දියවැඩියා රෝගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දියවැඩියාව පාලනයට පියවර.jpg

පටුන

දියවැඩියා රෝගය අර්ථ දැක්වීම[සංස්කරණය]

සම්පූර්ණ මිශ්‍රිත ශිරාගත රුධිර සාම්පල පරීක්ෂා කළ පසු ,ආහාරයට පෙර සාම්පලයේ ලීටරයට මිලි මවුල 6 ට වඩා අඩු නම් දියවැඩියාව/ මධුමේහය වැළඳී නොමැති අතර,ආහාරයට පසු සාම්පලයේ ලීටරයට මිලි මවුල 8 ට වඩා ඉහළ අගයක් නම් මෙම රෝගය වැළඳී ඇති බව නිගමනය කළ හැක. (ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO )

දියවැඩියා රෝගය වර්ගීකරණය[සංස්කරණය]

ප්‍රාථමික දියවැඩියාව[සංස්කරණය]

  1. ඉන්සියුලින් අත්‍යවශ්‍ය දියවැඩියාව(පළමු වර්ගයේ දියවැඩියාව)
  2. ඉන්සියුලින් අත්‍යවශ්‍ය නොවන දියවැඩියාව(දෙවන වර්ගයේ දියවැඩියාව)

=ද්විතීක දියවැඩියාව(ගර්භනී සමයේදී ඇති වන දියවැඩියාව)[සංස්කරණය]

දියවැඩියා රෝගය පාලනය කළ යුතු ආකාරය[සංස්කරණය]

නිට්ඨාවට සුව කළ නොහැකි රෝගයක් බැවින් නිසි අයුරු ඹෟෂධ හා වෛද්‍ය උපදෙස් ලබාගතයුතු අතර,අහාර පාලනය මගින් හා ව්‍යායාමවල යෙදීමෙන් දියවැඩියා රෝගියකුට සාමාන්‍ය අයුරින් ජීවත් වීමේ හැකියාව ලැබේ.ඒ අනුව,

ආහාර පාලනය මගින් රෝගය පාලනය කිරීම[සංස්කරණය]

සෑම අවස්ථාවකදීම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නියත මට්ටමක පවත්වා ගැනීම සඳහා විධිමත් පාලනයකින් යුක්තව ආහාර ගැනීම ඉතා වැදගත්ය.විධිමත් ආහාර සැලැස්මේ මූලික සිද්ධාන්ත වනුයේ රුධිරයේ ඇති සීනි හා කොලෙස්ටරෝල් වැනි මේද ස්වාභාවික මට්ටමින් පවත්වා ගැනීම හා පුද්ගලයාගේ උසට සරිලන බර ප්‍රමාණයක් ලබා දීමය.

ආහාර සැලැස්මේ මූලික අංග[සංස්කරණය]

  • සීනි සහිත ආහාර ගැනීම

මෙහිදී සීනි යනුවෙන් හඳුන්වන්නේ ග්ලූ‍කෝස් ,සාමාන්‍ය සීනි,හකුරු සහ පැණි වර්ගය.මේ ආහාර ඉතා ඉක්මනින් ග්ලූකෝස් බවට පත්වී ශරීරයට උරා ගෙන රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි කරයි. එනිසා මෙවැනි ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි.

  • වැඩි පිෂ්ඨය හා වැඩි කෙඳි ප්‍රමාණවලින් යුත් ආහාර ගැනීම

පිෂ්ඨයේ ඇති ස්වාභාවික කෙඳි ආවරණය සමග කෑමට ගැනීමෙන් වැඩි පිෂ්ඨ ප්‍රමාණයක් ආහාරයට ගත හැක.එහි වන කෙඳි මඟින්,පිෂ්ඨය ග්ලූකෝස් බවට හරවා ඉතා සෙමින් හා සමතුලිතව රුධිරයට උරාගැනීමට උපකාර වේ.වැඩි කෙඳි ප්‍රමාණයක් ඇති විට ආහාරවල අමතර බර ප්‍රමාණය වැඩි වීම නිසා කුඩා ආහාර ප්‍රමාණයකින් කුසගින්න සංසිඳුවා ගත හැක. එසේම කුසගින්න නැවත ඇතිවීම ප්‍රමාද කරයි.අඩු කැලරි පුමාණයක් අඩංගු ආහාර හා අඩු මේද ප්‍රමාණයක් අන්තර්ගත ආහාර ගැනීම බොහෝ දියවැඩියා රෝගීන් පමණට වඩා බරින් වැඩි බැවින් කැලරි පාලනයක් කළ යුතුය. ‍මේද සහිත ආහාර ගැනීම මෙයට පිළියමයි. ශාක හා සත්ත්ව වශයෙන් මේදය දෙයාකාර වන අතර සත්ත්ව මේදයෙන් වැළකී සිටිය යුතුය. සම්පූර්ණ යොදය සහිත ආහාර ගැනීම වෙනුවට, කොලෙස්ටරෝල් රහිත මාගරින්, මේද රහිත කිරි ආදිය ආහාරයට ගත හැක.

දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර නොගත යුතු දේ[සංස්කරණය]

  1. බොහෝ පැණි රසැති ආහාර
  2. පුඩින්
  3. චොක්ලට්
  4. කේක්
  5. පැණි බීම වර්ග
  6. ග්ලූකෝස්
  7. පැණි හකුරු
  8. රට ඉඳි
  9. සාමාන්‍ය සීනි
  10. මධ්‍යසාර වර්ග(එහි අන්තර්ගත අධික කැළරි ප්‍රමාණය නිසා බර වැඩි වීම සිදුවන අතර කෑම රුචියද වැඩි කරවයි.එය ආහාර පාලනයට හිතකර නොවේ)
  11. සම්පූර්ණ යොදය සහිත කිරි
  12. චීස්
  13. බටර්
  14. බිත්තර කහමද

දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර ගත යුතු දේ[සංස්කරණය]

  1. කෘතීම රස කාරක (මින් සිදු වන්නේ දිව රැවටීමක් පමණි.
  2. තැම්බූ රතු නාඩු සහල්
  3. කඩල
  4. උළුඳු පිටි අාහාර
  5. කුරක්කන්
  6. හාල් පිටි අාහාර
  7. මුං ඇට
  8. පලතුරු සාධාරණ ප්‍රමාණයක්
  9. එළවළු සාධාරණ ප්‍රමාණයක්
  10. මේද රහිත කිරි
  11. කොලෙස්ටරෝල් රහිත මාගරින් වර්ග
  12. බිත්තර සුදු මද ආදිය

ව්‍යායාම මගින් රෝගය පාලනය කිරීම[සංස්කරණය]

ව්‍යායාමයෙන් රෝගියාට අත්වන අමතර වාසි[සංස්කරණය]

රුධිරගත සීනි මට්ටම පාලනය කරයි ගත යුතු ඉන්සියුලින් එන්නත් ප්‍රමාණය සීමා කරයි

ව්‍යායාමයේදී ශරීරය තුළ සිදුවන දේ[සංස්කරණය]

ක්‍රියාකාරී මස්පිඩු, ලේ වල ඇති සීනි මගින් එයට අවශ්‍ය ශක්තිය සපයා ගනී.ඉන්කොටසක් මස් පිඩු වල ඇති ග්ලූකෝස් ලෙස ගබඩා කර ගනීඑම රැස් කරගන්නා ග්ලූකෝස් අවසන් වූ පසු අමතර ග්ලූකෝස් රුධිරය හරහා අක්මාවේ සිට මස්පිඩු වෙත ගලාඑනු ලැබේ. මාංශපේශී වලට සැපයෙන ග්ලූකෝස් ප්‍රමාණය අක්මාවේ සිට රුධිරය හරහා ගලා එන ප්‍රමාණයට වඩා අඩු වුවහොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ බසී.

ව්‍යායාමය හා ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන්[සංස්කරණය]

ව්‍යායාමය රෝගීන්‍ට හිතකර වුවද එය නියමිත පාලනයකින් තොරව සිදු කළ හොත් අතුරු ආබාධ ඇතිවිය හැක. එනිසා ව්‍යායාමයට පෙර මනා සැලැස්මක් අවශ්‍ය වේ. එවැනි අතුරු ඇබාධ ආකාරයකි,"හයිපොග්ලයිසීමියාව"

හයිපොග්ලයිසීමියාව[සංස්කරණය]

මෙහිදී සිදු වන්නේ සීනි මට්ටම පමණට වඩා පහළ බැසීමය.මෙහිදී රෝග ලක්ෂණ පහළ වීම ව්‍යායාමයේ කාලය අනුවත්. යොදා ගන්නා ව්‍යායාම වර්ගය අනුවත්වෙනස් විය හැක. ව්‍යායාමයේ යෙදෙන වේලාවේ හෝ ඉන් පැය 12ක් අතරතුර කාලයේදි ඇති වීමට පුළුවන.

හයිපොග්ලයිසීමියා‍වේ රෝග ලක්ෂණ[සංස්කරණය]

රෝගියාට,

  • ඇඟ වෙව්ලීම
  • ඇඟ සීතල කිරීම
  • දහඩිය දැමීම
  • ශරීරික අප්‍රොණිකතාව
  • අධික කුසගින්න
  • හිසරද
  • ඇස් පෙනුම බොඳ වීම
  • කරකැවිල්ල
  • බඩේ කැක්කුම
  • ඔක්කාරය දැනෙනු ඇත.

අවට සිටින අයට,

  • නුරුස්සන ගතිය
  • සිහි මද ගතිය
  • සුදුමැළි බව
  • ක්‍රියාකාරීත්වය අඩපණ වීම පෙනෙනු ඇත.
මෙවැනි අවස්ථාවක රෝගියාට ලබා දිය හැකි ප්‍රථිකාර[සංස්කරණය]
  • සීනි තේ හැඳි 2ක්(10ml) වතුරේ හොඳින් දියකර පානය කිරීම
  • පලතුරු යුෂ 125ml ක්(උදාඃ අඹ,අන්නාසි වැනි) පානය කිරීම
  • බෝතල් කළ සිසිල් බීම 125ml පානය කිරීම
  • මේ තත්ත්වයෙන් මිදීමට

ව්‍යායාමයෙන් පෙර හා පසුව ව්‍යායාමයේ ප්‍රමාණය හා ප්‍රභේදය අනුව වැඩිපුර ආහාර ගත යුතුය. එසේ අඩු ඉන්සියුලින් ප්‍රමාණයක් ගත යුතුය.පිහිනීම,බයිසිකල් පැදීම වැනි අසීරු ව්‍යායාම සඳහා වැඩි වශයෙන්ද, බිම සේදීම,වේගයෙන් ඇවිදිම, වත්තේ වැඩ කිරිම,වැනි මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම සඳහාද,සාප්පු සවාරි යෑම වැනි සුළු ව්‍යායාම සඳහාද වෙන් වෙන් වශයෙන් අමතර ආහාර ගැනීමෙන් හයිපොග්ලයිසීමියා තත්ත්වයෙන් මිදිය හැක.ආහාර හා පෙති මගින් පමණක් දියවැඩියාව පාලනය කරන රෝගීන් ‍බොහෝ විට තරබාරු සිරුරු ඇත්තෝ වෙති. ක්‍රමවත් පාලනයකින් ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අඩුකරගත හැක.එමගින් ලබා ගන්නා බෙහෙත් ප්‍රමාණයද අඩු කරගත හැක.සාමාන්‍යයෙන් බර අඩු කරගැනීම සඳහා කරන ව්‍යායාම සඳහා අමතර ආහාර අවශ්‍ය නොවේ.

සාරාංශය[සංස්කරණය]

දියවැඩියා රෝගියකු යනු,කායිකව මෙන්ම මානසිකවද විවිධ දුෂ්කරතා වලට පාත්‍රවන්නෙකි. ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ගේ සහය ලබා දීමෙන් සාමාන්‍ය ලෙස ජීවත් වීමට පිටුවහලක් ලැබේ.එදිනෙදා ජීවිතයේදී හමුවන එවැනි රෝගීන්ට කරුණාවෙන් යුක්තව සැලකිමෙන් ඔවුන් වෙනුවෙන් යම් කැප කිරීමක් කිරීමට ඔබත් පුරුදු වන්න. එය, ජීවිතය පුරාම යම් මානසික ආතතියකින් පීඩා විඳින, සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන දියවැඩියා රෝගියකු වෙනුවෙන් කළ හැකි සමාජ මෙහෙවරකි.

පිංතූර ගැලරිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දියවැඩියා_රෝගය&oldid=434332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි