Jump to content

දිල්මන්

විකිපීඩියා වෙතින්

දිල්මන් යනු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මඟින් තඹ අමුද්‍රව්‍යයේ ආකරය ලෙස සලකනු ලැබුද, ඉන්දු නිම්න හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාර වල එය ‍පොදු වෙළෙඳපොල ලෙස සැලකූ බිම් කඩකි. මෙම බිම්කඩ නිශ්චිතවම හඳුනාගෙන නැතත් එය බහරේනය, නැගෙනහිරි පළාත, ඕමානය අතර හෝ පර්සියන් ගල්ෆ් මුහුදේ ඉරාක වෙරළ සීමාවේ පිහිටා තිබු බව විශ්වාස කෙරේ.


ඉතිහාසය

[සංස්කරණය]

දිල්මන් මුලින්ම සොයා ගනු ලැබුවේ උරුක් නගරයේ පිහිටි ඉනන්නා දේව්දුවගේ දේව් මැදු‍රක තිබු සුමේරියන් නමැති කූඤ්ඤය හැඩැති මැටි කැබැල්ලක ආධාරයෙනි. එය ක්‍රි.පූ. 4 වන සියවසේ අගභාගයේ සටහන් වුවකි. දිල්මින් නමැති පදය පොරව සහ එක්තරා නිළධාරියෙකු සඳහන් කිරීමට යොදා ගනී.


බැබිලේනියානු කැසයිට් රාජවංශයේ නයිපුර් වලින් සොයාගත් බර්නාබුරයාහ් රාජකාලයේ නම දරන ලිපි දෙකක දිල්මන් පිළිබඳව සඳහන් ව තිබුණි. එම ලිපි දිල්මන් හි ප්‍රාදේශීය නිලධාරියා විසින් සිය මෙසපොතේමියාවේ උන් ඉහළ නිළධාරියාට ලියන ලද ලිපිය. ඇක්කඩයන් යනු එම ලිපි යොමුකරනු ලැබු නාමයවේ. එම ලිපිවලට සබැඳි අදාල සෑම ලියකියවිල්ලකම අඩංගු වන්නේ එකල බැබිලෝනියාව හා දිල්මින් අතර තිබු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධය පිළිබඳවයි. කැසයිට් අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු ක්‍රි.පූ. 1250 මෙසපොතේමියානු රජ කෙනෙකු දිල්මන් හා මෙලුහා හි පහල මුහුදේ හා උඩහ මුහුදේ රාජ්‍යත්වයට පත්වුණි. අවසාන වශයෙන් නිඕ බැබිලෝන් නැමති අධිරාජ්‍යය විසින් දිල්මනය පාලනය කරන ලදි. නිඕ - බැබිලෝන් රාජ්‍ය සමයෙන් පසු දිල්මිනය බිඳ වැටුණි.

"https://si.wikipedia.org/w/index.php?title=දිල්මන්&oldid=469415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි