ද්වාරය:Tibetan Buddhism

විකිපීඩියා වෙතින්

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!! ෴ ආනන්ද මහරහතන් වහන්සේ ෴

                     බුදුන් වදාල උතුම් ශ්‍රි සද්ධර්මය තම චිත්ත සන්තානයෙහි නොඅඩුව දරා ගනිමින් එය මතු පරම්පරාවට ලබාදීමට ප්‍රමුඛත්වය ගනිමින් කටයුතු කල ඒ අසහාය බුද්ධ පුත්‍රයන් වහන්සේ පිළිබඳ අප දැනගතයුතුමය. මෙවන් වු යතිවරයාණන් වහන්සේ නමකගේ ගුණස්කන්දය අප නොදෙන්නෙ නම්, අසුමහා ශ්‍රාවක ගුණ, මහතෙර වරු සතර නමගේ ගුණ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දෙනමගේ මෙන්ම ලොව්තුරා බුදු හිමියන්ගේ අපරිමිත ගුණයන් ගැන කෙසේ නම් අවබෝධ කරගන්නද? සර්වඥයන් වහන්සේගේ අනන්ත ගුණයන් පිළිබඳ යම් පමණකට වැටහීමක් ඇති කරගන්නටත්, උතුම් සඟ ගුණ කෙරෙහි වැටහීමක් ඇතිකරගන්නටත් මේ ලිපිය පිහිට කොට ගනිත්වා..!
    • ආනන්ද හිමියන්ගේ පාරමිතාව***

මින් කල්ප ලක්ෂයක් පෙර ආත්මයකදි පියමතුරා බුදු පාමුල සුමන නම් කුමාරයෙක්ව සිටි කාලයේ කල ප්‍රාර්ථනය පල දීමක් ලෙස ගෞතම බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක පදවිය ලැබුනේයැයි සාසන වංශය දක්වයි.

    • ආනන්ද කුමරු පැවිදි වීම***
 බෝසතාණන් වහන්සේගේ පිය මහාරජ වු සුදොවුන් රජුගේ මළණු කෙනෙකුන් වන අමිතෝදන යුව රජුගේ පුත්‍ර රත්නය වු අනඳ කුමරුවන්, ⁣සිදුුහත් තෙමේ බුදු වි පැමිණි කල්හි, භද්දිය, භගු, කිම්බිල, දේවදත්ත, අනුරුද්ධ යන කුමාරවරුද, උපාලිනම් කරණවෑමියාද බුදුරදුන් වෙත ගොස් පැවිදි බව ලැබීය.

පුණ්ණ මන්තානි පුත්ත තෙරුන්ගෙන් බණ අසා සොවාන් වු ආනන්ද තෙරුන් වහන්සේ එතැන් පටන් සමස්ත බුද්ධ ශාසනයෙහිම අතිශය වැදගත් භූමිකාවක් නිරුපණය කල සේක.

බුද්ධත්වයෙන් මුල් විසිවසර තුල බුදුන් වහන්සේට නිත්‍ය උපස්ථායකයෙකු නොසිටියේය. එහි විශාල අවශ්‍යතාවයක්ද නොතිබුනේ උන්වහන්සේගේ කටයුතු උන්වහන්සේටම කරගැනීමට එතරම් අහසුවක් නොවු හෙයිනි. එනමුදු එකල භාග්‍යවතූන් වහන්සේට උවැටැන් කිරීමට නාගසමාල, නාගික, උපවන, සාගත, සුනක්ඛත්ත, රාධ මේඝිය හා චුන්ද යනුවෙන් උපස්ථායක පදවිය ලැබු හිමිවරු විය. ඒ අතරින් බුදුන් වහන්සේ⁣ගේ පාත්‍ර පා, සිවුරු ආදිය මඟ දමා ගිය හිමිවරුද වෙති. බුදුහිමියන්ගේ වයස අවුරුදු පනස් පහෙදි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතමින් කියා සිටයේ තවදුරටත් තනියම කටයුතු කරගැනීමට යම් නිත්‍ය උපස්ථායකයෙකු අවශ්‍ය බවය, එහිදී අනඳ හිමියන් හැර අග්‍රසාවක හිමි දෙපලත් මහා තෙරවරුත් මේ සදහා ඉදිරිපත් වුවද භාග්‍යවතූන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරන ලද හෙයින් සෙසු භික්ෂුන් වහන්සේලා ආනන්ද හිමියන්ගෙන් මේ සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියෝය. එහිදි ආනන්ද හිමියන්ගෙ පිලිතුර වුයේ ඉල්ලා ලබාගන්නා තනතුරු වලින් පලක් නොවන බවත් බුදුරදුනට අවශ්‍ය නම් තමන් වහන්සේ තෝරා ගනු ඇති බවත්ය. පෙර භව ප්‍රාර්ථනයත්, පිරු පාරමි බලයත් නුවණින් දක්නා භාග්‍යවතූන් වහන්සේම ආනන්ද හිමියන්ව මේ තනතුරට පත් කරන ලද සේක.

    • ආනන්ද හිමියන්ට හිමිවු තනතුරු***
  ආනන්ද හිමියන් සම්බුදු සසුනෙහි වැඩිම තනතුරු ලාභියා යැයි සඳහන් කිරීම අතිශය සාධාරණ කරුණකි. ඒ අතරින් ධර්ම භාන්ඩාගාරික තනතුර ඉතා බැරැරුම් හා භාරදූරවූත් අතිශය දුෂ්කරවූත් අනෙක් රහත්  හිමිවරුන්ට පවා අපහසු කාර්ය්‍යයක් වූවකි. එබැවින් මෙකරුනිනුද ආනන්ද හිමියන් සුවිශේෂී වන්නේය. උන්වහන්සේ හට පිහිටියා වූ සෝවාන් තත්වයද අන් කවරෙකුටත් නොපිහිටියා වූද අතිශය විශේෂ අභිඥ්ඥා සහිත සෝවාන් ඵලයකි. රහත් නොවුවද උන්වහන්සේට සියුපිළිසිඹියා (අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාණ  ) ඥාණය පිහිටා තිබීමද විශේෂ කාරණයකි.

භාග්‍යවතූන් වහන්සේ වදාරණ එක් වචනයක් වෙනුවෙන් මල් දමක් ⁣ගෙතනාකාරයෙන් වචන සැටදහසක් සාදා ගැනීමේ විශ්මිත හැකිවක්ද ආනන්ද හිමියන් කෙරෙහි පිහිටියේය. මේ අතර බෙෘද්ධ අප කාහටත් උරුම වු බුදුහිමියන්ගේ සියලු ධර්ම දේශණාවන් මතකයේ තබාගෙන නැවත ඒ ආකාරයෙන්ම දේශණා කිරිමේ අසාමාන්‍ය හැකියාව සුවිශේෂ වෙයි. ධර්ම භාණ්ඩාගාරික පදවිය හිමි වීමට හේතුවු කාරණය වන්නෙ මේ අසාමාන්‍ය හැකියාවයි. අග්‍ර උපස්ථායක තනතුර ඉතා ගෞරවයෙන් පිළිගත් ආනන්ද හිමියන් එම තනතුරෙහි කටයුතු කරන්නට නම් අයාචනාවර හතරක්ද,ප්‍රතික්ෂේපවර හතරක්ද වශයෙන් කොන්දේසි අටක් ඉදිරිපත් කලේය, ඒවා මෙසේය,

🌷.ආයචනාවර හතර

1.තමන් වහන්සේ පිලිගත් දානාදි නිමන්ත්‍රණ වලට භාග්‍යවතූන් වහන්සේ වැඩිය යුතුය.

2. භාග්‍යවතූන් වහන්සේ මුණගැසීමට යමෙකු ආ විට හේ භාග්‍යවතූන් වහන්සේ ලඟට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුය.

3. තමාට සැකයක් පහළ වු ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ විමසා බැලීමට භාග්‍යවතූන් වහන්සේ ලගට යාමට අවසර තිබිය යුතුය.

4. තමන් නැති විටකදී බුදුන්වහන්සේ දේශණා කළ ධර්ම කොටස් තමන්ට දේශණා කළ යුතුය. යනුයි.

🌷. ප්‍රතික්ෂේපවර හතර.

1. භාග්‍යවතූන් වහන්සේ ලත් වටිනා සිවුරු පිරිකරාදිය තමන් වහන්සේට නොදිය යුතුය.

2. භාග්‍යවතූන් වහන්සේට ලැබෙන වටිනා බොජුන් ,දානාදිය තමන්ට නොදිය යුතුය.

3. බුදුන්වහන්සේ සමඟ එකට එක් කුටියෙහි විසීමට ඉඩ නොදිය යුතුය.

4. තමන්ට ආරාධනා ලැබෙන නිමන්ත්‍රණ වලට බුදුන්වහන්සේ වැඩිය යුතුය. යනුයි,

යට කී ආයාචනා සහා ප්‍රතික්ෂේප වර සතර දෙස නුවණින් විමසා බැලීමේදි, උන්වහන්සේ තුල තථාගතයාණන් වහන්සේ පිළිබඳ වු අපරිමිත ශ්‍රද්ධාවත්, ගෞරව භක්තියත් මනාව පැහැදිලි වන්නේය. මින් පෙර බුදු රදුන්හට උපස්ථාන කල සෝණකොටිකණ්ණ හිමියන් බුදුහිමියන්ගේ ගන්ඳ කුටියෙහි බුදු හිමියන් සමඟ එකට විසුහ. නමුත් ආනන්ද හිමියන් එම අවස්ථාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නින්දේදි හෝ බුදුන්ට පිටු පෑමට වීනම් සිදුවිය හැකි හානීය පිළිබඳ දන්නා නිසාමය. රුවන් වැලි සෑයට පිටුපා නිදාගත් කාන්තාවක ප්‍රේත උප්පත්තියක් ලද කතා පුවතක් ඔබ අසා ඇති.ඒ ලෙස සැලකීමේදී ජීවමාන බුදුන්හට පිටුපා නිදාගැනීම කෙතරම් බරපතල කරුණක් දැයි වටහා ගැනීම පහසුවනු ඇත. තවද එනයින් දත යුතු කරුණක් වන්නේ බුදු හිමයන්න්කගේ කුටියෙහිම නිදාගත් සෝණකුටිකණ්ණ හිමියන් කෙතරම් බුදුන්වහන්සේ ලඟම දැවටෙමින් උවැටැන් කලද, බණ ඇසූවද පෘතජ්ජන කාල ක්‍රියාවෙන්ම කාලක්‍රියා කිරිමෙන්ම පසක් වනු ඇත.

 ආනන්ද තෙරුන් පිළිබඳ ප්‍රකට කතා පුවතක්ද ඇත. ඒ සැඩොල් කුල තරුණියක තම මව සමඟ එකතුවි මන්ත්‍ර බලයෙන් තම වසඟයට ගැනීමට දරණා උත්සහයක් ගැන කියැවෙන කතා පුවතයි.  

ආනන්ද හිමියන් බුදුරදුන් වෙනුවෙන් තම දිවියම පුජා කිරීමට පවා සුදානම්ව සිටි උත්තමයෙකි. එ බව ප්‍රකට වු අවස්ථාව ලෙස දේවදත්තයන් විසින් සුරාවෙන් මත් කොට බුදුන් මැරීම අරමුණු කරගනිමින් එවන ලද නාලාගිරි ඇතාත් බුදුරජාණන් වහන්සේත් මැද සිටගෙන "බුදුන්ට පෙර මාව නසාව"යි කිිිිිිිියමින් කල වීරක්‍රියාව දැක්විය හැක. එකල්හි බුදුන් වහන්සේ විසින් ඍධියෙන් ආපස්සට ගත් සේක. මෙකරුණිනුද ආනන්ද හිමියන්ගෙ බලවත් වු බුදු ගෞරවය මොනවට පැහැදිලි වෙයි.

    • ආනන්ද හිමියන් වෙත පැවති අග්‍රස්ථාන***
   1. බහුඍතානං අග්ගො.

භාග්‍යවතූන් වහන්සේගේ ධර්මය බොහෝ ඇසුපිරු බහුශ්‍රැත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රය.

  2. සතිමන්තානං අග්ගො.

ඇසුපිරු ධර්මය මනා වු සිහියෙන් යුතුව ධාරණය කරන්නන් අතර අග්‍රය බුදුන් වහනසේට උපස්ථාන කිරිමේසි කිසිඳු වෙනසකින් තොරව නිසි කලට වේලාවට එම කටයුතු සිදුකරන ලදි.

  3. ගති මන්තානං අග්ගො.
 ඤාණගති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රය. එක වදනයක් ඇසුරින් ඉකා ඉක්මනින් වචන සැටදහසක් ගොතාගනී.
 4. මෟති මන්තානං අග්ගො.
 මහා වීර්යයෙන් යුතුව සියලු ධර්මය මතක තබා ගන්නන් අතර අග්‍රය.

5. උපට්ඨානකං අග්ගො. සියලු උපස්ථායකයින් අතරින් අග්‍රය. බුදුන් වහන්සේ ගදකිලියෙහි සැතපෙන අවස්ථාවේ හුළු අත්තක් ගෙන ඒ වටා පැදකුණු කරමින් නිදි වර්දිතව භාග්‍යවතූන් වහන්සේ පිළිබඳ තොරතුරු සොයා බලයි. තවද උනු පැන්, ඇල් පැන්, මධ්‍යස්ත පැන්, ආදයත්, දිග, කෙටි, මධ්‍යම ප්‍රමාණයේ දැහැටි සපයමින්ද අත්‍යයන්ත ගෞරවාදරයකින් යුතුව බුදුන් වහන්සේට උන්වහන්සේ උපස්ථාන කර ඇත. සම්බුදු පරිනිර්වාණය වන තෙක්ම සොවාන් පලයෙහිම සිටි ආනන්ද හිමියන්ගෙ සොවාන් තත්වයද ඉතා සුවිශේෂී තත්වයක් බව අපි ඉහත සාකච්ඡා කලෙමු. ඒ අතර සිව්පිළිසිඹියාපත් වීම, භාග්‍යවතූන් වහන්සේ දේශණා කළ ධර්ම දේශණා එලෙසින්ම පාඩමින් මතකයේ තබා ගැනීම, රහත් නොවීම අග්‍රස්ථාන පහක් හිමි වීම, යන කරුණු සුවිශේෂී වන්නේය. ඒ තරම් තනතුරු ලාභියෙකු වුවත් උන්වහන්සේ තුල පැවැති නිහතමානිත්වය අගය කල යුත්තකි. පළමු ධර්ම සංගායනාව වන විටත් රහත් නොවි සිටි අනඳ මාහිමිපාණන් කැඳවු මහා කාෂ්‍යප මහරහතන් වහන්සේ "ඇවැත්නි ආනන්ද තොප මුලු ධර්මයම දරන්නේය, එනමුත් තවමත් රහත් නොවුයෙන් හෙට පැවැත්වීමට නියමිත සංගායනාවට සහභාගි විය නොහැක්කේය. එබැවින් වහ වහ වීර්යය වඩා සව් කෙලෙමුන් නසා උතුම් වු අර්හත්වය ලබනු" යැයි පැවසු කල්හි ඒ අවවාද හිම් මුදුනින් ගෙන රැය පහන් වනතුරුම සක්මනින් භාවනා කලද ප්‍රතිපල නොලද හෙයින් අලුයම් වෙලෙහි පා දොවා මදක් විවේක ගැනීම අරමුණු කරගනිමින් යහන වෙත ගොස් සයනයෙහි සෑත තබා හිස කොට්ටය වෙත පහත් කරමින් එක් පාදයක් ඔසවා ඉතිරි පාදය ඔසවත්ම රහත් බැව් ලැබීය.එම ඉරියව්වෙන් රහත් වු එකම රහතන් වහන්සේ ආනන්ද හිමියන් වීමද විශේෂත්වයකි. එකෙනෙහිම පොලවෙහි කිමිදි ධර්මාසනය ඉදිරියෙන් මතුවි රැස්ව සිටි මහා සංඝයා වෙත තම රහත් බව ඔප්පු කල සේක්. මුලුමහත් ධර්මයම දරන්නේ ආනන්ද හිමියන් බැවින් විසර්ජන(ප්‍රශ්න වලට පිලිතුරු දෙන) තෙරුන් ලෙස කටයුතු කලේ ආනන්ද හිමියන් විසිනි.එම සංගායනාවට සහාභාගි වු අනෙක් රහතන් වහන්සේලා උන්වහන්සේලා සිව්පිළිසිඹියාපත් ෂඩ් අභිඥ්ඥා සහිත මහා ප්‍රාඥයින් විය.උන්වහන්සේලාගෙන් ලැබෙන සියලු ප්‍රශ්න වලට නොපැකිලවත්, නිවැරැදි ලෙසත් බුදුන් වදාල ලෙසටම දේශණා කරණු ලැබුවා එය දුටු එක්තරා දේවතාවක් "මේ විජිනි පතට මුවාවි භාග්‍යවතූන් වහන්සේ ලෙසින්ම ධර්මය දේශණා කරන ආනන්ද හිමියන් සර්වඥත්වයට පත් වීසා්යි සැක කලහ. රය ඍධියෙන් දුටු ආනන්ද මාහිමිපාණන් "එවං මේසුතං ඒකං සමයං භගවා" ඒ භාග්‍යවත් අරිහත් බුදුන්වහන්සේගෙන් අසා දැන ගත් ධර්මය" ලෙසින් ආරම්භ කොට දේශණා කරන්නට යෙදුනි. එයද ආනන්ද හිමියන්ගේ මහඟු නිහතමානි ලක්ෂණකි. ප්‍රථම ධර්ම සංගීතීයෙන් පසු උන්වහන්සේට විවිධ දෝදනා එල්ල වුවද ඒවා උපේක්ෂාවෙන් යුතුව විසඳීමට උන්වහන්සේ කටයුතු කරන ලදහ.

    • ආනන්ද හිමියන් වෙත නැඟු විවිධ චෝදනා***

🌺. කුඩා අනුකුඩා සික පද කවරේද? යන්න බුදුන්ගෙන් නොවිචාරීම.

🌺. බුදුන්වහන්සේ වෙනුවෙන් මැසු වැසි සලුවක් පයින් පාගාගෙන මැසීම. 🌺. පිරිනිවන් පා වදාල ශ්‍රි බුද්ධ දේහය පළමු කොට ස්ත්‍රීන් ලවා වැන්දවීම. 🌺. ආයුෂ කල්පයක් ආයු වලදා සිටින ලෙස බුදුන්වහන්සේගෙන් ඉල්ලා නොසිටීම. 🌺. ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට කටයුතු කිරීම.

ඒ අතර වේ, ඒ සෑම චෝදනාවක්ම උන්වහන්සේ විසින් ඉතා විශිෂ්ට ලෙස නිරාකරණය කලහ. එමෙන්ම උන්වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුත් පෙර කල වතාවත් ජීවමාන බුද්ධ සංඥාවෙන් යුතුව දෛනිකව කිරිමත් උන්වහන්සේ තුල පැවැතියාවු අපමණ බුද්ධ ගෞරවය පිළිඹිබු වන තවත් වැදගත් කරුණකි. ස්ත්‍රීන් වෙනුවෙන් මෙහෙණි සස්න පිහිටුවීම, බෝධි වන්දනාව හඳුන්වා දීම සහා අද අප මේ ඉටු කරන බුද්ධ පූජාව, බෝධි පූජාව අදි ආමිස පූජාවන් බොහොමයක මූලාරම්භකයානන් වහන්සේත් ආනන්ද හිමියන්ම වේ.

    මේ දක්වා නොවෙනස්ව අපට මේ දහම උරුම කරන්නට ආනන්ද හිමියන් කටයුතු කල බව ඉඳුරාම පසක් වන කරුණකි. තථාගත පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවු තැන වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලාගේ දස අකැප මුල්කරගන්මින් පැවැත්වු දෙවන ධර්ම සංගායනාවේදිද  මූලිකක්වය  ගෙන කටයුතු කරනු ලැබුවේ අනඳ හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවයි. කාලාවශෝක රජුගේ රාජ අනුග්‍රහය යටතේ පැවති එම සංගයනාවේ ප්‍රමුඛත්වය ගනිමින් කටයුතු කරන ලද්දේ, සබ්බකාමි, සාළ්හ, රේවත, බුජ්ජ සෝභිත, කාකණ්ඩපුත්ත යස, සහස්සි සම්භූත යන තෙරවරුන් විසිනි. ඒ අනූව සිතා බැලීමේදි අදටත් අප මේ පරිශිලනය කරන සදහම් කරුණු පොත පත, ආදී සියල්ලකටම හේතු වූයේ ආනන්ද හිමියන් විසින් අතිමහත්  වෙර වීර්යයක් යොදා කට පාඩම් කල ඒ තථාගත ධර්මය බව දත යුතුය.

ආනන්ද මහරහතන් වහන්සේ බුදු සසුනෙ පැවැත්ම උදෙසා සිදුකල සාසනික මෙහෙවර අනූව යමින් අපත් බුදුන් වදාල එක් ගථාවක් හෝ තේරුම් සහිතව කට පාඩම් කර ගනිමු. එය සිතන තරම් පහසු නොවනු ඇත. අපට එක් ගාතාවක් පාඩම් කරන්නට එතරම් කාලයක් වෙහෙසක් දැනෙන්නේ යම් ලෙසකින්ද ඒ අනූව මොහොතක් සිතා බලන්න අසුහාරදහසක්වු ධර්මස්කන්දයක් ඇසෙන සැනින් මතක තබා ගැනීම කෙතරම් ආශ්චර්යජනකද? එවන් ආශ්චර්යජනක පරපුරකින් පැවත එන අති උතුම් සංඝ රත්නය කෙරෙහි කිසි විටකත් අහිතක් නොසිතන්න අරිය උපවාදය යනු බොහෝකල් නිරයන්හි පැසෙන්නට තරම් පාපයකි. උතුම් සඝ ගුණ වැටහේවා!!! තෙරුවන් සරණයි !!!

සමන් ජයරත්න - රජතලාව ..

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Tibetan_Buddhism&oldid=473127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි