including the smuts". Botanica Marina. 23: 361–373.
  2. ^ The classification system presented here is based on the 2007 phylogenetic study by Hibbett et al.