දැල්පන්දු
දැල්පන්දු ක්‍රීඩාව,
ක්‍රීඩකයින් එකිනෙකා අතර කායික ස්පර්ශ සබඳතාවක් නොදක්වන පැසිපන්දු ක්‍රීඩාවට සමානකම් දක්වන හා එමගින් වර්ධනය වු සාමාන්‍යයෙන් ගෘහස්ථ වශයෙන් සැලකෙන ක්‍රීඩාවකි. මෙය සාමාන්‍යයෙන් කාන්තා ක්‍රීඩාවක් ලෙස සලකනු ලැබේ.1891 දී ඇමරිකාවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ උපදේශකයෙකු වන ආචාර්ය ජේම්ස් නේස්මිත් විසින් "කාන්තා බාස්කට්බෝල්" නමින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත. මෙය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවල ප්‍රධාන කාන්තා කණ්ඩායම් ක්‍රීඩාව බවට පත්වී ඇති අතර (නැරඹුම් ක්‍රීඩාවක් ලෙස හා සහභාගී ක්‍රීඩාවක් ලෙස) බටහිර ඉන්දිය දූපත් ,ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානියෙහි ඉතා ජනප්‍රිය වී ඇත.