දැදිගම

විකිපීඩියා වෙතින්

දැදිගම ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා නියෝජනය කළ ආසනය වේ.[1] ගම්මාන හයකින් සමන්විත නූතන දැදිගම ග්‍රාම නිලධාරි වසම වරකපොල ප්‍රා දේශීය මහ ලේකම් කාර්යාලය මගින් පාලන කටයුතු සිදුකෙරේ‍ .කදු,හෙල්,මිටියාවත් හා එක යායට පෙනෙන කෙත්වතු ආදියෙන් සමන්විත රමණීය භූමිප්‍ර දේශයකි. දැදිගම රජමහා විහාරය ගම්මානයට එක්කරන්නේ අතීත ශ්‍රී විභූතියේ හා නිර්මල බුදුදහමේ ඒකාත්මික අධ්‍යාත්මික ගමන්මග හරපද්ධතීන් පිලිබදවයි. දැදිගම ප්‍රාථමික විද්‍යාලයත්, දැදිගම පැරකුම්භා මහා විද්‍යාලයත් වසමේ අධ්‍යාත්මික හරපද්ධතීන් පෝෂණයේහිලා ක්‍රියාශීලිව කැපවී සිටියි. ආර්ථික සංවර්ධන නිලධාරි ලෙස රුවන් සංජීව වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර, තුෂාර ආරියසේන මහතා ග්‍රාම නිලධාරිවරයා වශයෙන් කටයුතු කරයි. මහා පරාක්‍රමභාහු නරෙන්ද්‍රයනණ්ගේ උපන්භූමිය වන දැදිගම අදටත් පවතින්නේ, එම ඓතිහාසික වටිනාකම් ලෝකයට දැක බලා ගැනීමේ ඉඩකඩ ලබාදෙමිනි. ඒ සූතිඝර සෑය හෙවත් කොටවෙහෙරයි. අනාදිමත් කාලයක සිට මුල්ගම්බිම් පදිංචිකරුවන් ලෙස උරුමකම් කියන ගම්වැසියන් තවමත් අතීත ශ්‍රී වි්භූතියක අභිමානය සහිතව ජීවත් වේ.

වැදගත් ස්ථාන[සංස්කරණය]

  • දැදිගම පොලීසිය
  • දැදිගම ආර්ථික සංවර්ධන නිලධාරි කාර්යාලය
  • දැදිගම ග්‍රාම නිලධාරි කාර්යාලය

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "1931 සිට අද දක්‌වා පවතින ඡන්ද කොට්‌ඨාස -24 දැදිගම". සම්ප්‍රවේශය 2015-08-11.
"https://si.wikipedia.org/w/index.php?title=දැදිගම&oldid=428038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි