දියවැඩියාවෙහි රෝග ලක්ෂණ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුනයි. මෙමගින් නිතර නිතර මුත්‍රා පිටවීම නිසා වරින්වර ජලය පානයට ගැනීම අවශ්‍ය වීම සහ කුසගින්න ඉහළයාමක් සිදුවෙයි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති විශේෂයෙන් කුඩා ළමුන්ට ඉහත කී රෝග ලක්ෂණ ඉක්මනින් ඇති වේ. කෙසේ නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට රෝග ලක්ෂණ මතුවීම පමාවන නමුත් ඇතැම් අවස්ථා වලදී තදින් රෝග ලක්ෂණ නොපෙන්වන අතර විටෙක රෝග ලක්ෂණ නොමැතිව වුවද දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වේ. පළමු වන වර්ගයේ දියවැඩියාවේ දී වේගවත් සහ කැපී පෙනෙන ලෙස බරෙහි අඩුවීමක් සිදුවන අතර ඇග පතෙහි තෙහෙට්ටුවද ඇති වේ. බර අඩුවීම හැරුණු කළ අනෙකුත් රෝග ලක්ෂණ සියල්ලක්ම පාලනය නොකල දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට අති විය හැකිය.

රුධිරයෙහි ග්ලුකොස් සාන්ද්‍රණය වකුගඩුවල ග්‍ලුකෝස්වල දේහලීය අගයට වඩා ඉහළ ගිය විට වකුගඩු වල අවිදුර සංවලිත නාලිකාවෙහි ග්ලුකොස් අවශෝෂණය අසම්පුර්ණ වන බැවින් මුත්‍රා සමග ග්ලුකෝස් පිට වේ. මුත්‍රා වල ආශ්‍රැතික පීඩනය ඉහළයාම නිසා වකුගඩු වලින් ජලය ප්‍රතිශෝෂණ කිරීම වැළකීමේන් මුත්‍රා නිෂ්පාදනය කිරීමේ වේගය වැඩි වන අතර සිරුරින් වැඩි වශයෙන් ජලය ඉවත් වෙයි. මෙලෙස ආශ්‍රැතිය නිසා සිරුරේ සෛල වලින් ඉවත් වන තරල පරිමාව මගින් විජලනය ඇති වීම වැළක්වීම සදහා අදාල රෝගියාට නිතරම පිපාසය ඇති වේ.

දිගුකාලීනව රුධිර ග්ලුකෝස් මට්‍ටම ඉහළයාම හේතුවෙන් ඇසෙහි අක්ෂි කාචය තුළට වැඩි ග්ලුකොස් ප්‍රමාණයක් අවශෝෂණය වීමෙන් එහි හැඩය වෙනස් වීමෙන් රෝගියාගේ දෘෂ්ටියෙහි වෙනස්කම් ඇති වේ. ඇස් පෙනීම බොදවීම දියවැඩියාව ඇති බවට හදුනා ගැනීම සදහා වඩාත් බහුලවම දක්නට ඇති රෝග ලක්ෂණයකි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් හට ඉතා ඉක්මනින් ඇස්පෙනීම දුර්වල වන අතර දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයගේ දෘෂ්ටිය පරිහානියට පත් වනුයේ ක්‍රම ක්‍රමයෙන් දිගුකාලයක් තුළදීය.

සාමාන්‍යයෙන් පළමුවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවය සමග මුල් වරට රෝගය ඇති බවට හදුනා‍ගැනේ. මෙහිදී අදාල රෝගියාගේ පරිවෘත්තීය ක්‍රියාවල අක්‍රමිකතාවයක් ඇති වන අතර රෝගියා හුස්ම ගැනීම වේගවත් හා ගැඹුරු එකක් වන අතර (Kussmaul breathing) හුස්ම වල ඇසිටෝන දුගදක් නිකුත් කරයි. තවද අධිකව මුත්‍රා පිටවීම, ඔක්කාරය, වමනය, උද‍රයෙහි වේදනාව සහ සිහිකල්පනාවෙහි වෙනස් වීම ඇති වේ. කීටෝන අම්ලතාවය වඩාත් දරුණු තත්ත්වයකට පත් වු විට එමගින් කෝමා තත්ත්වයක් ඇති විය හැකි අතර මරණයද ලගා කර දිය හැකිය. මෙය වහා ක්‍රියාත්මක වන පරිදි රෝගියා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.

මේ ආකාරයෙන්ම සමාන බැරෑරුම් තත්ත්වයක් වනුයේ කීටෝන මගින් ඇති නොවන රුධිරයෙහි ආස්‍රැතිය ඉහළයාම මගින් ඇති වන කෝමා තත්ත්වයයි. (Hyperosmolar nonketotic coma) මෙය දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් අතර බහුල වන අතර මෙය ප්‍රධානය ඇති වනුයේ සිරුරෙන් ජලය ඉවත් වීම නිසා ඇති වන විජලනය හේතුවෙනි. මෙහිදී රෝගියා අධිකව සීනි සාන්ද්‍රණයක් ඇති තරල වර්ග පානයට ගනු ලබන අතර විෂම චක්‍රයක් ආකාරයට සිරුරින් තවදුරටත් ජලය ඉවත් වේ.


දියවැඩියාව නිසි ලෙස පලනය නොකලේ නම් ඈතිවිය හැකි සංකූලතා 2කි.

               macro vascular හා micro vascular
 micro vascular
         ප්‍රධාන ව්යාධි 3 කි.එනම් අක්ෂි,ස්නායු හා වෘක්කීය යනුවෙනි.(ophthalmopathi,neuropathi and nepropathi)